කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.
නාලන්ද – ධර්මාශෝක තරගය ජය පරාජයෙන් තොරයි
සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සමත් වූ අතර ධර්මාශෝක – නාලන්ද විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 39.4)
සඳරු නෙත්මිණ 46, නිපුන් ධනංජය 5/33, ආකාෂ් නානායක්කාර 4/32.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 70.5)
නිපුන් ධනංජය 54, ධනුෂ්ක නිරන්ජන් 42, හසිත ගිහාන් 30, යොහාන් පීරිස් 20, චරිත් හර්ෂණ 6/44, සඳරු නෙත්මිණ 2/40.
සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 178 (පන්දුවාර 64.2)
ඉසුරු උදයංග 57, සඳරු නෙත්සර 41, සුපුන් කවින්ද 21, ධනුෂ්ක නිරන්ජන් 5/31, ආකාෂ් නානායක්කාර 3/33.
ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 159 (පන්දුවාර 50.4)
හර්ෂජිත් රුෂාන් 52, මධුෂාන් හසරංග 4/17, සුහඟ විජේවර්ධන 2/16, උමේක්ෂ ඩිල්ශාන් 2/45.
නාලන්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 56.4)
මාලිංග අමරසිංහ 91, දසුන් සෙනවිරත්න 36, සුහඟ විජේවර්ධන 31, කළණ කප්‍රිය 23, කවිඳු මධුශාන් 4/80, හර්ෂජිත් රුෂාන් 3/39, නිමේෂ් මෙන්ඩිස් 2/24.
ධර්මාශෝක විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 123 (පන්දුවාර 29)
කවීෂ් කුමාර 35, සුහඟ විජේවර්ධන 2/25.
සම්පූර්ණ ලිපිය: නිපුන් – ආකාෂ් ජෝසප් වාස් විදුහලට ජය මාවත විවර කරයි
ජෝන් කීල්ස් ඩිමෝ කණ්ඩායම හමුවේ පරාජය වේ
වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ 20-20 තරඟයන් හි මූලික වටයේ තරඟ කිහිපයක්ම ඊයේ (26) ආරම්භ විය. මෙම තරඟ වලින් සම්පත් බැංකු කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම, ඩිමෝ කණ්ඩායම හා MAS යුනිචෙලා යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
HNB කණ්ඩායම – 168/8 (20): මින්හාජ් ජලීල් 68, මාධව වර්ණපුර 34, හසන්ත ප්‍රනාන්දු 3/25, නිමේෂ් භාග්‍ය 2/29
සම්පත් බැංකු කණ්ඩායම – 170/5 (19.2): දිනුක් වික්‍රමනායක 56*, ප්‍රමෝෂ් පෙරේරා 38, ජීවන් මෙන්ඩිස් 26, හසන්ත ප්‍රනාන්දු 22, විමුක්ති පෙරේරා 2/23
MAS ඇක්ටිව් – 144/09 (20): උදාර ජයසුන්දර 40, සචිත් පතිරණ 33, ටී. එම්. සම්පත් 33, ලහිරු මදුසංක 3/35, මලින්ද පුෂ්පකුමාර 2/12, අශාන් ප්‍රියන්ජන 2/27
කොමර්ෂල් ක්‍රෙඩිට් – 146/02 (18.2): අශාන් ප්‍රියන්ජන 54, ඩිල්හාන් කුරේ 47*, චතුරංග ද සිල්වා 2/25
ජෝන් කීල්ස් කණ්ඩායම – 117/10 (20): ශානුක දුලාජ් 52, නිසල් තාරුක 3/25, පුලින තරංග 3/20, හශේන් රාමනායක 2/25
ඩිමෝ කණ්ඩායම – 119/6 (18.3): නිපුන් කරුණානායක 44, රමේශ් මෙන්ඩිස් 39, භානුක රාජපක්ෂ 2/9
සම්පූර්ණ ලිපිය: ඩිමෝ කණ්ඩායමට කඩුලු 4ක තියුනු ජයක්