කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
සාන්ත ජෝසප් සමඟින් අවසන් සටනට සාන්ත පීතරයින්

එහි දී සාර්ථක උත්සාහක දිනුම් දෙකක් සමඟින් සාන්ත පීතරයින් ජයග්‍රහණය ලබා ගත්තේ 23-13ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින් පරාජය කරමිනි.
රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට
අගමැති අවසන් සටනට සුමංගල ක්‍රීඩකයින්

දෙපිලේම ක්‍රීඩා විලාසය තරමක් උද්වේගකර බවක් පෙනෙන්නට තිබුණු අතර මිනිත්තු කිහිපයක් ගත වූ තැන තරගයේ පළමු උත්සාහක දිනුම ඩී. බණ්ඩාරගේ විසින් සාර්ථක කර ගත්තේ සුමංගල විදුහලේ ලකුණු පුවරුව ඉහළ දමමිනි. එහි ප්‍රවර්තනය එම්. වීරකෝන් විසින් සාර්ථක කර ගත්තේය. (07-00)
සම්පූර්ණ වාර්තාව: ආනන්ද ක්‍රීඩකයින් පරදා සුමංගල ක්‍රීඩකයින් අගමැති අවසන් සටනට
සාන්ත තෝමසුවන් සභාපති කුසලාන අවසන් සටනට

තරගයේ ජය නුගවෙල විද්‍යාලය අසල නතර කරමින් තරගය අවසන් කරන්නට සැරසෙත්ම, තරගයේ අවසන් මිනිත්තුවේ දී නොසිතූ උත්සාහක දිනුමක් දිනා ගන්නට භානුක ජයරත්න සමත් විය. ඒ සමඟින් නුගවෙල මධ්‍ය විද්‍යාලය පරදවමින් මයිලෝ සභාපති කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.
සම්පූර්ණ වාර්තාව: භානුක අවසන් මිනිත්තුවේ දී තෝමසුවන්ව අවසන් තරගයට රැගෙන යයි






















