ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Sri Lanka Sports Fiesta T10 League ක්රිකට් තරගාවලියේ පළමු දිනය සම්පූර්ණයෙන් ම වර්ෂාවට බිලි වුනා.
තරගාවලියේ පළමු වටයේ තරග 4ක් කොළඹ Thurstan සහ Bloomfield ක්රීඩාංගණවල දී අද (16) පැවැත්වීමට සියලු විධිවිධාන යොදා තිබුණ ද ඒ කිසිදු තරගයක පන්දුවක් හෝ යැවීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව අද කොළඹ Thurstan පිටියේ දී පැවැත්විමට නියමිතව තිබු Kandy සහ Jaffna කණ්ඩායම් අතර තරගයත් මෙන් ම Jaffna සහ Colombo අතර තරගත්, කොළඹ Bloomfield පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Galle සහ Dambulla අතර තරගයත් Kandy සහ Galle අතර තරගයත් මෙලෙසින් අතහැර දැමුණා.
මෙම තරගාවලියේ 2 වැනි දිනය වන හෙට (17) තවත් තරග 4ක් මෙම ක්රීඩාංගණවලදී ම පැවැත්වීමට යෝජිතයි.
- T10 අත්දැකීම 16 වැනිදා සිට
- Major පිටියේ අලුත් ම වීරයෝ
- එංගලන්තයට එරෙහි වන්නට එංගලන්තයෙන්ම තුරුම්පුවක්
- Ian Bell ශ්රී ලංකා කණ්ඩායම සමඟ එක් වෙයි
- Major එක්දින ශූරතාව Ace Capital කණ්ඩායමට
ඒ අනුව කොළඹ, තර්ස්ටන් ක්රීඩාංගණයේ දී Colombo සහ Dambulla අතර තරගය පෙරවරු 9.30ටත්, Galle සහ Colombo අතර තරගය පස්වරු 1.30ටත් පැවැත්වීමට නියමිත අතර කොළඹ Bloomfield ක්රීඩාංගණයේ දී Jaffna සහ Galle අතර තරගය පෙරවරු 9.30ටත්, Dambulla සහ Kandy අතර තරගය පස්වරු 1.30ටත් පැවැත්විමට නියමිතයි.
Sri Lanka Sports Fiesta T10 League ක්රිකට් තරගාවලිය Dialog TV Channel 63 සහ 126 මඟින් ද Dialog ViU app සහ ThePapare.com මඟින් ද සජීවී ව නැරඹිය හැකියි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<