ගෙවුනු දවස: දෙසැම්බර් 08 – මුල් පුටුවකට අලුත් කෙනෙක්

528
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු

මෙතෙක් කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කල චරිත් සේනානායක මහතා වෙනුවට ශ්‍රී ලංකා පිළේ එළැඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නව කළමනාකරු ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කල රංජිත් ප්‍රනාන්දු මහතා මෙම ධූරය සඳහා නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (08) දැනුම් දුන්නේය.

2008 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අනුර තෙන්නකෝන්ගෙන් පසුව චරිත් සේනානායක මෙම ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඉන් අනතුරුව 2013 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ඔහුව තනතුරෙන් ඉවත් කෙරුණු අතර මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී නැවතත් ඔහු කළමනාකාර ධූරයට පත්විය.

සම්පූර්ණ ලිපිය: චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු නව කළමනාකරු ලෙස පත් කෙරේ


ගයාන්ගේ සුපිරි දස්කම්

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු තරු සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ එක් තරගයක් සහ B කාණ්ඩයේ එක් තරගයක් ඊයේ (08) පැවැත්වුණි. එහිදී දිනයේ සුවිශේෂීම ක්‍රීඩකයා බවට පත්වීමට පානදුර ක්‍රීඩා සමාජයේ වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ගයාන් සිරිසෝම සමත් විය.

ගාලු ක්‍රිකට් සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 247 (පන්දුවාර 83): දිල්හාන් කුරේ 81*, ශාලික කරුණානායක 45, එරංග රත්නායක 34*, ජීවන් මෙන්ඩිස් 2/56.

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 80.1): චාමර සිල්වා 58, චරිත බුද්ධික 55*, සංජය චතුරංග 50, මංගල කුමාර 4/100.

කළුතර නගර සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 61.1): රිෂිත් උපමාල් 41, මංගල කුමාර 41, ගයාන් සිරිසෝම 7/53, සංජය චතුරංග 2/35.

කළුතර නගර සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 112 (පන්දුවාර 41): තරිඳු සිරිවර්ධන 50*, රිෂිත් උපමාල් 29, ගයාන් සිරිසෝම 3/34.

සම්පූර්ණ වාර්තාව: පානදුර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා පියවර ඔසවයි

දිනයක නිමාව