ගෙවුනු දවස: ඔක්තෝම්බර් 13 – දින දෙකකින් වාර්තා 26ක්

416

42වන ජාතික පාසල් උළෙලේ උස පැනීමෙන් රන් පදක්කම දිනාගත් සන්දීපා හෙන්ඩර්සන් ©ThePapare.comයුද හමුදා පැරා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම අංශයෙන් වාර්තාවක් පිහිටවූ කේ.ඩබ්.එම්.අජිත් ©ThePapare.comරිච්මන්ඩ් - නාලන්ද තරගයේ අවසන් දිනය අද ©ThePapare.comශ්‍රී ලංකා A සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට්

රිච්මන්ඩ් – නාලන්ද තරගයේ අවසන් දිනය අද

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ ඊයේ (13) පැවති පළමු කාණ්ඩයේ තරග අතුරින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් යන අපූරු තරගයක් බවට පත්ව තිබේ.

එබැවින් ජයග්‍රාහකයෙකු පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබන්නට අද (14) දිනය වනතුරු බලා සිටින්නට සිදුවේ. අද ප්‍රථම දිනයට ක්‍රියාත්මක වූ තවත් තරග ද කිහිපයකි. තවද ඉසිපතන විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයින් වන පැතුම් නිස්සංකගේ සහ සමිත් යසන්තගේ දක්ෂතා හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවීමට තිබූ තරගයක් ජයග්‍රහණයකින් කෙලවර කරන්නට ඉසිපතන විද්‍යාලය සමත් විය.

නමුත් සිංගර් පාසල් වයස අවුරුදු 19න් පහල තරගාවලිය නිමාවට පත්වූයේ වේල්ස් කුමර – සහිරා විදුහල් අතර තරගය පරාජයෙන් තොරව අවසන් වෙමිනි.

ශ්‍රී සුමංගල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 295 (පන්දුවාර 69.5) හරිත් ලක්ෂාන් 138, පුලිත යසස් 53, නිපුන දේශාන් 27, හේෂාන් ප්‍රනාන්දු 4/49, ලහිරු ඩිල්ශාන් 4/49.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 296 (පන්දුවාර 62.2) පැතුම් නිස්සංක 152, කළණ පෙරේරා 79, නිපුන දේශාන් 4/96, සමිත් යසන්ත 6/58.

ශ්‍රී සුමංගල විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 43.4) මධුශික සඳරුවන් 5/12, සංජුල බණ්ඩාර 2/20, නෙරන්ජන් වන්නිආරච්චි 2/30.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 103 (පන්දුවාර 9) හේෂාන් ප්‍රනාන්දු 69*, කළණ පෙරේරා 40, සමිත් යසන්ත 2/23.

සම්පූර්ණ ලිපිය: නිස්සංකගේ පිත්ත ඉසිපතනයට නොසිතූ ජයක් ගෙන එයි.


ශ්‍රී ලංකාව පරාජයක් අභියස?

සංචාරක කොදෙව් A කණ්ඩායමෙන් ශ්‍රී ලංකා A කණ්ඩායමට එල්ල වූ  අභියෝග මැද ආරම්භ වූ දෙවන සිව්දින ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (13) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 245/10 (72.5): නිරෝෂන් දික්වැල්ල 88, දිමුත් කරුණාරත්න 68, සම්පත් ගුණරත්න 46, රහකීම් කෝන්වල් 6/91

කොදෙව් A දෙවන ඉණිම  – 216/03 dec (41) : රජේන්ද්‍ර චන්ද්‍රික 68, ජමාර් හැමිල්ටන් 56*, ශම්රා බෘක්ස් 53*,  චරිත් අසලංක 1/63

ශ්‍රී ලංකා A දෙවන ඉණිම (තෙවන දිනය අවසානයේ) – 36/02 (11): අවිශ්ක ප්‍රනාන්දු 18*, රොශ්න්  සිල්වා 11*, ඩරලන් ජොන්සන් ¼

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තැනකට


 මලල ක්‍රීඩා 

පළමු දිනයේදීම හෙන්ඩර්සන්ට රන් පදක්කමක්

5000කට අධික ලාංකීය පාසල් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය සනිටුහන් කරමින් 32 වරටත් පවත්වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් අනතුරුව ඊයේ (13) පස්වරුවේ බෝගම්බරදී ආරම්භ විය.

  • 21න් පහළ බාලක යගුලිය විසිකිරීම

ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුයේ මොරටුව ශාන්ත සෙබෙස්තියන් වද්‍යාලයේ සමිත් මධුසංක විසිනි. එහි රිදී පදක්කම කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ එස්. එස්. චමිල් දිනාගත් ලද අතර මීටර් 14.42ක දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනු ලැබුවේ සාන්ත වීටා විද්‍යාලයේ එම්. එම්. මධුසංක විසිනි.

  • 15න් පහළ බාලිකා දුර පැනීම ඉසව්ව

ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ කොළඹ කාන්තා විද්‍යාලයේ සියානා වික්‍රමසිංහ විසිනි. එහි රිදී පදක්කම දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි කවීශ‍ා විසින් දිනා ගත් අතර රන් පදක්කම දිනාගනු ලැබුවේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සන්දීපා හෙන්ඩර්සන් විසිනි.

තරගාවලිය තව දින 4ක් පුරා බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

සම්පූර්ණ ලිපිය : පාසල් ක්‍රීඩකයින්‍ගේ ක්‍රීඩා මහෝත්සවය බෝගම්බරදී ඇරඹේ


පැරා ක්‍රීඩා උළෙලෙන් වාර්තා 16ක්

15 වන ශ්‍රී ලංකා යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය ඊයේ (13) සාර්ථකව නිමාවට පත්විය. නව තරගාවලි වාර්තා 16කින් වාර්තා පොත් අලුත් කරන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වීම ඊයේ දිනයේදී වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය.

ඊයේ දිනය තුළදී දුර පැනීම, මීටර 100, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම, මීටර 200, උස පැනීම, මීටර 800, තුන්පිම්ම, හෙල්ල විසි කිරීම යන ඉසව්වලින් වාර්තා අලුත් කරන්නට ඊට සහභාගී  වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සම්පූර්ණ ලිපිය : යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 16ක්

දිනයක නිමාව