කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ජයග්‍රහණය සාන්ත මරියා සහ රිච්මන්ඩ්ට
සිංගර් කුසලාන දෙදින හා සීමිත පන්දු වාර පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (1) අවසන් විය. පැවති තරග දෙකෙන් සාන්ත මරියා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ජයග්‍රහණ හිමි කර ගැනීමට සමත් විය.
සාන්ත මරියා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 160 (43.5): සඳරු ශ්‍රියන්ත 52, දමිදු චන්ද්‍රසිරි 29*, සජීව රංජිත් 28, ශෙසද සොයිසා 5/40, නජිත් නිශේන්ද්‍ර 2/27
මොරටු විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 110 (43.1): ශෙසද සොයිසා 45, ලසිත උඩගේ 7/41, සංජය රංජිත් 3/21
සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 179 (60): ගජිත කොටුවේගොඩ 70, නියෝමාල් ප්‍රනාන්දු 29*, මිරාජ් කව්ශික 3/34, ශෙහාන් ජීවන්ත 3/39, හශේන් ආධිත්‍යය 2/39
මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 130 (44.5): ශෙහාන් ජීවන්ත 65, නිශාන් ප්‍රනාන්දු 24, ලසිත උඩගේ 5/45, සනුජ රංජිත් 2/18, තිමිර කුමාර 2/23
සම්පූර්ණ වාර්තාව: රිච්මන්ඩ් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
නායකත්වය මිලින්දට
මාර්තු 2 වැනි දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ඇරඹෙන තරග පහකින් යුත් ශ්‍රී ලංකා “ඒ” – එංගලන්ත ලයන්ස් එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ නායකත්වයට මිලින්ද සිරිවර්ධනව නම් කර ඇත.
තරග දෙකකින් යුත් නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-1ක් වශයෙන් සම සමව අවසන් වූ බැවින් ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද සහභාගී වන එක්දින තරගාවලිය වඩාත් තරගකාරී වනු ඇතැයි බලාපොරොත්තු වේ.
සම්පූර්ණ සංචිතය: සිරිවර්ධනගේ නායකත්වය යටතේ තිසර, කුසල් ජනිත් “ඒ” සංචිතයට
වෙස්ලි විදුහලට දඬුවමක්
2017 සිංගර් පාසල් රග්බි තරගාවලියේ පළමු තරගය තුළ දී වෙස්ලි විද්‍යාලයත් ත්‍රිත්ව විද්‍යාලයත් අතර ඇතිවූ ගැටුම්කාරී වාතාවරණයෙන් පසු, වෙස්ලි විද්‍යාලයේ එක් ක්‍රීඩකයෙකුට වසරක තරග තහනමකුත් තවත් කිහිප දෙනෙකුට තරග කිහිපයක තහනමකුත් පනවා ඇතැයි වාර්තා වේ.
.
සම්පූර්ණ වාර්තාව: “වෙස්ලි විද්‍යාලයේ තදයන්ට” තහනමක්
පාසල් රග්බි තරග අත්හිටුවයි?
මේ වන විට ක්‍රියාත්මක වන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.
මෙවර පාසල් ලීග් රග්බි තරගාවලිය පසුගිය සතියේ ආරම්භ කෙරුණේ අතිශය මතභේදාත්මක තත්ත්වයක් යටතේයි. ඒ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය ගෙන තිබූ අධිකරණමය ක්‍රියාවලිය හේතුවෙන් තරගාවලිය නියමිත පරිදි ආරම්භ කිරීමට හැකි වේද? යන කරුණ නිසා පමණක් නෙවේ. මේ තරගාවලිය සංවිධාන කිරීමේ දී ඇතිවූ දුර්වලතා මෙන්ම පළමු සතියේ දීම කැපී පෙනුණු ‘සිදු නොවිය යුතු ක්‍රියා’ රැසක් ද හේතු කරගෙන තරගාවලියේ පාලනය සියතට ගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.
සම්පූර්ණ වාර්තාව: පාසල් ලීග් රග්බි තරගාවලියට ක්‍රීඩා ඇමතිගෙන් රතු එළියක්