කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සත්කාරකයින්ගේ සතුට උදුරා ගෙන ශ්‍රී ලංකාව විස්සයි පෙරමුණට
බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් විසින් වැඩිම ලකුණු ලබා ගනිමින් සැමරූ උද්දාමය තරගය නිමා වීමට තවත් පන්දු 20ක් ඉතිරිව තිබිය දී ම විනාශ කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (15) සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබා ගත්හ. ඩකා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගත්තේ තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණෙමිනි.
බංග්ලාදේශය; කඩුලු 5ක් දැවී 193 (20.0) සෞම්‍ය සර්කර් 51, මුස්ෆිකර් රහීම් නොදැවී 66, මහමුදුල්ලා 43, ජීවන් මෙන්ඩිස් 2/21
ශ්‍රී ලංකාව; කඩුලු 4ක් දැවී 194 (16.4) කුසල් මෙන්ඩිස් 53, ධනුශ්ක ගුණතිලක 30, දසුන් ශානක නොදැවී 42, තිසර පෙරේරා නොදැවී 39, නස්මුල් ඉක්බාල් 2/25
සම්පූර්ණ වාර්තාව: බංගලියන්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව ක්ෂණයකින් උදුරා ගනී
අශේන් සිල්වාගෙන් හලාවතට ශතකයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 තරගාවලියේ පළමු දිනයේ දී (15) ශතක 4ක් වාර්තා වීම කැපී පෙණුනි.
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවන් වන අශේන් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය ද එන්. සී. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන ලහිරු උදාර සහ භානුක රාජපක්ෂ එහි හිමිකරුවෝ වූහ.
හලාවත මේරියන්ස්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 337 (90.0) අශේන් සිල්වා 110, ෂෙහාන් ජයසූරිය 146, සචිත්‍ර සේරසිංහ 30, රිසිත් උපමාල් 24, අක්තාබ් කාදර් 3/69, සචිත්‍ර සේනානායක 3/91
සම්පූර්ණ වාර්තාව: අශේන්, ෂෙහාන්, ලහිරු සහ භානුක ශතක රැස් කරති
කෝට්ටේ ජනාධිපති විදුහලට දැවැන්ත ජයක්
ඊයේ (15) නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග අතුරෙන් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් විය. එහි දී සවිඳු පීරිස්, හසිඳු ප්‍රමුඛ හා ලසිත් කෘෘස්පුල්ලේගේ දස්කම් කැපී පෙණින.
තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වූ තරගය නිමා වූයේ තර්ස්ටන් විද්‍යාලයට වැඩි වාසි හිමි කර දෙමිනි.
ජනාධිපති විද්‍යාලය – 201 (43): ඉරංග හෂාන් 102, තනුල චමෝද් 28, සංජය ජයමාල් 6/55, සුපුන් කුමාර 4/67.
සාන්ත මරියා විද්‍යාලය – 143 (41): සුපුන් කුමාර 45, සජීව ජයමාල් 36, හසිඳු ප්‍රමුඛ 5/30.
ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 235 (42.2): හසිඳු ප්‍රමුඛ 58, ඉරංග හෂාන් 49, තනුල චමෝද් 36, රසිත ලක්මාල් 33, සංජය ජයමාල් 5/78.
සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම – 143 (36.1): සංජය ජයමාල් 43, ගජිත කොටුවේගොඩ 41, හිරුන සිගේරා 4/59, හසිඳු ප්‍රමුඛ 4/62.
සම්පූර්ණ වාර්තාව: හසිඳු ප්‍රමුඛගේ දස්කම් නිසා ජනාධිපති විදුහලට ජය
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්