ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

අසලංකගෙන් අර්ධ ශතකයක්

වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග දෙකෙන් ජයග්‍රහණ හිමිකර ගන්නට ඩිමෝ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් සමත්කම් දැක්වීය. අද දිනයේ ක්‍රියාත්මක වූ තරග දෙකේදීම අඩු ලකුණු සංඛ්‍යා වාර්තා වීම විශේෂත්වයකි.

ඩිමෝ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඇඟිල්ලේ ආබාධයකට ලක් විය. ආබාධය තරමක් බරපතල වන අතර සැත්කමකින් පසු මේ වනවිට ඔහු විවේක සුවයෙන් පසුවෙයි.

ටෙක්ස්ටඩ් ජර්සි සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 44.3): චරිත් අසලංක 75, රනේෂ් පෙරේරා 42, ඉශාර ප්‍රශාන් 4/37, තික්ෂිල ද සිල්වා 2/17, මතීෂ පෙරේරා 2/26.

ඩිමෝ කඩුලු 3ක් දැවී ලකුණු 177 (පන්දුවාර 32.4): හෂාන් දුමිඳු 87*, සුරංග ලක්මාල් 2/26.

MAS ඇක්ටිව් 97 (පන්දුවාර 20.5): ඇන්ඩි සොලමන් 24, ලහිරු ගමගේ 4/31, ලහිරු මධුසංක 5/31.

කොමර්ෂල් ක්‍රෙඩිට් කඩුලු 2ක් දැවී ලකුණු 98 (පන්දුවාර 19.1): අශාන් ප්‍රියන්ජන් 36*, දිල්හාන් කුරේ 36.

සම්පූර්ණ ලිපිය: පන්දු යවන්නන්ගේ දිනයේදී ඩිමෝ, කොමර්ෂල් ක්‍රෙඩිට් ජය ලබයි!


ආනන්ද විද්‍යාලයට ඉණිමක ජයක්

සිංගර් ආයතනය මගින් අනාගත ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් කිරීම සඳහා පාසල් මට්ටමින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහල අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තවත් තරඟ 3ක් ඊයේ (17)  නිමාවට පත්විය. මෙම තරඟ වලින් ආනන්ද, තර්ස්ටන් හා සාන්ත ජෝශප් යන විද්‍යාලය ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය.

ලකුණු සටහන

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – 118-10 (40.3) මහීම වීරකෝන් 39, ගිම්හාන් පෙරේරා 25, නිපුණ ලක්ෂාන් 5/33, තුෂාල් මදුසංක 2/24

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 270-5 dec (63.1) ප්‍රගීශ මෙන්ඩිස් 100*, සවන ප්‍රභාශ් 58, චරන නානායක්කාර 47, කසුන් අබේරත්න 41, ඩිල්ශාන් ද සිල්වා 2/94

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම -166-10 (61) මහීම වීරකෝන් 38, අවිශ්ක හසරින්ද 32, සවන ප්‍රභාශ් 3/18, තුෂාල් මදුසංක 3/55, නිපුණ ලක්ෂාන් 2/46

තර්ස්ටන් විද්‍යාලය දෙවන ඉණිම – 18-0 (1.2)

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – 241-09 dec (65.1) සුපුන් වරාගොඩ 51*,කවිශ්ක අංජුල 39, කවිදු ගිම්හාන 36, සහන් සුරවීර 32, කමේෂ් නිර්මාල් 27, ප්‍රගීත් මලින්ත 3/35

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – 133-07 (71) කේ. කෙවින් 52*, විනුර හිරන්ජිත් 42, සම්මු අශාන් 4/61

සාන්ත ජෝශප් කණ්ඩායම පළමු ඉණිම – 386-05 dec (63) දිනෙත් මදුරාවල 101*, ජෙහාන් ඩැනියල් 70, රීවන් කෙලී 69,  නිපුණ සුමනසිංහ 68, පහන් පෙරේරා 37, එන්.මුනික් 2/110, ජී. රතීශාන් 2/88

පැට්රික් විද්‍යාලය පළමු ඉණිම – 83-10 (40.5) ජේ.අනුජාන් 15, හරීන් කුරේ 5/13, ජෙහාන් ඩැනියල් 2/19

පැට්රික් විද්‍යාලය දෙවන ඉණිම (f/o) – 112-10 (43) පී.බර්ට්රික් 29, හරීන් කුරේ 6/18, හවින් පෙරේරා 2/40

දවසේ නිමාව