අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
චීන තායිපේ 36-12 ලෙස පරාද වේ
ආසියානු සත්සමාජික රග්බි තරගාවලියේ ප්‍රථම වටයේ තරග මීට සති කිහිපයකට ප්‍රථම මැලේසියාවේදි පැවැත්විය. එහි දෙවන වටයේ තරග අද හොන්ග් කොන්ග් හිදි ඇරඹි අතර ශ්‍රී ලංකාව එහිදි රටවල් 3ක් සමග තරග වැදුනු අතර සියළු තරග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයග්‍රහණය සියතට ගනිමින් අවසන් කිරීමට සමත් විය.
පැවති ප්‍රථම තරගය උදෑසන 10.30 චීන තායිපේ කණ්ඩායම සමගත්, දෙවන තරගය දහවල් 12.38 තායිලන්ත කණ්ඩායම සමගත්, තෙවැනි තරගය සවස 03.08 මැලේසියනු කණ්ඩායම සමගත් පැවැත් විනි. තරග සියල්ල හොන්ග් කොන්ග් හි රෝයල් පාර්ක් ක්‍රීඩාංගණයේදි පැවැත්විය.
එහිදි පැවති තරගවලදි චීන තායිපේ තරගය 36-12 ක් ලෙසත් මැලේසියා සහ තායිලන්ත තරගවලින් 40-05 ලෙසින්ද ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද තරගයේ දෙවන දිනයයි.
සම්පූර්ණ ලිපිය: තරග තුනේම ජය ලංකාවට
සත්සමාජික තරගාවලියේ ප්‍රථම දිනය
ඊයේ අාරම්භ වුනු ඩයලොග් සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ දෙවන අදියරේ, තරගවලදි පැවති තරග 3න්ම ජය ලබා කාර්ගීල්ස් ග්ලැඩිඑ්ටර්ස් B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් කණ්ඩායමද අපරාජිකත්වය රැක ගනිමින් දිනය අවසන් කිරීමට සමත් විය.
ප්‍රථමයෙන්ම අාරම්භ වුනු පාසල් සුපර් සෙවන්ස් තරග වටයන්හිදි, ශා. පීතර විද්‍යාලය, ශා. ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාල කණ්ඩායම් ප්‍රථම තරග 5දි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඉන්පසුව පැවති ශා. ජෝසප් – ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවති තරගය 31-07 ලෙසින් ශා. ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරමින්ද, ඉසිපතන සහ ශා. තෝමස් විද්‍යාලය අතර තරගය 26-07 ලෙසින් ඉසිපතනය ජයග්‍රහණය වාර්තා කරමින්ද නිමාවට පත් විය.
Schedule – Day 1 – Second Leg
Time | Team 1 | Score 1 | Score 2 | Team 2 |
---|---|---|---|---|
1.20 pm | St. Peter's College | 28 | 14 | Prince Of Wales' College |
1.40 pm | Wesley College | 36 | 10 | Zahira College |
2.00 pm | St. Joseph's College | 15 | 10 | S Thomas' College |
2.20 pm | Isipathana College | 24 | 07 | D S Senanayake College |
2.40 pm | St. Peter's College | 21 | 21 | Zahira College |
3.00 pm | Wesley College | 05 | 24 | Prince Of Wales' College |
3.20 pm | St. Joseph's College | 31 | 07 | D S Senanayake College |
3.40 pm | Isipathana College | 26 | 07 | S.Thomas' College |
4.10 pm | Mobitel Eagles | 12 | 21 | Access Kings |
4.30 pm | EZY Wolves | 14 | 31 | KBSL Dragons |
4.50 pm | Softlogic Warriors | 14 | 24 | Walkers CML Vipers |
5.10 pm | Cargills Gladiators | 33 | 14 | Etisalat Panthers |
5.30 pm | St. Peter's College | 19 | 12 | Wesley College |
5.50 pm | Zahira College | 19 | 05 | Prince Of Wales' College |
6.20 pm | Mobitel Eagles | 12 | 19 | KBSL Dragons |
6.40pm | EZY Wolves | 31 | 10 | Access Kings |
7.00 pm | Softlogic Warriors | 22 | 21 | Etisalat Panthers |
7.20 pm | Cargills Gladiators | 19 | 14 | Walkers CML Vipers |
7.50 pm | St. Joseph's College | 00 | 27 | Isipathana College |
8.10 pm | D S Senanayake College | 05 | 29 | S Thomas' College |
8.40 pm | Mobitel Eagles | 21 | 19 | EZY Wolves |
9.00 pm | KBSL Dragons | 17 | 17 | Access Kings |
9.20 pm | Softlogic Warriors | 12 | 22 | Cargills Gladiators |
9.40 pm | Etisalat Panthers | 14 | 10 | Walkers CML Vipers |
විශ්ව වෙනුවට සුරංග
අදින් අාරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දි බොහෝවිට විශ්ව ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් ක්‍රීඩා කරන බවත් ඊට අමතරව කණ්ඩායමේ වෙනත් වෙනසක් සිදු නොකරන බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කණ්ඩායම් නායක අැන්ජලෝ මැතිව්ස් සඳහන් කරන ලදි.
දෙරට අතර තුන්වන ටෙස්ට් තරගය අද SSC ක්‍රීඩා පිටියේදි පැවැත්වෙනු අැත. කෙසේනමුත් වොන්-මුරලි තරගාවලියේ මේවන විටත් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වී අැත. ඒ් මීට පෙර පැවති ටෙස්ට් තරග ද්විත්වයම ජය ගැනීම නිසාවෙනි.
– දවසේ නිමාව –
අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට