කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
උදාවූ නව වසරේ ඔබගේ සියළු යහපත් පැතුම් ඉටුවන, නිදුක්, නීරෝගී ශ්‍රී සුභ නව වසරක් වේවා යැයි, ගෙවුනු දවසේ ප්‍රාර්ථනයයි!
තවත් ජාත්‍යන්තර පුහුණුකරුවෙක්
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ පුහුණුකරු තනතුරට, හිටපු නවසීලන්ත රග්බි ක්‍රීඩක පිටර් වුඩ්ස් තෝරා පත් කර තිබේ. ආසියානු රග්බි තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමත් සමඟ, හොන්ග් කොන්ග් හී අප්‍රේල් මස 7 වන දින සිට 9 වනදා දක්වා පැවැත්වෙන වර්ල්ඩ්ස් සෙවන් (World 7s) සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානමින් සිටියි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
කයිල් ඇබට් ජාත්‍යන්තරයෙන් සමුගනී
දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකාව ලැබූ දෙවැනි පරාජයත් අත්කර දෙමින් ඊයේ (05) කේප්ටවුන් හිදී දකුණු අප්‍රිකානුවන් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම සංචාරය ඇරඹීමට පෙරාතුව පිට පිටම ටෙස්ට් තරඟ 5ක් ජයගෙන යහපත් මානසිකත්වයකින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිය ගැන ගැටලුකාරී තත්වයක් ඇතිව තිබේ.
දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 392 (පන්දුවාර 116): ඩීන් එල්ගාර් 129, ක්වින්ටන් ඩි කොක් 101, ෆැෆ් ඩූ ප්ලෙසිස් 38, හෂීම් අම්ලා 29, ලහිරු කුමාර 6/122, සුරංග ලක්මාල් 2/93, රංගන හේරත් 2/57.
ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 110 (පන්දුවාර 43): උපුල් තරංග 26*, දිමුත් කරුණාරත්න 24, ධනංජය සිල්වා 16, කෞෂාල් සිල්වා 11, කුසල් මෙන්ඩිස් 11, වර්නන් ෆිලැන්ඩර් 4/27, කාගිසෝ රබාඩා 4/37, කේශව් මහරාජ් 2/32.
දකුණු අප්‍රිකා (දෙවන ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 224 (පන්දුවාර 51.5): ඩීන් එල්ගාර් 55, ෆැෆ් ඩූ ප්ලෙසිස් 41, ස්ටීවන් කුක් 30, ජේ. පී. ඩුමිනි 30, සුරංග ලක්මාල් 4/69, රංගන හේරත් 1/32.
ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 224 (පන්දුවාර 62): ඇන්ජෙලෝ මැතිව්ස් 49, රංගන හේරත් 35, කෞෂාල් සිල්වා 29, දිනේෂ් චන්දිමාල් 30, වර්නන් ෆිලැන්ඩර් 3/48, කාගිසෝ රබාඩා 6/55.
සම්පූර්ණ තරඟ වාර්තාව: දකුණු අප්‍රිකානුවන් තරගාවලි ජයග්‍රහණය තහවුරු කර ගනියි
පාසල් ක්‍රිකට් පිටිය
අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නාමාවලියට වර්තමානයේ වේදිකාව තනන වයස 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ, ඊයේ (05) දිනය අවසන් වූයේ සාන්ත සිල්වෙස්ටර් හා මලියදේව විද්‍යාලවලට පළමු ඉණිමේ ජයග්‍රහණ හිමිකර දෙමිනි. තවද ඊයේ දිනයේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දක්වමින් කැපී පෙනෙන්නට ලක්ෂිත රසාංජන (6/76, 47*) සමත් විය.
මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 35.5): දුලක්ෂ පීරිස් 24*, තුසිත් ද සොයිසා 4/25, කනිෂ්ක ජයසේකර 3/21
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 230 dec (පන්දුවාර 86): නිම්සර අපරගල්ල 62, කවිදු පෙරේරා 45, ශසික රේමන්ඩ් 42, කවිදු මුණවීර 20, ශෙසද සොයිසා 5/55
මොරටු විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 166 (පන්දුවාර 68): නිශාන් ප්‍රනාන්දු 43, ශෙසද සොයිසා 31, ජීවන්ත ප්‍රනාන්දු 28*, ජනකාන්ත රාජපක්ෂ 3/19
මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 41.2): දිනංජය ප්‍රේමරත්න 3/26, කවීන් බණ්ඩාර 3/11, මනෙල්ක ධර්මදාස 3/10
මලියදේව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 33.1): කවිදු එදිරිවීර 4/22, කෙවින් කොට්ටිගොඩ 3/7, රොෂාන් කාවින්ද 2/21
මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 79.3): කවිදු එදිරිවීර 35, නවෝද් පරණවිතාන 29, කෙවින් කොට්ටිගොඩ 27, මනෙල්ක ධර්මදාස 3/29
මලියදේව විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 124 (පන්දුවාර 32): මුදිත ප්‍රේමදාස 42, දුලාජ් රණතුංග 23, කවීන් බණ්ඩාර 18*, නිපුන් මාලිංග 2/16
සංක්ෂිප්ත තරඟ වාර්තාව: නාලන්ද ක්‍රීඩක රසාංජනගෙන් විශිෂ්ඨ දස්කම්