අදත් T10 වර්ෂාවට යටත් වේ

Sri Lanka Sports Fiesta T10 League

2
Sri Lanka Sports Fiesta T10 League

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Sri Lanka  Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (17) දිනය ද සම්පූර්ණයෙන් ම වර්ෂාවට බිලි වුනා.

ඒ අනුව අද කොළඹ Thurstan පිටියේ දී පැවැත්විමට නියමිතව තිබු Colombo සහ Dambulla අතර තරගයත් සහ Colombo සහ Galle අතර තරගයත් මෙන් ම කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Jaffna සහ Galle අතර තරගයත් සහ Dambulla සහ Kandy අතර තරගයත් මෙලෙස අතහැර දැමීමට සිදු වුනා.

මේ දක්වා මෙම තරගාවලියේ තරග 8ක් නිමා වූ අතර ඒ කිසිදු තරගයක පන්දුවක් හෝ යැවීමට නොහැකි වීමෙනුයි අතහැර දැමුණේ. තරගාවලියට එක් වූ කණ්ඩායම් අතුරින් Galle කණ්ඩායමට සහභාගී වීමට නියමිත ව තිබූ තරග 4 ම මේ වන විට අවසන් ව ඇති අතර අනෙක් සෑම කණ්ඩායමකට ම තරගය බැගින් ඉතිරි ව තිබේ.

ඒ අනුව හෙට (18) පෙරවරු 9.20 Colombo සහ Kandy අතර තරගයත්, දහවල් 12.00ට Dambulla සහ Jaffna අතර තරගයත් කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම මෙම තරගාවලියේ අවසන් අවසන් මහා තරගය ද හෙට මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Sri Lanka Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලිය  Dialog TV Channel 63 සහ 126 මඟින් ද Dialog ViU app සහ ThePapare.com මඟින් ද සජීවී ව නැරඹිය හැකියි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<