කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් සම්මාන රාත්‍රිය උත්සවාකාරයෙන් නිමාවට පත් වේ
ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රිය ඊයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හි දී පැවැත්විය. එහි දී ඩයලොග් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මනය දිනා ගන්නට රංගන හේරත් සමත් විය. හේරත් විසින් ප්‍රථම වරට මෙම සම්මානය දිනා ගත් අතර පසුගිය වසර තුන පුරාවටම එහි හිමිකරුවා බවට පත් වූයේ ඇන්ජෙලෝ මැතිව්ස් ය.
.
සම්මාන උළෙලේ සම්පූර්ණ වාර්තාව සඳහා පිවිසෙන්න
ජයග්‍රහණය ලුම්බිණි විදුහලට
19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ (31) නිමාවට පත් වූ අතර, එහි දී ලුම්බිණි විද්‍යාලය කඩුලු 3ක ජයක් ලබා ගැනීමට සමත් විය.
සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 286/10 (64.5): ජෙහාන් ද සිල්වා 65, දිනෙත් ජයකොඩි 37, නිපුන් සුමණසිංහ 36, දිලීශ පෙරේරා 30, ලක්ෂාන් ගමගේ 25, දුලාජ් රණතුංග 7/96.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 181/10 (62.5): මුදිත ප්‍රේමදාස 52, සජීවන් ප්‍රියදර්ශන 33, නිසංජය හෙට්ටිආරච්චි 27*, සුපුන් නිස්සංක 24, දුනිත් වෙල්ලාලගේ 5/58,
සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 50/0 (9.4):
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 91/10 (36.1): පසන් හෙට්ටිආරච්චි 21, ශසික චන්දිර 6/25, විමුක්ති කුලතුංග 3/23.
ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 102/10 (29.3): ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චි 6/14.
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම – 131/10 (53.5): නිම්සර අත්තනගල්ල 37, කසුන් එදිරිතිලක 19, කවීන් පීරිස් 6/33.
ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 121/7 (44): කවින් පීරිස් 38, රවීශ මදුමාල් 36*, ගවීෂ මදුමාල් 32, සඳුනිල් සංකල්ප 23, නිම්සර අත්තනගල්ල 2/22.
සම්පූර්ණ වාර්තාව: ලුම්බිණියට පූර්ණ ජයක්; සාන්ත ජෝසප් පළමු ඉනිමේ ජයක්
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සම වෙයි
ආදේශක ක්‍රීඩකයකු ලෙස දෙවන අර්ධයේ දී පිටියට පිවිසි නෙත්ම මල්ෂාන් ආබාධ සඳහා ලබා දෙන අතිරේක කාලය තුළ දී වාර්තා කළ ගෝලය හේතුවෙන් මාලදිවයින් කණ්ඩායම අත තිබූ ජයග්‍රහණයක් අහිමි කරන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පාපන්දු කණ්ඩායම ඊයේ (31) සමත් විය.
2018 ආසියානු පාපන්දු සම්මේලන යොවුන් ශූරතා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයට අදාලව මේ තරගය පැවැත්වුණේ ටජිකිස්තානයේ දීයි.
තරග ප්‍රතිඵලය: මාලදිවයින2 – 2 ශ්‍රී ලංකාව
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි