ගෙවුනු දවස ජුලි 20 – 18න් පහල නිල රග්බි සංචිතය එලියට

858
July 20th ThePapare

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 

නවීන් ක්ක හොන්ග් කොන්ග් යන සංචිතය

මෙම මස 22 සිට 26 වැනිදා දක්වා හොන්ග් කොන්ග් හි පැවැත්වීමට නියමිත අාසියානු පාසල් සත් සමාජික රග්බි ශූරතාවයලිෙය් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන සංචිතය නිල වශයෙන් ඊයේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් නිකුත් කරනු ලැබීය.

60 දෙනෙකුගෙන් යුතු සමාජිකයන් අතරින්  21 දෙනෙකු දක්වා සංචිතය කපා හැර ඉන්පසුව පැවති පුහුණු සැසි වලින් පසුව තේරීම් කමිටුව විසින් හොඳම ක්‍රීඩකයින් 12 දෙනෙකු තොරාපත් කරගෙන තිබිනි. සංචිතය අද හොන්ග් කොන්ග් බලා පියාසර කරනු අැත.

තරගාවලියේ නායකත්වය සාන්ත තෝමස් විද්‍යාලීය දක්ෂ ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ විසින් මෙහෙවනු ලබන අතර සංචිතය සඳහා ත්‍රිත්ව විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකුත්, සාන්ත තෝමස් සහ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුත් සහ සාන්ත පීතර විද්‍යාලයෙන් සහ සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් එක් ක්‍රීඩකයෙකු බැඟින්ද තෝරා පත් කරගෙන අැත.

සංචිතය –

  • නවීන් හේනකන්කානම්ගේ (නායක) – ශාන්ත තෝමස් විද්‍යාලය
  • සුමුදු රන්කොත්ගේ (නියෝජ්‍ය) – ඉසිපතන විද්‍යාලය
  • දියත් ප්‍රනාන්දු – ශාන්ත පීතර විද්‍යාලය
  • චතුර සෙනෙවිරත්න – ශාන්ත ජෝසප් විද්‍යාලය
  • හරිත් බණ්ඩාර – ඉසිපතන විද්‍යාලය
  • දිලුක්ෂ දංගේ – ත්‍රිත්ව විද්‍යාලය
  • අනුක් බෝයගොඩ – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රිස්ටියන් ද ලීල් – ශාන්ත තෝමස් විද්‍යාලය
  • චමෝද් ප්‍රනාන්දු – ඉසිපතන විද්‍යාලය
  • විනුල් ප්‍රනාන්දු – ශාන්ත ජෝසප් විද්‍යාලය
  • දිනුක් අමරසිංහ – ශාන්ත අන්තෝනි විද්‍යාලය
  • අවිශ්ක ශෙයික් – ත්‍රිත්ව විද්‍යාලය

 ක්‍රිකට්

ඔකීෆ් දක්ෂයා වෙමින් පුහුණු තරග නිමාවෙයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ  අන්තර් ජාතික ක්‍රිකට්  තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය ජුලි මස18 වැනිදා පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.එම තරඟයේ තෙවන දිනය අද (20) ක්‍රියාත්මක විය. මෙම තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉණිමකින් හා ලකුණු 162 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී  ලංකා සභාපතිගේ කණ්ඩායම දෙවන ඉණිම – 83 -10 (20.5) ශෙහාන් ජයසූරිය 29, අසේල සම්පත් 23, දිල්හාර ප්‍රනාන්දු 15, ජෝන් ඔකීෆ් 5/21, නේතන් ලයන් 2/14

සම්පූර්ණ ලිපිය: ඔකීෆ් එල්ල කල කැන්ගරුවන්ගේ වෙඩිමුරය


 මලල ක්‍රීඩා – ඔලිම්පික් 

රියෝ යන කණ්ඩායමේ නායකත්වය කුරේට

2016 රියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ක්‍රීඩා ඉසව්වන් 7කින් ක්‍රීඩකයින් 9 දෙනෙකු බ්‍රසීලය බලා පිටත්ව යෑමට නියමිතව අැත. එහිදි කණ්ඩායමේ නායකධුරය සඳහා අැත්දැකීම් බහුල සුපිරි මැරතන් ධාවකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ නම් කර අැත. එහිදි තරග වැදීමට අමතරව ඔහුට අැති තවත් කාර්යයක් වන්නේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමයි.

ඔලිම්පික් යන සංචිතයට, කාන්තා මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ගීතානි රාජසේකර, හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේද රණසිංහ, බැඩ්මින්ටන් ඉසව්වෙන් නිලූක කරුණාරත්න, ජූඩෝ තරග නියෝජනය කරමින් චාමර ධර්මවර්ධන, සහ බර ඉිසිලීම අංශයෙන් සුදේශ් පීරිස් ද තරග වදිනු අැත. තවද පිහිනුම් ඉසව්වෙන් මැතිව් අබේසිංහ සහ කිමිකො රහීම් දෙදෙනාද, ඉලක්කයට වෙඩි තැබීම අංශය නියෝජනය කරමින් මංගල සමරකෝන්ද රියෝ යන සංචිතය අතර අැති ක්‍රීඩකයන්ය.

සම්පූර්ණ ලිපිය: රියෝ වලදී සිංහ ධජය කුරේ අතට

දවසේ නිමාව