කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
තියුණු තරගයකින් ජය යුධ හමුදාවට
CR & FC සහ යුධ හමුදාව අතර ඊයේ පැවති තරගයෙන් යුධ හමුදාව 24 – 20ක් ලෙසින් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ 11 වැනි සතියේ අවසන් තරගය වූ මෙය CR & FC ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
ප්‍රථම අර්ධය: CR & FC 07 – 14 යුධ හමුදා ක්‍රීඩා සමාජය
අවසන් ලකුණු තත්වය: CR & FC 20 – 24 යුධ හමුදා ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: අශෝක ජයලාල් (යුධ හමුදාව)
ලකුණු ලබා ගැනීම්
යුධ හමුදාව (24)
උත්සාහක දිනුම් : අශෝක් ජයලාල් (2), සම්පත් රෝසා
ප්‍රවර්තන : ගයාන් සාලින්ද (3)
දඬුවම් පහර : ගයාන් සාලින්ද (2)CR & FC: 20 (07)
උත්සාහක දිනුම් : මොහොමඩ් සෂාන්, ඔමල්ක ගුණරත්න
ප්‍රවර්තන : ප්‍රින්ස් චාමර, කවිඳු ද කොස්තා
දඬුවම් පහර : ප්‍රින්ස් චාමර, කවිඳු ද කොස්තා
බ්ලූ ස්ටාර් 01 – 00 නිව් යංග්ස්
බ්ලූ ස්ටාර් කණ්ඩායම තම ශූරතා සිහිනය තව දුරටත් රඳවා ගනිමින් නිව් යංග්ස් පිලට එරෙහිව සියුම් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (22) සමත්විය. තරමක් මන්දගාමී ස්වරූපයකින් ඇදී ගිය තරගයේ පළමු අර්ධයේදී ඉදිරියෙන් සිටීමට ඇෆොන්ජා ජිබෝලාගේ විශ්මයජනක ගෝලයත් සමඟ කළුතර කණ්ඩායමට හැකි වූවත් දෙවන අර්ධයේදී ගෝල රැස් කිරීමට අපොහොසත් වීම නිසා තරගය වඩාත් තරගකාරි මුහුණුවරක් ගැනිනි.
ප්‍රථම අර්ධය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය
සම්පූර්ණ ලකුණු තත්වය: නිව් යංග්ස් ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය
ThePapare.com තරගයේ වීරයා: ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්)
ගෝල ලබාගත් ක්‍රීඩකයන්: ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්) 25′
කහ කාඩ්පත්: ඇෆොන්ජා ජිබෝලා(බ්ලූ ස්ටාර්) 75′
සම්පූර්ණ වාර්තාව: බ්ලූ ස්ටාර් කණ්ඩායම අතින් නිව් යංග්ස් පරාජය වේ
වැස්ස හරස් වූ තරගයක්
දක්ෂයින් අතර අතිදක්ෂයින් සොයන වයස අවුරුදු 19න් පහල සිංගර් කුසලාන පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරඟය ඊයේ (22) වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ජයපරාජයෙන් තොරව අවසන් විය.
මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 109.5) : නිවන්ත හේරත් 65, දුලාජ් බණ්ඩාර 46, ගිහාන් විතාරණ 32*, දේශාන් ගුණසිංහ 28, අශේන් කණ්ඩම්බි 5/36, කවිදු එදිවීර 2/61
ගාල්ල මහින්ද විද්‍යාලය පළමු ඉණිම – කිසිවෙකු නොදැවී ලකුණු 1 (පන්දුවාර 1)
සවිස්තර වාර්තාව: මහින්ද – ධර්මාශෝක සටන වැස්සෙන් නිමාවෙයි
සහන් විජේරත්නගේ සුපිරි පිතිකරණය
ප්‍රිමියර් ලීග් දේශීය ක්‍රිකට් තරගාවලියේ ඊයේ (22) ක්‍රියාත්මක වුනු තරග අතුරින් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ සිංහල ක්‍රීඩා සමාජය පූර්ණ ජයග්‍රහණ හිමි කරගත් අතර සැරසන්ස්, BRC සහ බදුරලිය ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ.
මීට අමතරව බදුරලිය පිළ නියෝජනය කරන සහන් විජේරත්න තරගය පුරාවට තම පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළේය. මෙහි දැක්වෙන ප්‍රථම තරග 4 සුපිරි 8 වටයේ සිව්දින තරග වන අතර අනෙක් තරග තුන මූලික වටයේ තුන්දින තරග ලෙස අද නිමාවට පත්විය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 61.2): මහේල උඩවත්ත 52, අශේන් සිල්වා 52, සචිත්‍ර සේරසිංහ 33, නලීන් ප්‍රියදර්ශන 4/61.
යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 183 (පන්දුවාර 74.2): ඩිල්ශාන් ද සොයිසා 47, හිමාෂ ලියනගේ 32, සචිත්‍ර සේරසිංහ 4/29, මලින්ද පුෂ්පකුමාර 3/46, අරෝෂ් ජනෝද 2/28.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 36.4): ශෙහාන් ජයසූරිය 38, නලීන් ප්‍රියදර්ශන 5/68, දුශාන් විමුක්ති 4/37.
යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 140 (පන්දුවාර 61): ජනිත් සිල්වා 37, මලින්ද පුෂ්පකුමාර 5/59.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 85): දිමුත් කරුණාරත්න 125, දසුන් ශානක 59, කවිඳු කුලසේකර 44*, දිල්රුවන් පෙරේරා 4/75, ඉශාන් ජයරත්න 3/64, ප්‍රභාත් ජයසූරිය 2/59.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 100 (පන්දුවාර 31): සදීර සමරවික්‍රම 22, විමුක්ති පෙරේරා 4/24, සචිත්‍ර සේනානායක 4/31.
සිංහල ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 57.3): කවිඳු කුලසේකර 54, කසුන් මධුශංක 48, දිල්රුවන් පෙරේරා 4/56, නිසල තාරක 3/46.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 177 (පන්දුවාර 27.5): ඉශාන් ජයරත්න 85, සදීර සමරවික්‍රම 35, සචිත්‍ර සේනානායක 4/53, විමුක්ති පෙරේරා 3/36.
සවිස්තර වාර්තාව: බදුරලිය පිළේ සහන් විජේරත්නගෙන් විශ්වකර්ම පිතිකරණයක්
වරාය ජයග්‍රහණයේ නියමුවා කොමසාරු
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජයට පූර්ණ ජයග්‍රහණ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් B කාණ්ඩයේ තවත් තරග 4ක් ඊයේ (22) නිමාවට පත්විය.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 426 dec (පන්දුවාර 79.2): රොස්කො තට්ටිල් 175, ලහිරු ශ්‍රී ලක්මාල් 115, හර්ෂන ජේම්ස් 33, නලින් විජේසිංහ 20, රුචිර සිල්වා 4/98, රසික ප්‍රනාන්දු 2/66, තනුක ධනංජය 2/80
කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 52.4): මනොජ් දේශප්‍රිය 33, රුචිර තරින්ද 29, ක්‍රිශාන් දිනිදු 21, සහන් ජයවර්ධන 3/36
කළුතර භෞතික සංස්කෘතික සමාජය දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 146 (පන්දුවාර 44): මනෝජ් දේශප්‍රිය 34, ජස්දීප් සිං 26*, බුද්ධික සඳරුවන් 4/34, අචිර එරංග 3/49
කුරුණෑගල තරුණ සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 49.3): හශාන් ප්‍රභාත් 46, චානක කොමසාරු 6/50
වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 59.3): ගයාන් මනීෂාන් 47, ප්‍රශාන් වික්‍රමසිංහ 27, තිලිණ හේරත් 4/54, දර්ශන මහවත්ත 3/16
කුරුණෑගල තරුණ සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 58): සාරංග රාජගුරු 64*, තාරක වඩුගේ 33, චානක කොමසාරු 5/46, චාමිකර එදිරිසිංහ 5/56
වරාය අධිකාරි ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 151/3 (පන්දුවාර 18.3): යොහාන් ද සිල්වා 52, අනුක් ද සිල්වා 51*, දුමින්ද දිසානායක 1/21
සම්පූර්ණ වාර්තාව: ජයග්‍රහණය ගුවන් හමුදාවට හා වරායට අධිකාරියට
ශ්‍රී ලංකාවට T20 ජයක්
දීර්ඝ කාලයක සිට පැවති පරාජයේ ඉඩෝරය නිමා කරමින් අද (22) දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරට ජයග්‍රහණයේ වැසි පතිත විය. ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගයටයි. අවසන් පන්දුවාරය තෙක්ම ඇදී ගිය එම උණුසුම් තරගය කඩුලු 3කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට ගෙන ඒමට සමත් විය.
දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 19.3): හීනෝ කූන් 29, ෆර්හාන් බිහාර්ඩියන් 27, ආරෝන් ෆන්ගීසෝ 13, ලක්ෂාන් සඳකැන් 4/23, ඉසුරු උදාන 3/13, නුවන් කුලසේකර 2/10.
ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 119 (පන්දුවාර 19.4): ඇන්ජෙලෝ මැතිව්ස් 54, නිරෝෂන් දික්වැල්ල 22, දිනේෂ් චන්දිමාල් 22, ලුන්ගිසානි නගිඩි 4/19, වේන් පානෙල් 1/16.
සම්පූර්ණ වාර්තාව: සඳකැන් සහ මැතිව්ස් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ දොරගුළු විවරකරයි