ගෙවුනු දවස ජූලි 28 – රංගනට මොකද වුනේ?

337

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ඉන්දු – ශ්‍රී ලංකා තෙවැනි දිනය

Sri Lanka Vs India Day 3

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දින 3ක් ගෙවී යන විට ප්‍රබල තරග රටාවක නිරත වෙමින් සිටින සංචාරක ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වෙනුවෙන් අවශ්‍ය කරුණු කාරණා එකින් එක සපුරා ගනිමින් සිටියි.

ඒ අනුව මෙම තරග ප්‍රතිඵලයේ වෙනසක් සිදු කිරීමට නම් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී වාර්තාගත පිතිකරණයක නියැලීම අනිවාර්ය වී තිබේ. ඒ ඊයේ දිනය (28) සඳහා තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 498ක් ඉදිරියෙන් පසුවීම නිසාවෙනි.

ඉන්දීය ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 600 (පන්දුවාර 133.1): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 153, අජින්ක්‍යා රහානේ 57, හාර්දික් පාණ්ඩ්‍යා 50, රවිචන්ද්‍රන් අශ්වින් 47, මොහොමඩ් ශමි 30, නුවන් ප්‍රදීප් 6/132, ලහිරු කුමාර 3/131.

ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 78.3): දිල්රුවන් පෙරේරා 92*, ඇන්ජෙලෝ මැතිව්ස් 83, උපුල් තරංග 64, ධනුෂ්ක ගුණතිලක 16, රවින්ද්‍ර ජඩේජා 3/67, මොහොමඩ් ශමී 2/45, හාර්දික් පාණ්ඩ්‍යා 1/13.

ඉන්දීය දෙවන ඉනිම – කඩුලු 3ක් දැවී ලකුණු 189 (පන්දුවාර 46.3): අභිනව් මුකුන්ද් 81, විරාත් කෝලි 76*, චෙටෙස්වර් පුජාරා 15, ශිකර් ධවාන් 14, ධනුෂ්ක ගුණතිලක 1/15, දිල්රුවන් පෙරේරා 1/42.

සම්පූර්ණ වාර්තාව: දිල්රුවන්ට ශතකය අහිමි කරමින් ඉන්දියානුවන් පෙරමුණට


කණ්ඩායම් දෙකක් අවසන් සටනට

SLC u23 provincial cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (28) අවසන් වූ අතර, මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා මධ්‍යම පළාත හා බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ලදි.

උතුරු පළාත පළමු ඉනිම – 190/10 (51.5): මොහොමඩ් අල්ෆාර් 82, වී. ජතුශන් 23, අකාශ් සේනාරත්න 5/65, සංදීප නිසංසල 2/19.

උතුරු මැද පළාත පළමු ඉනිම  – 235/10 (55.3): සංදීප නිසංසල 66*, යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් තිමෝද්‍ය 34, අකාශ් සේනාරත්න 28, වී. ජතුශන් 3/40, මොහොමඩ් අල්ෆාර් 3/54, සචිත ලක්ෂාන් 2/54,  කේ. කපිල්රාජ් 2/62.

උතුරු පළාත දෙවන ඉනිම – 275/9 dec (49.3): දුලාජ් රණතුංග 74, පරාක්‍රම තෙන්නකෝන් 42, එ්. කේ. ටිරෝන් 33, රිසිත් උපමාල් 25, චතුරංග අබේසිංහ 4/36, සංදීප නිසංසල 3/36.

උතුරු මැද පළාත දෙවන ඉනිම – 200/2 (38.5): දිනෙත් තිමෝද්‍ය 121*, යොහාන් මෙන්ඩිස් 59, ඒ. කේ. ටිරෝන් 2/64.

බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම – 204/10 (46.1): හිමාශ ලියනගේ 72, ලහිරු විමුක්ති 60, සධීර සමරවික්‍රම 26, තරිඳු රත්නායක 5/60, අසිත ප්‍රනාන්දු 3/52.

වයඹ පළාත පළමු ඉනිම  – 187/10 (61.3): සචින්ත පීරිස් 51, සචින් ජයවර්ධන 27*, රුක්ෂාන් ප්‍රනාන්දු 27, ලියෝ ෆැන්සිස්කෝ 26, ජනිත ලියනගේ 4/64, ඩිශාක් මනෝජ් 2/49, සහන් නානායක්කාර 2/51.

බස්නාහිර පළාත් මධ්‍යම දෙවන ඉනිම – 283/10 (71.3): සධීර සමරවික්‍රම 133, මනෙල්කාර් ද සිල්වා 33, හිමාශ ලියනගේ 26, ඩිශාක් මනෝජ් 21, තරිඳු රත්නායක 5/114, සචින් ජයවර්ධන 4/30.

වයඹ පළාත දෙවන ඉනිම – 42/2 (8): ලියෝ ෆැන්සිස්කෝ 22*

සම්පූර්ණ වාර්තාව: පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක් සමඟ මූලික වටය අවසන්


රංගනට මොකද වුනේ?

Rangana Herath

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (28) දිනයේ, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සතුව සිටින දක්ෂ පන්දු යවන්නෙක් වන නායක රංගන හේරත්ගේ වම් අතෙහි මැදැඟිල්ලට පන්දුවක් වැදීමෙන් ආබාධ තත්වයක් ඇති විය.

ඉන්දීය දෙවන ඉනිමේ 36 වන පන්දුවාරයේ දිල්රුවන් පෙරේරා එවූ පළමු පන්දුවට ඉන්දීය නායක විරාත් කෝලි විසින් වේගවත් පහරක් එල්ල කළ අතර, short extra cover ප්‍රදේශයේ පන්දු රැකීමේ නිරතව සිටි රංගන හේරත් එම පන්දුව රැක ගැනීමට යාමේ දී ඔහුගේ වමතෙහි මැදැඟිල්ලේ පන්දුව වැදුනේය.

සම්පූර්ණ වාර්තාව: රංගන හේරත්ගේ ඇඟිල්ලේ අස්ථි බිදීමක් සිදු වී නෑ – ගුරුසිංහ


   රග්බි   

අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය නිමා වේ

IR ARMY

ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි තරගාවලිය ඊයේ (28) සවස කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී නිමාව දුටු අතර මේ සඳහා මග පෙන්වීම ලබා දුන්නේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසිනි.

ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකාය තමන් සතුව තිබූ හමුදාපති කුසලානය තමන් සතුව ආරක්ෂිතව තබා ගැනීමට සමත් වූහ. ඔවුන් කුසලානය සඳහා වන අවසන් තරගයේ දී ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකා ක්‍රීඩකයන් ලකුණු 26-03ක් ලෙස පරාජය කරමිනි.

සම්පූර්ණ වාර්තාව : සාමාන්‍ය සේවා සෙබළුන්ට පිට පිටම ජයග්‍රහණ

දිනයක අවසානය