කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කණ්ඩායම් 3ක් අපරාජිතයි
47 වැනි වෙළඳසේවා සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භය ඊයේ (21) සනිටුහන් වූ අතර එහි වත්මන් ශූරයින් වන ඇක්සස් කණ්ඩායම සහ ඩයලොග්, මාස් යන කණ්ඩායම් දිනය පුරාවට අපරාජිත වනු දක්නට ලැබුණි. තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේදී යි.
දිනයේ කැපීපෙනෙන ලකුණු පරතරයන් සහිත තරග ලෙස ක්ලෝව්ටෙල් (52) සහ NOR ලංකා (00) අතර තරගයත්, ක්ලැසික් ට්‍රැවල් (57) ට එරෙහිව NOR ලංකා (00) අතර තරගයත් දැකගත හැකි විය. ඒ තරග දෙකේදීම පරාජිත අන්තය හිමිවුණේ NOR ලංකා ආයතනයටයි.
සම්පූර්ණ වාර්තාව: ඩයලොග්, මාස්, ඇක්සස් අපරාජිතව ඉදිරියට
ධනුෂ්ක ගුණතිලක 74
එළඹෙන 26 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා පෙර සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින පුහුණු තරගය ඊයේ (21) කොළඹ CCC පිටියේ දී ආරම්භ විය. එහි දී ඉන්දීය දඟපන්දු යවන්නන් ඉතාමත් ඉක්මනින් තණතිල්ලේ හැසිරීම වටහා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ව ලකුණු 200කටත් අඩුවෙන් සීමා කිරීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා සභාපතිගේ පිළ – සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 55.5): ධනුෂ්ක ගුණතිලක 74, ලහිරු තිරිමාන්න 59, රොෂේන් සිල්වා 29*, සඳුන් වීරක්කොඩි 10, කුල්දීප් යාදෙව් 4/14, රවීන්ද්‍ර ජඩේජා 3/31.
ඉන්දියානු පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 135 (පන්දුවාර 30): කේ. එල්. රාහුල් 54, විරාත් කෝලි 34*, අජින්ක්‍යා රහානේ 30*, චෙටෙස්වර් පුජාරා 12, විශ්ව ප්‍රනාන්දු 2/21.
සම්පූර්ණ වාර්තාව: නවක ඉන්දීය දඟයෙකුගෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්!
BMS සහ සේජීස් අවසන් මහා තරගයට
Redbull ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Redbull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” අවසන් පූර්ව තරග ඊයේ (21) ක්‍රියාත්මක වූ අතර, එම තරග වලින් BMS කණ්ඩායම හා සේජිස් කැම්පස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
තර්ස්ටන් විදුහල – කඩුලු 9ක් දැවී 121 (පන්දුවාර 20): සවන ප්‍රභාශ් 31, නවෝද් සමරකෝන් 15, යොහාන් සචිත 14, ගෙශාන් විමලධර්ම 3/10, අමිල අපෝන්සු 3/17.
BMS – 126/4 (පන්දුවාර 15.1): සධීර සමරවික්‍රම 37, හශාන් දුමිඳු 30, ලහිරු මිලන්ත 15, අයේෂ් හර්ෂන 2/26
සේජිස් විශ්ව විද්‍යාලය – 234/6 (පන්දුවාර 20): චලන ද සිල්වා 54, චතුරංග කුමාර 41, දමිත් ප්‍රියදර්ශන 40, වරුණ දේශප්‍රිය 3/26.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය – 130/9 (පන්දුවාර 16.2): හර්ෂන විද්‍යාරත්න 27, කවිඳු අශාන් 22, වරුණ දේශප්‍රිය 22, මාලිංග ද සිල්වා 3/19.
සම්පූර්ණ වාර්තාව: BMS හා සේජිස් අවසන් සටනට
ජය පරාජයෙන් තොරයි
නැගෙනහිර පළාත හා ඌව පළාත අතර මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී 20 වැනි දා ආරම්භ වූ ක්‍රිකට් තරගය ඊයේ (21) ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය පැවැත්වූයේ අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියට සමගාමීවයි.
නැගෙනහිර පළාත පළමු ඉනිම – 384/9 dec (පන්දුවාර 73): සංජික රිද්ම 152*, රමිදු නික්ලේෂල 90, සචිත ජයතිලක 32, ප්‍රමුද් හෙට්ටිවත්ත 32, නිමේෂ් විමුක්ති 27, රමේෂ් නිමන්ත 22, හශාන් විමර්ශන 5/61, හර්ෂ රාජපක්ෂ 2/76.
ඌව පළාත් කණ්ඩායම පළමු ඉනිම – 193/9 (පන්දුවාර 69): හර්ෂ රාජපක්ෂ 43, ලිසුල ලක්ෂාන් 30, සමායි ගුණසේකර 29, කේ. තනුශන් 3/32, නිමේෂ් විමුක්ති 3/36.
සම්පූර්ණ වාර්තාව: වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරයි