කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.
ශ්‍රී ලංකාව හොන්ග් කොන්ග් සමඟ අද සටනට
චීනයට දෙවැනි වෙමින් පළමු වටය අවසන් කල ශ්‍රී ලංකා කණ්ඩායමට කොළඹ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ තුන්වන අදියරේ අවසන් පූර්ව තරගයේදී ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන හොං කොං කණ්ඩායම සමගින් තරග වැදීමට සිදු වනු ඇත.
මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් චීන තායිපේ කණ්ඩායම ලකුණු 26 – 07ක් ලෙස පරාජය කලේ මන්දගාමී වුවත් සාර්ථක ආරම්භයක් සමඟිනි. අනතුරුව සිංගප්පූරුවට එරෙහිව ලකුණු 66 – 00 ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම මානසික ශක්තිය ගොඩ නගා ගන්නට සමත් විය. නමුත් B කාණ්ඩයේ ප්‍රමුඛයන් තේරීම සඳහා චීනය සමඟ කල සටනේදී ඔවුන්ට අත් වූයේ පරාජයක්.
සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාව යලිත් වරක් හොං කොං අභියෝගය හමුවට
යාපනයේ අනීතාගෙන් නව වාර්තාවක්
පාසල් ක්‍රීඩකයින් 5000ක සහභාගීත්වයත් සමඟින් ඉකුත් 13 වනදා ආරම්භ වුනු 32 වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලෙහි තෙවන දිනය ඊයේ (15) ආරම්භ විය. ඊයේ දිනය තුලදීත් තීරණාත්මක අවසන් තරග කිහිපක්ම පැවැත්වීමට නියමිතව තිබු හෙයින් ඊයේ දිනය පෙර දිනයන්ට වඩා ක්‍රීඩකයින්ට කාර්යබහුල දිනයක් විය. තෙවන දිනයේ ආරම්භය සනිටුහන් කරමින් වයස අවුරුදු 21 පහල බාලක යගුලිය විසි කිරීමේ අවසන් තරගය ආරම්භ විය.
ඊයේ දිනයේදී නව වාර්තා දෙකක් බිහි වු අතර එයින් පළමු වාර්තාව වන්නේ වයස අවුරුදු 21න් පහළ බාලිකා රිටි පැනීම ඉසව්වෙන් යාපනය මහජන විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන ජේ. අනීතා, මීටර් 3.17ක් ලෙස පැවති පැරණි වාර්තාව මීටර් 3.30ක උසක් වාර්තා කරමින් බිඳ දැමීමට සමත් වීමයි.
ඊයේ දිනයේ බිහි වූ දෙවන වාර්තාව වන්නේ වයස අවුරුදු 15න් පහල මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්වෙන් මහනුවර බෙරවට්ස් විද්‍යාලයේ ඒ. අනුරාධ ශ්‍රීමාල් විසින් පිහිට වූ වාර්තාවයි. ඔහු විසින් වාර්තා කල කාලය තත්පර 13.6ක්. ඔහු විසින් බිඳ දැමුවේ 2004 වර්ෂයේදී තබා තිබුනු තත්පර 13.73ක වාර්තාවකි.
සම්පූර්ණ ලිපිය: තෙවන දිනය නිමාවන විට නව වාර්තා දෙකක්
අනිශ්කගෙන් ශතකයක්
වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරය යටතේ ඊයේ (15) තරග කිහිපයක්ම නිමාවට පත්වූ අතර ඉන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. අනෙක් තරග නිමාවූයේ ජය පරාජයෙන් තොරවයි.
සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 290 (පන්දුවාර 62) අනිෂ්ක පෙරේරා 100, ශලිත් ප්‍රනාන්දු 77, ලක්ෂින රොද්‍රිගෝ 68*, සචිඳු කොළඹගේ 2/22.
මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 62) ලසිත් කෲස්පුල්ලේ 43, රවිඳු ප්‍රනාන්දු 36, හෂාන් ප්‍රනාන්දු 32, මොහොමඩ් අමීන් 5/35, චතුර උදේශ් 2/38.
මාරිස්ටෙලා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 44.4) ලසිත් කෲස්පුල්ලේ 44, සචිඳු කොළඹගේ 33, මනීෂ සිල්වා 27, කෙවින් පෙරේරා 25, චතුර ඔබේසේකර 3/72, මොහොමඩ් අමීන් 4/39.
සාන්ත පීතර විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 29 (පන්දුවාර 4.2) සන්තුෂ් ගුණතිලක 16*, අනිෂ්ක පෙරේරා 12*.
රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 58.4) ගනිත් සන්දීප 52, කවිඳු චතුරංග 40, හිමේෂ රාමනායක 37, රිෂිකන් රවින්ද්‍රනාදන් 28, රෙෂාන් කවින්ද 4/37, කවිඳු එදිරිවීර 3/64.
මහින්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 45.4) රවිඳු හංසික 87, කවිඳු එදිරිවීර 24, හිමේෂ් රාමනායක 2/28, ගෝතම විශ්වජිත් 5/49.
රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 9ක් දැවී ලකුණු 101 (පන්දුවාර 35.4) රිෂිකන් රවින්ද්‍රනාදන් 21, ප්‍රගීත් මලින්ත 3/14, ප්‍රමීත් හංසික 3/31, කවිඳු එදිරිවීර 3/37.
මහින්ද විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 2.2)
සම්පූර්ණ ලිපිය: අනිෂ්කගේ ශතකය සාන්ත පීතර විද්‍යාලයට ජය ගෙනෙයි
MAS යුනිචෙලා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් වටයට
ශ්‍රී ලංකා වෙලඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් පූර්ව වටයේ තරග දෙක ඊයේ (15) මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේදී සහ කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාපිටියේදි පැවැත්විය. එහිදි ඩිමෝ ආයතන කණ්ඩායම පරාදවා MAS යුනිචෙලා කණ්ඩායමද, ජෝන් කීල්ස් ආයතන කණ්ඩායම පරාජය කරමින් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමත් අවසන් වටයට අසුන් වෙන් කරගැනීමට සමත් විය.
MAS යුනිචෙලා – 349/6 (50): එම්. උඩවත්ත 134, ටී. එම්. ඩිලාෂාන් 59, සී. සිල්වා 71
ඩිමෝ – 154/10 (29.3): එන්. ටී. ගමගේ 37, පී. තරංග 33, එම්. ඩිලාෂාන් 3/34, එම්. ඩී. කේ. පෙරේරා 3/20, සී. බණ්ඩාර 2/23
කොමර්ෂල් ක්‍රෙඩිට් – 254 (48.3) අෂාන් ප්‍රියංජන 61, උපුල් තරංග 52, දිල්හාන් කුරේ 33, ඉමේෂ් උදයංග 31, චතුරංග ද සිල්වා 27, ඉෂාන් ජයරත්න 4/60, විකුම් බණ්ඩාර 2/38, මධුක ලියනපතිරණ 2/44
ජෝන් කීල්ස් – 224 (45.4) භානුක රාජපක්ෂ 71, මනෝජ් සරත්චන්ද්‍ර 42, සුරාජ් රන්දීව් 2/43, චතුරංග ද සිල්වා මහතා 2/40, ෂෙහාන් ජයසූරිය 2/40