Warne-Murali ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Australia tour of Sri Lanka 2025

41

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. 

ආබාධ තත්වයක් නිසා තරගාවලිය අවිනිශ්චිතව සිටි ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් එම 18 දෙනාගේ සංචිතයට ඇතුළත් කර තිබෙන අතර සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ධනංජය ද සිල්වා හටයි. 

එමෙන්ම මෑත කාලයේ දේශීය තරග පිටියෙහි ඉහළ දස්කම් අතර සිටින සොනාල් දිනූෂ සහ කඩුලු රකින ක්‍රීඩක ලහිරු උදාර මෙම ටෙස්ට් සංචිතය සඳහා කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ දී සංචිතය නියෝජනය කළ ලසිත් ඇඹුල්දෙනිය මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර ඔහුගේ ස්ථානය හිමිව ඇත්තේ ජෙෆ්‍රි වැන්ඩසේ හටයි.  

දෙරට අතර පළමු තරගය ජනවාරි මස 29 සිට පෙබරවාරි මස 02 දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙන අතර දෙවැනි තරගය පෙබරවාරි 06 සිට 10 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.  

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය, 

ධනංජය ද සිල්වා (නායක) , පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රබාත් ජයසූරිය, නිශාන් පීරිස්, ජෙෆ්‍රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක.  

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<