ගෙවුනු දවස පෙබරවාරි 26 – දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

849
Sri Lanka sports news last day summary February 26th

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට  හැකි වෙයිද?

England Lions v Sri Lanka Aසංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ (26) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. මේ වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යා හැකි ආකාරයේ පසුබිමක් නිර්මාණය වී ඇති මෙම තරගයේ තීරණාත්මක අවසන් දිනය හෙටයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 97.5): ලියාම් ලිවින්ග්ස්ටන් 105, ටොම් වෙස්ට්ලි 68, කීතන් ජෙනින්ග්ස් 44, බෙන් ෆෝක්ස් 30, මැතිව් ලීච් 22*, ඔලී රේනර් 19, මලින්ද පුෂ්පකුමාර 8/127, අසිත ප්‍රනාන්දු 1/41, ධනංජය ද සිල්වා 1/44.

ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 548 (පන්දුවාර 135.2): දිමුත් කරුණාරත්න 212, සදීර සමරවික්‍රම 185, ධනංජය ද සිල්වා 74, ජෙෆ්රි වැන්ඩර්සේ 26, මලින්ද පුෂ්පකුමාර 20, ඔලී රේනර් 4/164, රෝලන්ඩ් ජෝන්ස් 3/67, ටොම් කුරාන් 2/74.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 32 (පන්දුවාර 11): හසීබ් හමීඩ් 14, කීතන් ජෙනින්ග්ස් 11*, ධනංජය ද සිල්වා 1/4, මලින්ද පුෂ්පකුමාර 1/12.

සම්පූර්ණ තරග වාර්තාව: ජයග්‍රහණයට දොරටු විවර කරමින් දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්


පාපන්දු –

ගුවන් හමුදාව 03 – 00 සොලිඩ්

Air Force SC v Solid SCගුවන් හමුදා කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර කැළණියේ දී ඊයේ (26) පැවති තරගයෙන් ගෝල 03-00ක් ලෙස ජයග්‍රහණය කරන්නට ගුවන් සෙබළුන් සමත් වූහ. සොලිඩ් සමාජය ක්‍රීඩකයින් 7 දෙනෙකු සමඟින් සෙල්ලම් කලේ ක්‍රීඩකයින් ආබාධ වලට ලක්වීම නිසාවෙනි. එම වාසිය ද සමඟින් ගුවන් හමුදාව සුපිරි 8 දෙනාගේ වටයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

සවිස්තර වාර්තාව: සොලිඩ් හමුවේ ගුවන් හමුදාවට පහසු ජයක්


රග්බි –

ජයග්‍රහණය ඉසිපතනයට

TP-64සටන්කාමී ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයන් හමුවේ ඊයේ (26) පැවති තරගයෙන්, පාසල් රග්බි ලීග් තරගාවලියේ වත්මන් ශූරයන් වන ඉසිපතන විදුහලට ලකුණු 18-12ක ජයක් හිමිවිය. තෙතබරිත බෝගම්බර පිටියේ දී තරගය පැවති අතර කණ්ඩායම් දෙකටම පිටියේ ස්වභාවයට අනුගත වීම තරමක් අපහසු බව පෙනුණි. තරග පිටියේ සීමාවන් පවා නොපෙනෙන අන්දමට බෝගම්බර පිටිය මඩවගුරක්ව තිබිණි.

සවිස්තර තරග වාර්තාව: ලකුණු හයක පරතරය, ඉසිපතනයේ ජය තහවුරු කරයි

දිනයක අවසානය