ගෙවුනු දවස අගෝස්තු 30 – ප්‍රවීනයෙකුගේ වගකීම කාහටද?

578
Sri Lanka Sports News

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ඩිල්ෂාන් වෙනුවට සචිත්.

පසුගිය ඉරිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වූ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තෙවන එක්දින තරඟයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන් තිලකරත්න ඩිල්ශාන් වෙනුවට සචිත් පතිරණ කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

අවුරුදු 27ක් වන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සචිත් පතිරණ දැනට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 3ක් ක්‍රීඩා කර ඇති අතර එම තරඟ 3 තුළ ලකුණු 66ක් ලබාගැනීමට සමත්ව ඇත. ඔහුගේ එක්දින ජාත්‍යන්තර පිටියේදී දළ ලකුණු ලබාගැනීම් වේගය ලකුණු 22ක් පමණ අගයක පවතියි. පතිරණ දැනට ජාත්‍යන්තර පිටිය තුළ 4 පහරවල් 5ක් හා 6 පහරවල් 2ක් එල්ල කර ඇති අතර එක් උඩ පන්දුවක් පමණක් රැකගැනීමට සමත්ව ඇත.

සම්පූර්ණ ලිපිය: විශිෂ්ටයෙකුගේ අඩුව පුරවන්න සචිත් පතිරණ


සංවර්ධන කණ්ඩායමට බලාපොරොත්තුවක්.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා  සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරගයේ තෙවන දිනය ඊයේ (30) හරාරේ පිටියේදී නිමාවූයේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම මෙම තරඟය පිළිබඳව ජයග්‍රහණයක් සිතෙහි පෙරදැරි කරගෙනයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම – 346-10 (89.4) සඳුන් වීරක්කොඩි 151, චරිත් අසලංක 103, කසුන් මදුසංක 25*, රුමේෂ් බුද්ධික 17, කාල් මුම්බා 6/89, වික්ටර් නව්වාචි 3/48

සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 177-10 (54.2) බ්‍රයන් චැරී 59, ටැරිසායි මුස්කන්ඩා  24, ජෝයිලෝඩ් ගුම්බි 23, ශෙහාන් මදුසංක 3/25, සංජය චතුරංග  3/50

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම දෙවන ඉණිම – 38-01 (11) පබසර වඩුගේ 22*, හශාන් දුමිදු 8, ලුකේ ජොන්ග්වේ 1/3

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුවට අත වනයි


පීතරයින් පරදා තර්ස්ටන් ඉදිරියට.

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද (30) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ මුවර්ස් පිටියේදී පැවැත්විණි. මෙම තරඟය තර්ස්ටන් විද්‍යාලය ලකුණු 47කින් ජයග්‍රහණය කර අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් සපුරාගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලය – 289-06 (50) නිමේෂ් ලක්ෂාන් 105*, ඉමේෂ් විරංග 66, නිපුන් ලක්ෂාන් 44, අසිත කිරිඇල්ල 2/43, සන්තුෂ් ගුණතිලක 2/65

සාන්ත පීතර විද්‍යාලය – 242-10 (45.5) රන්මිත් ජයසේන 79, ශෙවාන් පෙරේරා 41, සචින් සිල්වා 26, යෙශාන් වික්‍රමාරච්චි 3/37, සඳරු ඩයස් 2/47

සම්පූර්ණ ලිපිය: තර්ස්ටන් අවසන් සටනට සැරසෙයි


නාලන්දාවත් අසුනක් වෙන්කරගනි.

සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ, අවසන් ස්ථානය වෙන් කරගන්නට කොළඹ නාලන්ද විද්‍යාලය සමත් විය. ඒ කළුතර සිරි කුරුස විදුහල සමග පැවති අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රසාද ලකුණු අනුව ජය ගනිමිනුයි.

කළුතර සිරිකුරුස විදුහල – පළමු ඉනිම – සියල්ලන් දැවී – 249 (72.4) ශිරාන් ෆොන්සේකා – 92, උමයංග සුවාරිස් – 44, පැතුම් දර්ශන – 38, ජිතේෂ් වාසල – 4/38, අශේන් වලිසුන්දර – 2/18

කොළඹ නාලන්ද විදුහල – පළමු ඉනිම – 248/7 (80.5)  – රවීන් ද සිල්වා – 81*, අවිශ්ක පෙරේරා – 63, රෂාන් දිසානායක – 36, උමයංග සුවාරිස් – 2/32, රුතිල අකලංක –  2/71, විහඟ ගුණරත්න – 2/79

සම්පූර්ණ ලිපිය: අවසන් පූර්ව අවසන් ස්ථානය නාලන්දාවට

දවසේ නිමාව