ගෙවුනු දවස: දෙසැම්බර් 07 – රන් කුසලානයෙන් අභිෂේක ගැන්වූ දිනයක්

353

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

වොලිබෝල් –

කටාන එක්සත්, කොස්වාඩිය විජය, සීදූව දවිසමර සහ කැෂුවල් ලයින් ශූරතා දිනා ගනී

ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරඟාවලියේ පිරිමි සහ කාන්තා විවෘත අංශයේ අවසන් මහා තරඟ ඊයේ (7) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී විවෘත පිරිමි අංශයේ ශූරතාවය දිනාගත්තේ කටාන එක්සත් කණ්ඩායම විසින් වන අතර පිට පිටම හත්වන වතාවටත් කාන්තා ශූරියන් බවට පත්වන්නට කොස්වාඩිය විජය කණ්ඩායම සමත් විය.

එහිදී 22න් පහල පිරිමි ශූරතාවය සීදූව දවිසමර කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා ශූරතාවයට හිමිකම් කියූවේ මාවතගම කැෂුවල් ලයින් කණ්ඩායමයි.

  • 25-19, 16-25, 25-22, 25-16 (කොස්වාඩිය විජය).
  • 25-10, 25-22, 25-18. (කටාන එක්සත්).
  • 25-14, 20-25, 25-12, 25-18 (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය)
  • 25-23, 15-25, 12-25, 19-25 (දවිසමර ක්‍රීඩා සමාජය)

සවිස්තර තරග වාර්තාවන් සඳහා පිවිසෙන්න


ක්‍රිකට් –

අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය

ආබාධයෙන් සම්පූර්ණ සුවය ලැබූ ඇන්ජෙලෝ මැතිව්ස්ට මෙම මස අගදී ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේදී පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙහෙයවීම සඳහා වරම් හිමිව තිබේ.

එසේම දේශීය ක්‍රිකට් තරගයක් අතරතුරදී මහපටැඟිල්ලේ අස්ථි බිඳීමකට මුහුණ දුන් උප නායක දිනේෂ් චන්දිමාල්ද නැවත ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව තිබේ. මෙම ආබාධ තත්ව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයාට හා උප නායකයාට නිමාවූ සිම්බාබ්වේ සංචාරය සම්පූර්ණයෙන්ම අහිමි විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ධනංජය ද සිල්වා, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, විකුම් සංජය.

සම්පූර්ණ ලිපිය: මැතිව්ස්, චන්දිමාල් සහ චමීර නැවතත් සංචිතයට


රග්බි –

රග්බි සංචිතය සූදානම්

කනිෂ්ඨ රග්බි ඒෂියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, ඊයේ (07) තේරීම් කමිටුව මඟින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය. තරගාවලිය මැලේසියාවේදී දෙසැම්බර් 11 වැනිදා සිට 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.

සංචිතය: රමේෂ් ප්‍රනාන්දු, වගීෂ වීරසිංහ, සයාන් සබර්, අධීෂ වීරතුංග, ලහිරු විශ්වජිත්, උදය සංජුල, රවීන් යාපා, ෂලින්ද්‍ර අලහකෝන්, කුෂාන් ඉඳුනිල්, නිඛිල ගුණධීර, අශ්වන්ත හේරත්, පන්ඩුල ද සිල්වා, ගයාන් වික්‍රමරත්න, නිරෝෂ් උදයංග, ධනුජ විජේරත්න, තනුජ මධුරංග, හරිත් බණ්ඩාර, වජීඩ් ෆවුමි, සන්දේශ් ජයවික්‍රම, ජනිත් ලක්සර, අශෝක් විජේකුමාර්, අවීශ ප්‍රියංකර, රොමේෂ් ප්‍රියංකර, සුපුන් විජේසූරිය, නවීන් හේනකන්කානම්ගේ

සවිස්තර ලිපිය බලාපොරොත්තුවන්න

දිනයක නිමාව