ගෙවුනු දවස ජුලි 19 – පුහුණු තරගයත් අභියෝගයක් වන ලකුණු

276
The Papare day gone

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 ක්‍රිකට් – 

ස්ටීව් ඔකීෆ්ගේ දක්ෂතා පිත්තටත්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දීර්ඝ අන්තර් ජාතික ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය ඊයේ  (18) පී.සරවනමුත්තු ඕවල් ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. එම තරඟයේ දෙවන දිනය ඊයේ (19) ක්‍රියාත්මක විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉණිම (2වන දිනය නිමාවන විට) – 431-9 (122) ඇන්තනී බර්න්ස් 72, ජෝන් ඔකීෆ් 62*, ස්ටීවන් ස්මිත් 57, ශෝන් මාෂ් 47, ශෙහාන් ජයසූරිය 5/109

සම්පූර්ණ ලිපිය: ස්ටීව් ඔකීෆ් පිත්තෙනුත් දස්කම් දක්වයි


නායකත්වයට රුමේෂ් බුද්ධික

ශ්‍රී ලංකා සංවර්ධන සංචිතයේ නායකත්වයට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රුමේෂ් බුද්ධික නම් කර අැත. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ අාදි සිසුවෙකු වන අතර ගාල්ල ක්‍රිකට් සමාජය නියෝජනය කල ක්‍රීඩකයෙකුද වේ.

15 දෙනෙකුගෙන් යුතු සංචිතය ඉදිරියේදි දකුණු අප්‍රිකාව සමඟ තරග කිහිපයකට මුහුණ දීමට නියමිතව අැත.

සංචිතය –

රුමේෂ් බුද්ධික (ගාල්ල CC), හෂාන් දුමින්ද (කෝල්ට්ස්), පබසර වඩුගේ (දෙමළ සංගමය), සඳුන් වීරක්කොඩි (එන්.සී.සී.), ලහිරු මිලන්ත (රාගම), සදීර සමරවික්‍රම (කෝල්ට්ස්), ඇන්ජලෝ ජයසිංහ (කෝල්ට්ස්), ප්‍රියමාල් පෙරේරා (කෝල්ට්ස්), කසුන් මධුශංක (එස්.එස්.සී.), ෂෙහාන් මධුසංක (සැරසන්ස්), අනුක් ප්‍රනාන්දු (එන්.සී.සී), කේෂාන් විෙජ්රත්න (කෝල්ට්ස්), අකිල ධනංජය (කෝල්ට්ස්), සංජය චතුරංග (පානදුර පිල), අමිල අපොන්සු (රාගම).


නාවික හමුදාව පරදා මේරියන්ස් ඉදිරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට SSC, CCC, හලාවත මේරියන්ස් සහ  හමුදා කණ්ඩායම් සමත් විය. ඒ අද පැවති අර්ධ අවසන් පූර්ව තරග වලදී පිලිවෙලින් NCC, වරාය අධිකාරි, නාවික හමුදා සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ පරාජය කරමිනි.

නාවික හමුදා ක්‍රී.ස. – සියල්ලන් දැවී – 226 (49.3) තුසර සමරකෝන් – 62, සමීර සඳමාල් – 40, කුසල් ලක්තිලිණ – 37, චරිත් රාජපක්ෂ – 3/32, අයන සිරිවර්ධන 2/24, රවීන් යසස් – 2/32

හලාවත මේරියන්ස් – 228/5 (49) රිසිත් උපමාල් – 66, ලක්ඛණ ජයසේකර – 44, කසුන් විදුර – 34, ඉශාන් කනිෂ්ක – 3/50

CCC – සියල්ලන් දැවී – 198 (46.3) M මධුරංග – 56, රොෂාන් අනුරුද්ධ – 19, ශාලුක සිල්වා – 19, ඉශාන් රංගන – 3/27, ෂෙහාන් වීරසිංහ – 2/29, මධුරංග රාජපක්ෂ – 2/53

වරාය අධිකාරී ක්‍රී.ස. – සියල්ලන් දැවී – 129 (32.4) යොහාන් ශානක – 71, H මධුශාන් – 20, ශාලුක සිල්වා – 3/9, රොෂාන් අනුරුද්ධ – 3/24, රවීන් සේයර් – 2/37

යුද හමුදා ක්‍රී.ස. – 243/9 (50) සශින් දිල්රංග – 64, ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 63, – සංජික රිද්ම – 22, සංගීත් කුරේ – 3/39, ෂෙහාන් මධුශංක – 3/45

සැරසන්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 235 (49.4) ඉශාන් නිලක්ෂ – 63, සංගීත් කුරේ – 57, තරුශාන් ඉද්දමල්ගොඩ – 54, සංජික රිද්ම – 4/54, යොහාන් ද සිල්වා 2/24

NCC – 243/8 (50) පවන් වික්‍රමසිංහ – 80, ලහිරු උදාර – 62, සඳුන් වීරක්කොඩි – 22, A. පුංචිහේවගේ 4/39, රමේෂ් මෙන්ඩිස් 3/31

SSC – 244/6 (48.4)  K. සංජුල – 106, A. පුංචිහේවගේ – 53, P. ප්‍රනාන්දු – 35, ලසිත් ඇඹුල්දෙනිය – 2/27, අනුක් ප්‍රනාන්දු – 2/49

සම්පූර්ණ ලිපිය: SSC ඉදිරියට ගෙන ගිය සංජුලගේ ශතකය

දවසේ නිමාව

අද දිනයේ පුවත් සමඟ රැදෙන්න – පිවිසෙන්න මුල්පිටුවට