කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
මැතිව්ස්ට යලිත් ආබාධයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ ඊයේ (11) ‘Indore’ නුවර දී පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් සිය තෙවන පන්දුවාරය යොමු කරමින් සිටින අතරතුර දී පළමු කාණ්ඩයේ පාදයේ ආබාධයකට මුහුණ දීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යාමට සිදු විය.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරද්දී ද ඔහු පන්දුවට පහර දීමට පැමිණියේ නැත. කෙසේ නමුත් තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 88ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු විය.
සම්පූර්ණ වාර්තාව: පාදය නැවතත් මැතිව්ස්ට හරහට හිටී
රොහිත් මිලර්ගේ වාර්තාව සමකරයි

පිතිකරණ පාරාදීසයක පැවති මෙම තරගයේ දී සුපිරි පිතිකරණ දක්ෂතා ප්‍රකට කළ රෝහිත් ශර්මා නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රවේගකාරී ශතකයක හිමිකරු වන්නට ද ඊයේ දිනයේ දී සමත්කම් දැක්වීය. පන්දු 35ක් තුල තම ශතකය වාර්තා කරගත් රෝහිත් ඊයේ දිනයේ දී, දකුණු අප්‍රිකානු සුපිරි ප්‍රහාරක ඩේවිඩ් මිලර් සතුව තිබූ ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයේ වාර්තාව සම කිරීමට ද සමත් විය.
සම්පූර්ණ වාර්තාව: රෝහිත්ගේ ගිණිකෙළි මැද කුසල් පෙරේරාගෙන් දර්ශනීය මල් වෙඩිල්ලක්!
පළමු දිනයේ දී ම දේශාන්ගෙන් ශතකයක්

එහි දී අගනා ශතකයක් වාර්තා කර ගත් දේශාන් ඩයස් සහ ශතකය අභියස සිටින ජනිත් ලියනගේ පිත්තෙන් සුපිරි දක්ෂතා අතරට පිවිසි අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සචිත්‍ර සේනානායක කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් ප්‍රකට කළේය.
BRC – සියල්ලන්ම දැවී ලකුණු 244 (පන්දුවාර 77.4) : දේශාන් ඩයස් 105, රුමේෂ් බුද්ධික 38, සුරාජ් රන්දිව් 24, සනිත ද මෙල් 22, ලසිත් ඇඹුල්දෙණිය 6/59, ලහිරු කුමාර 2/34, තරිඳු කෞෂාල් 2/64.
NCC – එක් කඩුල්ලක් දැවී ලකුණු 34 (පන්දුවාර 10)
සම්පූර්ණ තරග වාර්තාව: දේශාන්ගෙන් 105ක්; ජනිත් ලියනගේත් ශතකයක් අභියස!
දෙවැනි දිනයේ උණුසුම් සටනක්

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම – 349/10 (70): චානක රුවන්සිරි 120*, මදුරංග සොයිසා 74, ලක්ෂාන් රොද්‍රිගෝ 53, ගීත කුමාර 43, ලක්ෂාන් ප්‍රනාන්දු 3/69, බුද්ධික සඳරුවන් 3/81.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම – 192/10 (45.5): උදයවංශ පරාක්‍රම 45, ලක්ෂාන් ප්‍රනාන්දු 33, දිනුක මාලන් 4/54, ගීත් කුමාර 2/01, රජිව වීරසිංහ 2//12.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම F/O (දෙවන දිනය අවසානයේ) – 206/4 (44): උදයවංශ පරාක්‍රම 89*, කසුන් අබේරත්න 64.
සියලු තරගවල වාර්තාව: උද්වේගකර සටනකට ඇරඹුමක්; ජයග්‍රහණය කා හට ද?






















