කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.
සමස්ත ශූරතාවයන් කොළඹට
දින 4ක් පුරා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු 47 වන ශ්‍රීමත් ජෝන් ටාබට් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නිමාවට පත් වූයේ සමස්ත ශූරතා දෙකම කොළඹට හිමි කර දෙමිනුයි. බාලක සමස්ත ශූරතාව කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය දිනා ගනිද්දී සමස්ථ බාලිකා ශූරතාව දිනා ගත්තේ කොළඹ කාන්තා විද්‍යාලයයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සන්දීපා හෙන්ඩර්සන් සම්මාන දිනා ගනිද්දී, හලාවත සාන්ත මරියා විදුහලේ මිලින්ද පෙරේරා දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.
වයස අවුරුදු 14න් පහල බාලිකා ශූරතාව
- ශූරතාව – ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – කොළඹ – ප්‍රසාද ලකුණු – 25
- අනුශූරතාව – ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය – කෑගල්ල – ප්‍රසාද ලකුණු – 20
- 3 වන ස්ථානය – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු 15
වයස අවුරුදු 14න් පහල බාලක ශූරතාව
- ශූරතාව – බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය – ප්‍රසාද ලකුණු – 30
- අනුශූරතාව – රක්වාන රත්නාලෝක මහා විද්‍යාලය – ප්‍රසාද ලකුණු – 27
- 3 වන ස්ථානය – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ප්‍රසාද ලකුණු – 22
වයස අවුරුදු 15 න් පහල බාලිකා ශූරතාව
- ශූරතාව – කාන්තා විද්‍යාලය – කොළඹ – ප්‍රසාද ලකුණු – 35
- අනුශූරතාව – රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල – ප්‍රසාද ලකුණු – 30
- 3 වන ස්ථානය – විහාරගල මහා විද්‍යාලය – ප්‍රසාද ලකුණු 27
වයස අවුරුදු 15 න් පහල බාලක ශූරතාව
- ශූරතාව – ශාන්ත බෙනඩික් විද්‍යාලය – කොටහේන – ප්‍රසාද ලකුණු – 35
- අනුශූරතාව – ශාන්ත මරියා විද්‍යාලය – හලාවත – ප්‍රසාද ලකුණු – 33
- 3 වන ස්ථානය – බෙරවෙස්ට් විද්‍යාලය – මහනුවර – ප්‍රසාද ලකුණු 31
සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න
තානුකගේ දඟ පන්දුවේ දස්කම්
වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25) පැවති තරග අතුරින් ලුම්බිණි විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර අනෙක් තරග ඊයේ ප්‍රථම දිනය සඳහා ක්‍රියාත්මක විය. සිල්වෙස්ටර් සහ මහානාම විද්‍යාලයේ දෙවැනි දිනයට වර්ෂාව හරස් වූ බැවින් තරගය ප්‍රතිඵල රහිත විය.
ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 47.4) විනු හේමාල් 33, රවිඳු සංජීව 31, අමිත දාබරේ 29, මදුරංග චන්ද්‍රරත්න 5/50, සිතුම් බණ්ඩාර 2/30, ඩිල්ශාන් ලක්ෂිත 2/38, රවින්ත ප්‍රභාෂ්වර 1/22.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 49.2) මලින්ද මූර්ති 24*, සිතුම් බණ්ඩාර 22, හේෂාන් ගුණවර්ධන 20, තානුක දාබරේ 6/34, විනූ හේමාල් 2/26.
ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 23) රවිඳු සංජීව 48, සිතුම් බණ්ඩාර 5/42, මධුරංග චන්ද්‍රරත්න 3/65.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 108 (පන්දුවාර 36.5) ධනංජය තම්මිට 42, සිතුම් බණ්ඩාර 27*, තානුක දාබරේ 2/47, කණිෂ්ක මධුවන්ත 4/40.
සම්පූර්ණ ලිපිය: ලුම්බිණි – අනුරාධපුර විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරයි
ප්‍රථම එක්දින තරගයේ ජය කොදෙව්වන්ට
රංගිරි දඹුලු ජාත්‍යන්තර පිටියේදී, සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර 24 වැනිදා ආරම්භ වූ පළමු නිල නොවන එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ (25), එම තරඟය අවසන් වූ තැන සිට ආරම්භ කල අතර එහිදී කොදෙව් කණ්ඩායම දැවැන්ත ලකුණු 165ක ජයක් ලබා ගැනීමට සමත් විය.
කොදෙව් A කණ්ඩායම – 267/06 (50) : කයිලේ හෝප් 81, ජේසන් මොහොමඩ් 58, රොවුමන් පවෙල් 55, අමිල අපෝන්සු 2/44
ශ්‍රී ලංකා A කණ්ඩායම – 102/10 (32.3): ශෙහාන් ජයසූරිය 24, ධනුෂ්ක ගුණතිලක 20, චරිත් අසලංක 17, ජෝන් ජැග්සර් 4/29, රැන්ස්ෆෝඩ් බීටන් 3/26
සම්පූර්ණ ලිපිය: වර්ෂාවට කොදෙව්වන් අභියෝග කරයි
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දේවප්‍රිය මහතාට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ත දේවප්‍රිය මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදි.