ගෙවුනු දවස ජුනි 8 – තවත් කිහිප දෙනෙකු එංගලන්තයට

667
Sri Lanka Sports News last day summary june 08

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

—  ක්‍රිකට්

එක් දින තරගවලට තවත් කිහිප දෙනෙක්

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලද ටෙස්ට් පරාජයෙන් පසුව අයර්ලන්තය සමඟත් ඉන්පසුව නැවත එංගලන්තය සමඟත් එක් දින තරගාවලි කිහිපයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර අැති අතර ඒ් සඳහා සුළු වෙනස්කම් සහිත නව සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව විසින් පත් කර අැත.

එහිදි කුසල් මෙන්ඩිස්, චමින්ද බණ්ඩාර, දසුන් ශානක සහ දනංජය ද සිල්වා සහ තවත් ප්‍රවීන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන උපුල් තරංග, ෆර්විස් මහරූෆ් සහ සුරාජ් රන්දීව් ද මෙම එක් දින තරගාවලි දෙක සඳහා කැදවා අැත.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සුරාඡ් රන්දිව්, දසුන් ශානක, ෆර්වීස් මහරුෆ්, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, චමින්ද බණ්ඩාර, ශමින්ද එරංග.

සම්පූර්ණ ලිපිය:  මහරූෆ්, තරංග, රන්දිව් නැවතත් එක්දින පිටියට

ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය අශාන් ප්‍රියන්ජන්ට

වරාය ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්, තේරීම් කම්ටුව විසින් ශ්‍රී ලංකාව ඉදිරියේදි, එංගලන්තය සමග පැවැත්වීමට අැති තරගාවලිය සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක ලෙස පත් කර අැත.

ශ්‍රී ලංකා  “A” කණ්ඩායමේ තරඟාවලිය ආරම්භ කරමින් මේ මස 26 වනදා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් කණ්ඩායම සමඟ සිව් දින තරඟයන් ආරම්භ කරයි. අනතුරුව ශ්‍රී ලංකා  “A” කණ්ඩායම පාකිස්තාන “A” කණ්ඩායම සමඟ සිව්දින තරඟ දෙකකට එංගලන්තයේ දී සහභාගි වීමට නියමිතව ඇත.

එම තරඟාවලිය නිමාවූ පසු තුන්කොන් තරඟාවලියක් සඳහා ද ශ්‍රී ලංකා “A” කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත. පාකිස්තාන “A” කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට

සිව්දින සංචිතය:

අශාන් ප්‍රියන්ජන් (නායක – ශ්‍රී ලංකා වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), මාධව වර්ණපුර (බ්ලූම්ෆීල්ඩ්), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී.), රොෂේන් සිල්වා (රාගම), ඇන්ජලෝ පෙරේරා (එන්.සි.සි), මිනෝද් භානුක (එස්.එස්.සී. ), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), සචිත් පතිරණ (සි.සි.සි), ලහිරු ගමගේ (හලාවත මේරියන්ස්), කසුන් රාජිත (බදුරලිය), විශ්ව ප්‍රනාන්දු (බ්ලූම්ෆීල්ඩ්), අසිත ප්‍රනාන්දු (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය), රමිත් රඹුක්වැල්ල ( ද්‍රවිඩ සංගම්), ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්)

සම්පූර්ණ ඔවර 50 සංචිතය සහ තරග කාලසටහනට පිවිසෙන්න

පාපන්දු –

අානන්දය පරදවා ත්‍රිත්වයින් ඉදිරියෙන්

කොත්මලේ චොක්ස් සංවිධානය කරනු ලබන පාසල් පාපන්දු තරගාවලිෙය් A කාණ්ඩයේ තරගයක්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ අානන්ද විද්‍යාලය අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

එහිදි ගෝල 9 – 2 ක් ලෙස පෙරමුන ගැනීමට ත්‍රිත්ව විද්‍යාලයට හැකිවිය. එහිදි නුවන් ජයලත්, රවිශ්ක හේරත්, ටි. එසි. එම්, ලියනගේ, එම්. එන්. දිව්‍යාන් සහ එස්. තුලක්ෂන ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ගෝල රැස් කල අතර කවිදු සිතුමින, නිසල් බණ්ඩාර අානන්ද විද්‍යාලය වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය.

තවත් පාපන්දු පුවත් සිංහලෙන් – පිවිසෙන්න වෙනත් ක්‍රීඩා පිටුවට

සහිරා, ලුම්බිනිය අසරණ කරයි

කොත්මලේ චොක්ස් පාසල් පාපන්දු සටනේ තවත් තරගයක් සහිරා විද්‍යාලය සහ ලුම්බිනි විද්‍යාලය අතර පැවැති අතර එහිදි තියුණු ජයක් ලබා ගැනීමට සහිරා විද්‍යාලය සමත් විය. ඒ් ලකුණු 10 – 1 ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමිනි.

දවසේ නිමාව