කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
ගාල්ල පරදා ජය මහනුවරට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලානය උදෙසා ප්‍රබල ක්‍රීඩක සංචිතයකින් කණ්ඩායම සන්නද්ධ කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම දිනය වූ අද (9) තරග දෙකක් පැවැත්විය. එක් තරගයකින් මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය අත් වූ අතර, අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ගාල්ල – 347/07 (50): සධීර සමරවික්‍රම 109, උපුල් තරංග 54, දසුන් ශානක, ධනංජය ද සිල්වා 40, ලහිරු මදුසංක 3/61, ලහිරු ගමගේ 2/77
මහනුවර – 349/09 (49.3): හශාන් දුමිදු 76, චරිත් අසලංක 51, ලහිරු මදුසංක 49*, චාමර කපුගෙදර 44, ධනංජය ද සිල්වා 2/14, අකිල ධනංජය 2/57, චතුරංග ද සිල්වා 2/64
දඹුල්ල – 289/06 ( 50): ලහිරු මිලන්ත 106, හර්ෂ කුරේ 94, කුසල් මෙන්ඩිස් 36, විශ්ව ප්‍රනාන්දු 2/48, තිසර පෙරේරා 2/63
කොළඹ – 289/07 (50): දිනේෂ් චන්දිමාල් 116*, වනිදු හසරංග 84, ශෙහාන් ජයසූරිය 47, දිල්රුවන් පෙරේරා 2/36, අසිත ප්‍රනාන්දු 2/59
සම්පූර්ණ තරග වාර්තාව: නුවරට තියුණු ජයක්; තවත් තරගයක් සමව නිමා වෙයි
මහානාමයට ජය
මහානාම විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර ඊයේ (09) පැවති 11 වැනි රන් මහා සටනේ එක්දින තරගය සාර්ථකව ජයග්‍රහණය කිරීමට මහානාම විද්‍යාලය සමත් විය. ඒ ලකුණු 24කිනි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී පැවති තරගයේ දී හෂාන් සංදීප විසින් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කඩුලු 7ක් ලකුණු 50ක් තුළ දවා ගැනීම කැපී පෙනුණු සිදුවීමකි.
මහානාම විද්‍යාලය – 244/8 (50): පවන්ත වීරසිංහ 84, හේෂාන් හෙට්ටිආරච්චි 63 *, මලිඳු මධුරංග 25, ටොරින් පිටිගල 3/48, විහාන් ගුණසේකර 2/41
ඩී. එස්. සේනානායක විද්යාලය – 220 (48.4): ෂසීඩ් අමීන් 62, විහාන් ගුණසේකර 30, ටොරින් පිටිගල 27, ශෂික ගමගේ 22, හෂාන් සන්දීප 7/50
ශ්‍රී ලංකාව අවදානම් තත්වයක
සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් පිළට එරෙහිව පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (09) නිමා වන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටියි. ඒ ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 8ක් අද දිනයේ ලකුණු 111ක් තුල දී බිඳ වැටීම නිසයි.
ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 309 (පන්දුවාර 79.3): ජැක් එඩ්වඩ්ස් 106, ජොනතන් මර්ලෝ 100*, ජේසන් සංගා 41, රයන් හැක්නි 17, පරාම් උප්පාල් 15, නිපුන් රංසික 3/46, ජෙහාන් ඩැනියෙල් 1/34.
ශ්‍රී ලංකා යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 149 (පන්දුවාර 44): විශ්ව චතුරංග 39, ක්‍රිෂාන් සංජුල 22, ජෙහාන් ඩැනියෙල් 17, නිපුන සුමනසිංහ 16, ලසිත් කෲස්පුල්ලේ 14, සැක් එවන්ස් 3/57, විල් සදර්ලන්ඩ් 2/20, ලොයිඩ් පෝප් 2/21.
සම්පූර්ණ වාර්තාව: බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට විශ්ව චතුරංග සවියක් වෙයි
නව වාර්තා 6ක්
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරග දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී අදින් (09) අවසන් වූයේ නව ශ්‍රී ලංකා වාර්තා 6ක් බිහි කරමිනි.
දස ප්‍රයාමය, මිටිය විසි කිරීමේ ඉසව්ව, කාන්තා මීටර් 800 ඉසව්ව, කාන්තා මීටර් 3000 බාධක මතින් දිවීමේ ඉසව්ව, තුන් පිම්ම හා රිටි පැනීම යන ඉසව්වලින් එම ශ්‍රී ලංකා වාර්තාවන් වාර්තා විය.
සම්පූර්ණ වාර්තාව: නව වාර්තා 6ක් බිහි වෙමින් පළමු අදියර නිමා වේ