කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
බංගලාදේශයෙන් අභියෝගයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමගින් එළැඹෙන මාර්තු 7 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පූර්ව සූදානමක් වශයෙන් පැවැත්වෙන දෙදින පුහුණු තරගය ඊයේ (02) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය. එහි ප්‍රථම දිනය නිමාවන විට පිත්තෙන් සාර්ථක වී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 391ක් ලබාගෙන සිටියි.
බංගලාදේශ (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 391 (පන්දුවාර 90): තමීම් ඉක්බාල් 136, මොමිනුල් හක් 73, ලිතන් දාස් 57*, මහමුදුල්ලාහ් 43, ශකීබ් අල් හසන් 30, චාමික කරුණාරත්න 3/61, ලසිත් ඇඹුල්දෙණිය 1/57, ලහිරු සමරකෝන් 1/70.
සම්පූර්ණ තරග වාර්තාව: නවක ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්
ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු නිල නොවන එක්දින තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඊයේ (2) අවසන් වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායම වෙත ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 47ක විශිෂ්ට ජයග්‍රහණයක් ගෙන එමිනි.
ශ්‍රී ලංකා A කණ්ඩායම – 278/07 (48.1): ධනුෂ්ක ගුණතිලක 64, කුසල් පෙරේරා 59, තිසර පෙරේරා 56*, මිලින්ද සිරිවර්ධන 48, කෙයිග් ඕවර්ටන් 2/46, ටොබිස් රෝලන්ඩ් ජොන්ස් 2/59
එංගලන්ත ලයන්ස් කණ්ඩායම – 230/09 (43): කීට්න් ජෙනින්ස් 64, කෙයිග් ඕවර්ටන් 60*, ලෙයිම් ලිවින්ස්ටන් 39, ලහිරු මදුසංක 3/50, ශෙහාන් ජයසූරිය 2/32, අමිල අපෝන්සු 2/37
සම්පූර්ණ තරග වාර්තාව: ශ්‍රී ලංකා සුපිරි තරු යලිත් කරළියට