කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
ලංකාව හමුවේ සිම්බාබ්වේ කාන්තාවෝ දෙවෙනි වෙති
කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ හතරවැනි දිනයේ (11) පැවති තරගයකින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. මෙම තරගය නන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩාංගණයේ දී සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම අතර පැවැත්විය.
.
.සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවෝ දෙවන ජයත් වාර්තා කරති
වේල්ස් කුමරුවන්ට පූර්ණ ජයක්

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 176 (49.3): ඩියෝන් ස්ට්‍රියුටර් 32, නිපුන් අශෝක් 26, සුනෙර ජයසිංහ 26, හරීන් කුරේ 5/45, නිපුන් සුමනසිංහ 3/26
සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 127 (41.1): දිනෙත් මදුරාවල 54, සඳරුවන් ධර්මරත්න 5/39, විරාජිත ජයසිංහ 4/34
සාන්ත අන්තෝනි විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 128 (35.5): මොහොමඩ් අෆ්තාර් 60, හරීන් කුරේ 5/41, නිපුන් සුමනසිංහ 3/20
සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 122/8 (58): දිනෙත් ජයකොඩි 31, හරීන් කුරේ 24, සඳරුවන් ධර්මරත්න 4/47
සහිරා විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 218 (57): මොහාමඩ් සමාශ් 83, මොහොමඩ් නජිත් 60, ඩිල්ශාන් ලක්ෂිත 3/24, සිතුම් නිල්මින්ද 2/20
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 58 (20): චිත්‍රක හිරන්ත 17, සාජිත් සමීර 4/15, හශ්මි හුසේන් 2/15
සහිරා විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 4ක් දැවී ලකුණු 40 (14):
සවිස්තර ලකුණු සටහන: නිවන්ත හේරත් දක්ෂ පිතිකරණයක
සභාපති කණ්ඩායම නිපුන්ට

.
සම්පූර්ණ සංචිතය: සභාපතිගේ කණ්ඩායමේ වගකීම් නිපුන් කරුණානායකට
රිනවුන් 02 – 00 ගුවන් හමුදාව
රිනවුන් කණ්ඩායම කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවති තරගයේ දී ඉතා අගනා ජයග්‍රහණයක් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් විය. ජොබ් මයිකල් සහ මොහොමඩ් උස්මාන්ගේ කැපී පෙනෙන දක්ෂතා නිසාවෙන් ඔවුන්ට තරගය ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට හැකි විය.
- ප්‍රථම අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය: රිනවුන් ක්‍රීඩා සමාජය 02 – 00 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් උස්මාන් (රිනවුන් කණ්ඩායම)
සවිස්තර වාර්තාව: රිනවුන් අතින් ගුවන් බලය පරාජය වේ
ශූරතාවය මහනුවර
ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ සමත් විය. ඒ 59-03ක් ලෙස CH & FC ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.
එමෙන්ම ඊයේ තවත් තරගයක් CR & FC කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවති අතර එම තරගයෙන් 23-22ක් ලෙස තියුණු ජයක් ලබා ගන්නට CR ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ තරගයේ අවසන් මිනිත්තුවේදී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි.
























