ගෙවුනු දවස ජුනි 21 – කණිශ්ඨයෝ ගැන සිතා විද්‍යා ක්‍රීඩකයෝ ඉවත් වෙයි

712
Sri Lanka Sports News last day summary june 21

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි
විද්‍යා විද්‍යාලය Knockouts වලට නැහැ

පිලිමළුන්ගේ වටය හෙවත් Knockout තරගාවලියට විද්‍යා විද්‍යාලය සහභාගි නොවන බව ඊයේ විද්‍යා විද්‍යාලීය පරිපාලන මණ්ඩලය විසින් ThePapare.com වෙත දැනුම් දෙනු ලැබුවා. ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ගියවර තරගාවලියෙන් ෙඑතිහාසික ජයග්‍රහණයක් ලබා ශූරතාවයට හිමිකම් කීමට සමත් විය.

මෙයට වැනි තීරණයක් පාසල ගැනීමට තීරණය කර අැත්තේ පාසලෙහි පවතින මූල්‍යමය අර්බුදයක් හේතුවෙන් යැයි පැවසේ. කණිශ්ඨ රග්බි තරගාවලියත් තවතම අරාම්භ කර නොමැති වකවානුවක Knockouts සඳහා පිවිසෙන විට තවත් මුදල් වැයවීම වැලැක්විය නොහැකි නිසා ඔවුන් මෙම තීරණයට එළඹ අැත.

ඉතිං එවන් තත්වයක කණිශ්ඨ රග්බි ශූරයන්ටද වියදම් කිරීමට අැවැසි නිසා ඔවුන් සිය මුල්‍ය අර්බුධය කළමනාකරණය කර ගැනීමට තීරණය කරමින් Knockouts සඳහා සහභාගී නොවේ.

මේ පිළිබඳ නිළ නිවේදනයක් නිකුත් කරනු ලැබු විද්‍යා විද්‍යාලීය රග්බි ක්‍රීඩාවට සහය දෙන කණ්ඩායමේ සභාපති වසන්ත පෙරේරා මහතා සඳහන් කරනු ලැබුවේ “ අැත්තටම මේ අවස්ථාවේ අපි කනගාටු වනවා Knockouts වටය සඳහා සහභාගි නොවීම සම්බන්දව. ඉතිං මෙය අවස්ථාවක් කරගන්නවා තරග වදින අනෙක් කණ්ඩායම් වලට සුභ පතන්න. මේක සැබැවින්ම අපට ගැනීමට අපහසු දැඩි තීරණයක්. මොකද අපි ශූරයන් ලෙස සාර්ථක ගමනක් අැවිත් තිබෙනවා, එවැනි අවස්ථාවක මෙලෙස ශූරයන් වන අප තරගාවලියට සහභාගී නොවීම කනගාටුවට කරුණක්”.

ඔබ සූදානම්ද 18න් පහළ රග්බි කණ්ඩායමට?

ජුලි මස 22 සිට 26 දක්වා හොං කොන්ග් නුවර පැවැත්වෙන, 2 වන ආසියානු පාසල් පිරිමි වයස 18න් පහල සත් සමාජික රග්බි තරගාවලිය සදහා සහභාගි වීමට කැමති ක්‍රීඩකයින්ට අාසියානු පාසල් ක්‍රීඩා සම්මේලනය විසින් විවෘත අාරාධනාවක් සිදු කරනු ලබනවා.

සුදුසුකම් ලෙස 1998 ජනවාර්1 සහ 2000 දෙසැම්බර් 31 අතර ඉපදුනු ක්‍රීඩකයින්ට අයදුම් කර හැකි.

ඔබේ විස්තර විද්‍යුත් තැපෑල (Email) හරහා හෝ තැපෑල හරහා එවීමට හැකිය.

ලිපිනය: විධායක අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7

විද්‍යුත් තැපෑල: [email protected]


ක්‍රිකට්

ශ්‍රී ලංකාව සහ එංගලන්ත අතර ප්‍රථම ODI එක ඊයේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ‍ඊයේ (21) ආරම්භ වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය නොටින්හැම් හිදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ගොඩනැංවීමට සමත් විය. අනතුරුව මැදපෙළ සවිමත් කරමින් නායකත්වයේ ඉණිමක් දියත් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. වේගවත් පිතිකරණයක නිරත වූ සීකුගේ ප්‍රසන්න පන්දු 28 කදී ලකුණු 59 ක් ලබාගැනීමට සමත් විය. එයට 4 පහරවල් 8 ක් හා 6 පහරවල් 4 ඇතුළත් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 286 ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 286-9 (50) ඇන්ජලෝ මැතිව්ස් 73, සීකුගේ ප්‍රසන්න 59, දිනේෂ් චන්දිමාල් 37, ෆර්විස් මහරෑෆ් 31*, ක්‍රිස් වෝක්ස් 2/56, ඩේවිඩ් විලී 2/56, ලෙයිම් පලන්කට් 2/67

එංගලන්ත කණ්ඩායම – 286-8 (50) ක්‍රිස් වෝක්ස් 95, ජෝස් බට්ලර් 93, ඉයන් මෝගන් 43, ඇන්ජලෝ මැතිව්ස් 2/22, නුවන් ප්‍රදීප් 2/64, සුරංග ලක්මාල් 2/65

සම්පූර්ණ ලිපිය: තරඟය සමවෙමින් අවසන් පන්දුවේදී ක්‍රිකට් ජයගනී

පෙරහුරු තරග දෙකෙන්ම දකුණු අප්‍රිකාව ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් අතර පැවැත්වෙන තරගාවලියේ පුහුණු තරග දෙකක් 20 සහ 21 MCA ක්‍රීඩා පිටියේදි පැවැත්විනි.

ප්‍රථම දිනය නිමා කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම 343/5 ක් ලෙස තරගය අත්හිටුවීමට තීරණය කරන ලදි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 33/3 ලෙස දැක්විය.

දෙවැනි දිනයේදීත් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු තරුණයෝ සමත් විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම 343/5 dec (73,4)  රෙනාඩ් වෑන් ටොන්ඩර් 147, විඅාන් මෝල්ඩර් 79, ජොෂුවා වෑන් හියඩන් 46, ආෂෙර් වර්ණකුලසූරිය 2/62.

ශ්‍රී ලංකා 19 න් පහළ සභාපති කණ්ඩායම– 149 (56.1) පසිඳු සූරියබණ්ඩාර 34, අයන සිරිවර්ධන 28, අකොන මියන්කා 3/15, කේනාන් ස්මිත් 2/37, දානියෙල් මොරියාටි 2/17.

දකුණු අප්‍රිකානු කණ්ඩායම  – 214/4 (46) රෙනාඩ් වෑන් ටොන්ඩර් 73 *, ජෙසී ක්‍රිස්ටෙන්ස් 57, වැන්ඩෙල් මැක්වෙටු 30, අයන සිරිවර්ධන 4/77.

සම්පූර්ණ ලිපිය: දකුණු අප්‍රිකානුවන් පුහුණු තරගයේ ඉදිරියෙන්

දවසේ නිමාව