ගෙවුනු දවස: දෙසැම්බර් 23 – යොවුන් කිරුළ ඉන්දියාවට

549
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

ශ්‍රී ලංකාවට අනුශූරතාවය

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක පළමු ඉනිමේ හොඳ ලකුණු සංඛ්‍යාවක අවශ්‍යතාව යලිත් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරදවා ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල එක්දින ශූරතාව දිනා ගන්නට ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් සමත් විය. ඒ අවසන් මහා තරගය ලකුණු 34කින් ජය ගනිමිනුයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහල –  273/8 (50) : හිමාන්ෂු රානා – 71, ශුබ්මන් ගිල් –70, ප්‍රීත්වී ෂෝ – 39, නිපුන් රන්සික – 3/50, ප්‍රවීන් ජයවික්‍රම – 3/53

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල – සියල්ලන් දැවී 239 (48.4) : රේවන් කෙලී – 62, කමිඳු මෙන්ඩිස් – 53, හසිත බෝයගොඩ – 37, අභිෂේක් ශර්මා 4/37, රාහුල් චහාර් – 3/22

සම්පූර්ණ ලිපිය: ඉන්දීය යොවුන් දඟ පන්දු යවන්නන් ආසියානු ශූරතාව සොරා ගනිති


හලාවතට දැවැන්ත ජයක්

දේශීය ක්‍රිකට් පිටියේ විශිෂ්ටයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දොරගුළු විවර කරදෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තවත් තරග 5ක් ඊයේ (23) නිමාවට පත්විය. එහිදී හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පමණක් දැවැන්ත ජයග්‍රහණයකට හිමිකම් කියූ අතර BRC, SSC, රාගම සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ වලට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වලින් සෑහීමකට පත් වන්නට සිදු විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 552 (පන්දුවාර 113.3): ශෙහාන් ජයසූරිය 168, සචිත්‍ර සේරසිංහ 151, මහේල උඩවත්ත 53, රුක්ෂාන් ශෙහාන් 50*, මලින්ද පුෂ්පකුමාර 41, සජීව වීරකෝන් 3/161.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 157 (පන්දුවාර 60.2): නිලුශාන් නෝනිස් 47, මලින්ද පුෂ්පකුමාර 5/70, තික්ෂිල ද සිල්වා 3/22.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 60.3): ශාලික කරුණානායක 64, මලින්ද පුෂ්පකුමාර 6/78, ශෙහාන් ජයසූරිය 3/14.

BRCසියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 74.2): ලසිත් ලක්ෂාන් 63, හශේන් රාමනායක 53, චානක විජේසිංහ 52, තිලාන් තුෂාර 3/54, දිලංක සඳකැන් 3/80.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 226 (පන්දුවාර 61.3): රුවිඳු ගුණසේකර 50, ප්‍රිමෝශ් පෙරේරා 45, ටී. එම්. සම්පත් 4/57, දිනුක හෙට්ටිආරච්චි 4/73.

BRC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 280 (පන්දුවාර 64.2): ටී. එම්. සම්පත් 92, ලසිත් ලක්ෂාන් 46, රුවිඳු ගුණසේකර 4/34.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 325 (පන්දුවාර 55): ප්‍රිමෝශ් පෙරේරා 104, ශානුක දුලාජ් 70, පබසර වඩුගේ 50, හශේන් රාමනායක 5/88.

සම්පූර්ණ ලිපිය: ශෙහාන්, සචිත්‍ර සහ මලින්ද හලාවතට දැවැන්ත ජයක් ගෙනෙයි


ගුවන් හමුදාව පරදා ජය පොලීසියට

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම පසුගියදා (21) ආරම්භ වූ අතර ඊයේ (23) එම තරඟ වල අවසන් දිනයන් පැවැත්විය. එම තරග වලින් ලංකන් ක්‍රිකට් සමාජය, වරාය අධිකාරි ක්‍රීඩා සමාජය, පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 89.2): චානක රුවන්සිරි 100, ලක්ෂාන් රොද්‍රිගෝ 91, ලාල් කුමාර 86, රජීව වීරසිංහ 51 , මිතුන් ජයවික්‍රම 3/103, චරිත් මාපටුන 2/50

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 253 (පන්දුවාර 79.1): හශාන් ප්‍රභාත් 76, අනුරුද්ධ රාජපක්ෂ 40, රජීව වීරසිංහ 4/59, නවීන් කවිකාර 3/81

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 90 (පන්දුවාර 38.1): හශාන් ප්‍රභාත් 42*, ධනුෂ්ක ධර්මසිරි 16, රජීව වීරසිංහ 6/42, නවීන් කවිකාර 3/46

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 76.2): බුද්ධික සඳරුවන් 43*, රොස්කො තහටිල් 38, මංජුල ජයවර්ධන 4/47, පාලිත කුමාර 2/15

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 87.1): සමිත් දුශ්ශන්ත 82, සුවන්ජි මඳනායක 31, සොහාන් රංගික 3/36

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 45.1): රොස්කො තහටිල් 66, මංජුල ජයවර්ධන 7/59

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 128 (පන්දුවාර 59.5): තරිදු ඩිල්ශාන් 32, සුවන්ජි මදනායක 27, අකිල ලක්ෂාන් 26, සොහාන් රංගික 5/42

සම්පූර්ණ ලිපිය: තියුණු තරගයක ජය පොලිසියට


නාලන්දාවෙන් විශිෂ්ඨ දස්කම්

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A හා C කාණ්ඩ වල තවත් තරඟ තුනක් 22 පැවැත්වූ අතර, 21 ආරම්භ වූ තරඟයෙන් නාලන්ද විද්‍යාලය ඉණිමක හා ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් විය.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 307 dec (පන්දුවාර 65): අවිශ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් 45*, මාලිංග අමරසිංහ 35, මහීම වීරකෝන් 3/89

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 60.2): මහීම වීරකෝන් 60*, ලසිත රසාංජන 5/37, මාලිංග අමරසිංහ 2/35

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම (F/O)සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 47.3): කනිෂ්ක ජයසුන්දර 39, සුහඟ විජේවර්ධන 3/09, මදුෂාන් හසරංග  2/17

සම්පූර්ණ ලිපිය: නාලන්ද විද්‍යාලයට ඉණිමක ජයග්‍රහණයක්

දිනයක නිමාව