ගෙවුනු දවස: දෙසැම්බර් 19 – මාරිස්ටෙලා, හුසෙයිනි විදුහල් පරාජය වේ

585
Sri Lanka Sports News last day summary December 3rd

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –

චරිත්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාවේ අනාගත තාරුණ්‍යයේ හැකියාවන් උරගාබලන “ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 2016” ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරඟය A කාණ්ඩයේ තරඟයක් ඊයේ (19) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ විය. එහිදී ටැමිල් යූනියන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට පුලින තරංග හා මනෝජ් සරත්චන්ද්‍ර සමත් විය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 252 (පන්දුවාර 63.3): චරිත් ජයම්පති 50, චාමික කරුණාරත්න 48, පුලින තරංග 39, සාලිය ජීවන්ත 4/51, අසංක සිල්වා 3/70

බදුරලිය ක්‍රීඩා සමාජ දෙවන ඉණිම(පළමු දිනය අවසානයේ දී) – 44/03 (පන්දුවාර 19): සචින් හේවාවසම් 15, ජීවන් මෙන්ඩිස් 1/06, චාමික කරුණාරත්න 1/15

සම්පූර්ණ ලිපිය: මනෝජ් හා තරංග, ටැමිල් යූනියන් ගොඩගනියි


ලහිරු පන්දුවෙන් දස්කම් දක්වයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (19) දිනය ගෙවී ගියේ පන්දුවට සහ පිත්තට සමතැන් හිමිකර දෙමිනි. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලියස් ඩූ ප්ලෝයි බිඳ වැටෙමින් තිබූ දකුණු අප්‍රිකා ඉනිම නැවත ගොඩනැගූ අයුරු කැපී පෙනුණි. නමුත් ලහිරු කුමාරගේ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානුවන්ගේ හඹා යෑම එතරම් සාර්ථක වූයේ නැත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 373 (පන්දුවාර 98.5): කෞෂාල් සිල්වා 80, කෞෂාල් සිල්වා 71, ධනංජය සිල්වා 62, කුසල් මෙන්ඩිස් 51, කුසල් ජනිත් පෙරේරා 25, දිනේෂ් චන්දිමාල් 23, ඩුවාන් ඔලිවියර් 4/54. ජෝර්ජ් ලින්ඩ් 3/85, ජේසන් ස්මිත් 1/37,

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 285 (පන්දුවාර 67): ලියස් ඩු ප්ලෝයි 142, කායා සොන්ඩෝ 25, ජෝර්ජ් ලින්ඩ් 25*, ලහිරු කුමාර 3/36, ඇන්ජෙලෝ මැතිව්ස් 2/15, දිල්රුවන් පෙරේරා 2/22, නුවන් ප්‍රදීප් 1/37.

සම්පූර්ණ ලිපිය: ලහිරු කුමාරගේ වේග පන්දුවෙන් දකුණු අප්‍රිකානුවන්ට තර්ජනයක්


පාපන්දු –

සිරිකුරුස සහ සාන්ත ජෝසප් විදුහල් අවසන් තරගයට

19න් පහල පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව තරඟ ද්විත්වයක් අද (19) මොරගස්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ප්‍රථම තරඟය මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජයගත්තේ කළුතර සිරිකුරුස විදුහලයි. දෙවන තරඟය හමීඩ් අල් හුසෙයිනි විදුහලට එරෙහිව ගෝල 4-3ක් ලෙස දඬුවම් පහරවලින් ජයගත්තේ මරදාන සාන්ත ජෝසප් විදුහලයි.

ප්‍රථම අර්ධය – කළුතර සිරිකුරුස විද්‍යාලය 2-0 මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

සම්පුර්ණ කාලය – කළුතර සිරිකුරුස විද්‍යාලය 2-1 මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

  • කළුතර සිරිකුරුස විදුහල – කෙවින් නිර්මාල් 2′ , නිර්මාල් උදාර 18′.
  • මීගමුව මාරිස්ටෙලා විදුහල – අංජන ගුණවර්ධන 74′.

ප්‍රථම අර්ධය – හමීඩ් අල් හුසෙයිනි විදුහල 0-0 සාන්ත ජෝසප් විදුහල

දඬුවම් පහර එල්ල කළ ක්‍රීඩකයන් (4-3)

  • හමීඩ් අල් හුසෙයිනි විදුහල –  මොහොමඩ් සාජිඩ්, අමාන් ෆයිසර්, මොහොමඩ් ෆාසිල්, මොහොමඩ් රිශාන් (අසාර්ථකයි), සඳරු නිශාඩ්. (අසාර්ථකයි)
  • සාන්ත ජෝසප් විදුහල – නිමේෂ් සාලින්ද, සචින්ත මධුරංග, අසේල මධුශාන්, චමත් රශ්මිත

සම්පූර්ණ ලිපිය: සාන්ත ජෝසප් කණ්ඩායම දඬුවම් පහරවලින් ජය ලබයි

දිනයක නිමාව