කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
තියුණු තරගයකින් ජය කොළඹට
සර්වාන් ජොහාර් අවසන් මිනිත්තුවේදී ලබා ගත් ගෝලයත් සමඟ ප්‍රභල යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් ගෝල 02-01ක් ජයග්‍රහණය වාර්තා කරන්නට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ඊයේ ආරම්භ වූ ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන සතියේ පළමු තරගයෙනි. කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවුනු මෙම තරගය, තරග සමය තුල පැවති තියුණුතම තරගය ලෙස නම් කල හැකියි.
- ප්‍රථම අර්ධය: කොළඹ පාපන්දු සමාජය 01 – 00 යුධ හමුදා ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය: කොළඹ පාපන්දු සමාජය 02 – 01 යුධ හමුදා ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: නිරාන් කණිෂ්ක
සවිස්තර වාර්තාව:රතු කාඩ් සමඟින් උණුසුම් වූ තරගයක ජයග්‍රහණය කොළඹට
එරෝෂාන්ගෙන් නොදැවී 108ක්
සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයකම පළමු දිනය ඊයේ (20) ක්‍රියාත්මක විය. ඊයේ දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට ලකුණු 108*ක් ලබා ගත් ද මැසනෝද් විද්‍යාලයේ එරෝශ් මදුසංක සමත් විය.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 264 (පන්දුවාර 72.4): ශැනොගීත් ශම්මුගනාදන් 62, ට්‍රෙවෝන් පර්සිවල් 55, ටී. බැන්ගුබන් 32, කලණ ද සොයිසා 24, රුචිර ඒකනායක 4/51, හරීන් කුරේ 4/74
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 124 (පන්දුවාර 24): කැමරන් දුරුගේ 63*, නිපුන් සුමනසිංහ 48*
කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 78.1): කවිදු මදරසිංහ 93, හේලිත විතානගේ 46, දුලීප ජයලත් 4/70, අසේල සිගේරා 3/78
කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී)- කිසිවෙකු නොදැවී ලකුණු 83 (පන්දුවාර 11): සහන් සුරවීර 43*
සවිස්තර වාර්තාව: එරෝශ්ගේ ශතකයෙන් මැසනෝද් ඉණිම වර්ණවත් වේ
කිත්රුවන් ශතකයක් වාර්තා කරයි
දේශීය ක්‍රීඩා පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 7ක් ඊයේ (20) ආරම්භ විය. එහිදී සුපිරි 8 වටය නියෝජනය කරමින් සිව්දින තරග 4ක් ද, මුල් වටයේ තෙදින තරග 3ක් ද ක්‍රියාත්මක විය.
ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 377 (පන්දුවාර 87.3): කිත්රුවන් විතානගේ 130, මනෝජ් සරත්චන්ද්‍ර 63, ජීවන් මෙන්ඩිස් 40, තරංග පරණවිතාන 30, ලහිරු මධුශංක 4/77, ලහිරු ගමගේ 3/83.
සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 275 (පන්දුවාර 80): දිමුත් කරුණාරත්න 125, දසුන් ශානක 59, කවිඳු කුලසේකර 38, දිල්රුවන් පෙරේරා 4/70, ප්‍රභාත් ජයසූරිය 2/59.
NCC – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 62): තිමිර ජයසිංහ 37, ඇන්ජෙලෝ පෙරේරා 59, චතුරංග ද සිල්වා 83, චතුර පීරිස් 4/60, අමිල අපොන්සු 2/72, තිලක්ෂ සුමනසිරි 2/29
රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 43 (පන්දුවාර 21): ෆර්වීස් මහරූෆ් 2/14.
සවිස්තර වාර්තාව: කිත්රුවන්, සහන් සහ දිමුත් ප්‍රථම දිනයේදීම ශතක අතරට
යොවුන් ක්‍රීඩකයෝ සිම්බාබ්වේ පරාජය කරයි
මේ දිනවලදී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන යොවුන් කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියේ පස්වන තරගය ඊයේ (20) බෝලන්ඩ් පාක් හිදී ක්‍රියාත්මක විය. ඒ ශ්‍රී ලංකා යොවුන් පිළ සහ සිම්බාබ්වේ යොවුන් පිළ අතරයි. එහිදී ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමිවිය.
සිම්බාබ්වේ යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 192 (පන්දුවාර 50): ඩැනියෙල් විඩ්සායි 34, ලියාම් රෝචි 32, ටනුනුර්වා මාකෝනි 30, ඩියෝන් මැසවිඩ්සා 25, කමිඳු මෙන්ඩිස් 2/23, තිසරු ඩිල්ශාන් 2/25, නිපුන් රංසික 2/51.
ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 3ක් දැවී ලකුණු 194 (පන්දුවාර 33): විශ්ව චතුරංග 90, අවිශ්ක ප්‍රනාන්දු 48, කමිඳු මෙන්ඩිස් 33*, ලියාම් රෝචි 1/30, ඩියෝන් මැසවිඩ්සා 1/37.
පළමු විස්සයි-20ත් පරාදයි
ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගන්නට නව මුහුණුවරකින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් සමත් විය. අත්දැකීම් සහිත පිතිකරුවන්ගේ දායකත්වයෙන් ගොඩනැගුනු විශාල ඉලක්කය හඹා යන්නට ශ්‍රී ලංකා නවකයන් දැඩි වෙහෙසක් දැරුවද එය සාර්ථක කරගන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුනේ නැත.
දකුණු අප්‍රිකාව – 126/6 (10) : ඩේවිඩ් මිලර් – 40, ෆර්හාන් බෙහර්දීන් – 31*, තෙයුනීස් ඩි බ්රයින් – 19, නුවන් කුලසේකර – 2/27
ශ්‍රී ලංකාව – 107/6 (10) – නිරෝෂන් දික්වැල්ල – 43, ධනංජය ද සිල්වා – 27, සීක්කුගේ ප්‍රසන්න – 12, ලුංගී එන්ගීඩි – 2/12, ඉම්රාන් තහීර් – 2/23
සම්පූර්ණ වාර්තාව: දකුණු අප්‍රිකාවේදී ජය සොය