කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
මැසනොඩ් හමුවේ ජෝසප් වාස්ට ජය
තර්ස්ටන් විද්‍යාලයට හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පූර්ණ ජයග්‍රහණ හිමි කර දුන් ඊයේ (7) දිනය තුල, සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් සාර්ථක අවසන් විය. එමෙන්ම අද දිනය තුල අර්ධ ශතක හා ශතක රැසක්ම වාර්තා වීම කැපී පෙනිනි.
සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 279 (63.4): සාජිත් සමීර 114, මොහොමඩ් ශහදුල්ලා 50, මන්ජිත් රාජපක්ෂ 3/48, මනුජ පෙරේරා 2/28
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 282/9 (107.4): නදීර බාලසූරිය 76*, කනිෂ්ක ජයසේකර 38, අභිෂේක් ඉසුරංග 32, මනජිත් රාජපක්ෂ 29, මොහොමඩ් රීසා 28, මොහොමඩ් මහදිල් 4/72, අහමඩ් ආදිල් 3/13
සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කිසිවෙකු නොදැවී 32 (13):
ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 216 (68.1): විහාන් ගුණසේකර 104, පසිදු චානක 30, ඩැනියල් ගීතාංජන 22*, එම්.ඩී. නවීන්ද්‍ර 4/37, ලකිඳු අරෝශ් 4/43
ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 213 ( 73.3): අසින්ත මල්ශාන් 59, පැතුම් මහේෂ් 41, ටෙශාන් මලින්ද 25, පෘථිවි රූසර 21, මුදිත ලක්ෂාන් 5/63, විහාන් ගුණසේකර 2/39
ඩී.එස්. සේනානායක විද්‍යාලය දෙවන ඉනිම – 157/5 (52): විහාන් ගුණසේකර 56, පසිදු චානක 40*, ටොරින් පිටිගල 29
සම්පූර්ණ ලකුණු සටහන: තර්ස්ටන් සහ සාන්ත ජෝසප් විද්‍යාල වලට පූර්ණ ජයක්
යුධ හමුදාවට ඉණිමක ජයක්
දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින් සොයා යන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තරග 7ක් ඊයේ (07) නිමාව දිටීය. එහිදී දිනයේ කැපී පෙනෙන චරිතය බවට පත්වුනු හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සචිත්‍ර සේරසිංහ දකුණත් මැදපෙළ පිතිකරු සචිත්‍ර සේරසිංහ තම ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කළේය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 213 (පන්දුවාර 55): මධූක ලියනපතිරණගේ 40, රුක්ෂාන් ශෙහාන් 35, මලින්ද පුෂ්පකුමාර 35, ලහිරු ගමගේ 4/65.
කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 53.5): මාධව වර්ණපුර 71, වනිඳු හසරංග 35, ඩිල්ශාන් මුණවීර 33, අරෝෂ් ජනෝද 3/19, මලින්ද පුෂ්පකුමාර 3/51, ඉසුරු උදාන 2/39.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 461 (පන්දුවාර 124.2) :සචිත්‍ර සේරසිංහ 207, විදුර අධිකාරි 101, රුක්ෂාන් ශෙහාන් 44, තික්ෂිල ද සිල්වා 28, ඉසුරු උදාන 20, අශාන් ප්‍රියන්ජන් 3/57.
කොළඹ ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 118 (පන්දුවාර 27.1): රවින් සේයර් 26, මලින්ද පුෂ්පකුමාර 7/58, ඉසුරු උදාන 2/15.
සම්පූර්ණ ලකුණු සටහන: සචිත්‍රගේ ද්විත්ව ශතකයෙන් හලාවතට දැවැන්ත ජයක්
කාන්තාවෝ පරාජය වෙති
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඊයේ (07) පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පවතී පළමු තරගයේදීම ඉන්දියාව හමුවේ ලකුණු 114කින් පරාජයට පත්විය.
කාසියේ වාසිය දිනාගත් මිතිලි රාජ් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තද, ඉන්දියානු කණ්ඩායමේ පළමු කඩුල්ල වන මොනා මෙෂ්රාම් තරගය මුලදී ම දවා ගන්නට උදේශිකා ප්‍රබෝධිනිගේ දක්ෂ පන්දු යැවීමට හැකි විය. උදේශිකා සහ ශ්‍රීපාලි වීරක්කොඩි යන ආරම්භක පන්දුයවන්නියන් දෙදෙනාම තම උසස් පන්දු යැවීමෙන් ප්‍රතිවාදීන්ට ඉතා හොඳ පීඩනයක් එල්ල කලේ පළමු පන්දුවාර 10 තුල අඩු ලකුණු ප්‍රමාණයක් ලබා දීමෙනි.
සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ආරම්භය විශාල පරාජයකින්
තරංගගේ අපතේ ගිය ශතකය
දකුණු අප්‍රිකාව සමඟ පැවති සිව්වැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාවට ජය මාවත සොයා ගැනීමට නොහැකි වුවද කලින් තරග තුනේදීම නොතිබුණු ආකාරයේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් ඊයේ (08) ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දක්නට ලැබුණි. ඒ අනුව ලකුණු 367ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔවුන් පරාජය ලැබුවේ ලකුණු 40කිනි.
දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 367 (පන්දුවාර 50): ෆැෆ් ඩූ ප්ලෙසිස් 185, ඒ. බී. ඩිවිලියර්ස් 64, ක්වින්ටන් ඩි කොක් 55, ෆර්හාන් බිහාර්ඩියන් 36*, ජේ. පී. ඩුමිනි 20, සචිත් පතිරණ 2/55, ලහිරු කුමාර 2/73, ලහිරු මධුශංක 1/69.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 327 (පන්දුවාර 48.1): උපුල් තරංග 119, නිරෝෂන් දික්වැල්ල 58, සඳුන් වීරක්කොඩි 58, අසේල ගුණරත්න 38, කුසල් මෙන්ඩිස් 29, වේන් පාර්නෙල් 4/58, කාගිසෝ රබාඩා 2/50, ඩ්වේන් ප්‍රිටෝරියස් 2/55, ඉම්රාන් තහීර් 2/76.
සවිස්තර තරග වාර්තාව: තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාව සටනක් දී පරාජය වෙයි