ගෙවුනු දවස ජුනි 13 – මහනුවර නායකත්වය රොෂාන්ට

719
Sri Lanka Sports News last day summary june 13

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

> රග්බි 

රෝෂාන් ට පැවරුනු මහනුවර බර

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හා ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රොෂාන් වීරරත්නට එළෙබෙන 2016/17 ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ මහනුවර කණ්ඩායමේ  නායකත්වයට පත් කිරීමට තීරණය කරන ලදි. ඒ බව මීට සුළු මොහොතකට පෙර නිමාවූ මහනුවර රග්බි කණ්ඩායමේ වාර්ෂික රැස්වීම අතරතුර මෙය ප්‍රකාශ කරන ලදි.

සම්පූර්ණ ලිපිය


> ක්‍රිකට්

ජෙරම්ට ලොකු පුටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් ජෙරම් ජයරත්න වහාම ක්‍රියාක්මක වන පරිදි ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ලෙස තේරි පත් කර තිබේ. 50 හැවිරිදි ඔහු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වු අතර ඔහු ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වන්නේ 1997 වර්ෂයේ සිටයි.

වර්ෂාව තීරණය කල ජය පැරදුම

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේදී පසුගිය 09 වනදා ආරම්භවූ තෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (13) ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ සිව්වන දිනය ඊයේ (12) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නොදැවී ලකුණු 33 ක් ලබා සිටින ලදි.

ලංකා කණ්ඩායම එංගලන්ත දෙවන ඉණිමට වඩා තවත් ලකුණු 284 ක් පසුපසින් සිටින ලදි.

එංගලන්ත පළමු ඉණිම – 416-10 (128.4) බෙයාර්ස්ටොවු 167*, ඇලෙස්ටයර් කුක් 85, වෝක්ස් 66,රංගන හේරත් 4/81, සුරංග ලක්මාල් 3/90

ශ්‍රී ලංකා පළමු ඉණිම – 288 – 10 (95.1) කෞෂාල් සිල්වා 79, දිමුත් කරැණාරත්න 50,කුසල් පෙරේරා 42,රංගන හේරත් 31 ක්‍රිස් වෝක්ස් 3/31, ස්ටීවන් ෆින් 3/59

එංගලන්ත දෙවන ඉණිම – 233-7 (71) dec ඇලෙක්ස් හේල්ස් 94,ඇලෙස්ටයර් කුක් 49*,ජොනාතන් බෙයාර්ස්ටොවු 32 නුවන් ප්‍රදීප් 3/37 , ශමින්ද එරංග 3/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 78-1 (24.2) දිමුත් කරැණාරත්න 37*, කුසල් මෙන්ඩිස් 17*, කෞෂාල් සිල්වා 16 ජිමී ඇන්ඩරසන් 1/27ලෛස කණ්ඩායම් දෙක තුන්වන තරගයේ දී දක්ෂතා දක්වමින් ක්‍රීඩා කරන ලදි.

තවත් පුවත් කියවන්න – මුල් පිටුවට පිවිසෙන්න

දවසේ නිමාව