ඉන්දියාව සමඟ T20 තරගාවලියට නව නායකත්වයක් යටතේ සංචිතයක්!

India Tour of Sri Lanka 2024

6

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

පසුගිය දා වනිඳු හසරංග විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකත්වයට සමු දීමෙන් පසුව නව නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබෙනවා. 

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ඇන්ජලෝ මැතිව්ස්, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා සහ ඩිල්ශාන් මදුශංක යන ක්‍රීඩකයින් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල් සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර තිබෙනවා. 

එමෙන්ම නිමා වූ LPL තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ද මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා සංචිතය: 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේශ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු  

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය එළඹෙන 27, 28 සහ 30 යන දින වල පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<