ගෙවුනු දවස ජුලි 05 – විනු සහ මනෙල්කාර් කල හදියක්

496

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාවට පාඩම් රැසක් කියාදුන් සංචාරයක නිමාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති  ටෙස්ට්, එක්දින හා අද   (06)  නිමා වූ විස්සයි විස්ස තරඟයද සමඟ එංගලන්තයේ තිබූ දීර්ඝ තරඟ සංචාරය නිමාවිය. මෙම තරඟය  එංගලන්තයේ සවුතැම්පටන්  හිදී පැවැත්විණි. මෙම තරඟය එංගලන්ත කණ්ඩායම පහසු හා කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගන්නා ලදි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට නම් බොහෝ පාඩම් කියාදුන් සංචාරයක් බව නිසැකය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 140 – 10 (20) ධනුෂ්ක ගුණතිලක  26, දිනේෂ් චන්දිමාල් 23 ,කුසල් මෙන්ඩිස් 21 , ඇන්ඩෲ ඩේව්සන් 3/27, ක්‍රිස් ජෝර්ඩන් 3/29

එංගලන්ත කණ්ඩායම – 144 -2 (17.3) ජෝශප් බට්ලර් 73*, ඉයන් මෝගන් 46*, ඇන්ජලෝ මැතිව්ස් 2/27

සම්පූර්ණ ලිපිය සදහා රැදි සිටින්න

තෙවැනි දිනයත් ජය පරාජයෙන් තොරයි

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ තෙවන යොවුන් ටෙස්ට් තරඟය පෙරේදා (03) මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. මෙම තරගයේ තෙවන හා අවසන් දිනය අද (05) ක්‍රියාත්මක වූ අතර මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමාවිය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම  : 295/8 (84.1) ජෙසී ක්‍රිස්ටෙන්සන් – 67, වියාන් මුල්ඩර් – 66, රිකාඩෝ වැස්කොන්සෙලස් – 56, රේනාඩ් වැන් ටොන්ඩර් – 48,ජෙහාන් ඩැනියල් – 3/53, ප්‍රවීන් ජයවික්‍රම – 3/95

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම  : 262/10 (94) අවිශ්ක ෆර්නැන්ඩො 55, හසිත බෝයගොඩ 79*, අශේන් බණ්ඩාර 43, විශාඩ් රන්දික 24, විඅාන් මුල්ඩර් 4/28, විලියම් සෙන්ඩින් 3/59, ජේඩ් ඩි ක්ලේර්ක් 2/69

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම  : 201-4 (81) ජොශුවා වෑන් හර්ඩින් 78, රිකාඩෝ වැස්කොන්සෙලස් – 48, වියාන් මුල්ඩර් 21*, රේනාඩ් වැන් ටොන්ඩර් – 18, ප්‍රවීන් ජයවික්‍රම 3/50

සම්පූර්ණ ලිපිය: ජයපැරදුම නැති ජොශුවා ගේ ප්‍රහාරය

සැරසෙන් ඉහලට ගෙන අා මනෙල්කාර් සහ විනු

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සැරසෙන් ක්‍රීඩා සමාජය සහ BRC සමාජය අතර තරගය අද මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවැත්විය. තරගයේ කැපිපෙනන දස්කම් දැක්වු මනෙල්කාර් ද සිල්වා සහ විනු මොහොට්ටි සරසෙන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය. ඒ ලකුණු 80කින් BRC කණ්ඩායම පරාජය කරමිනි.

සැරසෙන් ක්‍රීඩා සමාජය – 255/9 (50): සංගීත් කුරේ 25, දුලීක තිස්සකුට්ටිගේ 50, චමිල ඔබේසේකර 31, ඉෂාන් නිලක්ෂ 36, මනෙල්කාර් ද සිල්වා 55*, ශෙහාන් මධුසංක 25, ෂවීන් ගුණසේකර 3/53, ලසිත ලක්ෂාන් 2/24.

BRC සමාජය – 175/11 (42.3): ලිසුල ලක්ෂාන් 24, නිපුන ගමගේ 30, හෙලකමල් නානායක්කාර 22, චමීර දිස්සානායක 31*, විනු මොහොට්ටි 4/27, චානක දේවින්ද තිළකරත්න 2/21, ශෙහාන් මධුසංක 2/43.

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න

දවසේ නිමාව