Sri Lanka Sports Fiesta අගෝස්තු මස 16 සිට 18 දක්වා

Sri Lanka Sports Fiesta 2024

2
Sri Lanka Sports Fiesta 2024

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය සහ සංචාරක අමාත්‍යාංශය විසින් එක්ව සංවිධානය කරනු ලබන Sri Lanka Sports Fiesta ක්‍රීඩා උළෙල එළඹෙන 16 සිට 18 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

Dialog Axiata අනුග්‍රාහක දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙල මෙතෙක් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාතික කලාපයේ ද පැවැත්වෙන එවැනි මට්ටමේ පළමු තරගාවලිය වනු ඇති.

කණ්ඩායම් ක්‍රීඩා ඉසව් 07ක් (ක්‍රිකට්, රග්බි, පාපන්දු, දැල්පන්දු, හොකී, වොලිබෝල් සහ පැසිපන්දු) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සහභාගීත්වයක් යටතේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩා උළෙල මගින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතා දේශීය වශයෙන් ඉහළ තලයක දී ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.

Dialog Axiata මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනු ඇති අතර මේ වෙනුවෙන් Dialog Television සහ ThePapare නිල විකාශන සහ ඩිජිටල් මාධ්‍ය හවුල්කරුවන් ලෙස කටයුතු කරනු ඇති.

මෙහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 20ක අනුග්‍රාහකත්වයක් සමඟ Platinum අනුග්‍රාහකයකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඊට අමතරව Ceylon Cold Store සහ Ceylon Agro Industries මෙම ක්‍රීඩා උළෙලේ සම අනුග්‍රාහකයින් ලෙස කටයුතු කරනු ඇති.

මෙම ක්‍රීඩා උළෙල Dialog Television නාලිකා අංක 63 සහ 126 ThePapare නාලිකා ඔස්සේ සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා.

ක්‍රිකට්

බ්ලූම්ෆීල්ඩ් සහ තර්ස්ටන් ක්‍රීඩාංගණ ද්විත්වයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය T10 ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 05ක් තරග වැදීමට නියමිතයි.

දිනය තරගය ක්‍රීඩාංගණය වෙලාව
අගෝස්තු 16 Kandy vs Jaffna Thurstan 9:30am
  Galle vs Dambulla Bloomfield 9:30am
  Jaffna vs Colombo Thurstan 1:30pm
  Kandy vs Galle Bloomfield 1:30pm
       
අගෝස්තු 17 Colombo vs Dambulla Thurstan 9:30am
  Jaffna vs Galle Bloomfield 9:30am
  Colombo vs Galle Thurstan 1:30pm
  Dambulla vs Kandy Bloomfield 1:30pm
       
අගෝස්තු 18 Colombo vs Kandy Bloomfield 9:20am
  Dambulla vs Jaffna Bloomfield 12:00pm
  Final Bloomfield 2:40pm

රග්බි

සත් සමාජික රග්බි තරගාවලි ද්විත්වයක් මෙහි දී ක්‍රියාත්මක වීමට නියමිත අතර පිරිමි තරගාවලිය සඳහා කාණ්ඩ දෙකකින් කණ්ඩායම් ඉදිරිපත් වන අතර, කාන්තා තරගාවලියට කණ්ඩායම් හතරක් ඉදිරිපත් වීමට නියමිතයි.

මේ අතර වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයින් වෙනුවෙන් 10 -A- Side රග්බි තරගාවලියක් ද මෙහි දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Men’s 7-A-Side Women’s 7-A-Side
Segment A Segment B  
Army SC Army SC Army SC
Air Force SC Air Force SC Air Force SC
Police SC Police SC CR & FC
Navy SC Navy SC Navy SC
Havelock SC Havelock SC
CH & FC CH & FC
Kandy SC
CR & FC

Under 16 Boy’s 10-A-Side
St. Peter’s Isipathana
St. Joseph’s Science
S. Thomas’ Thurstan
St. Anthony’s Wesley
Trinity Zahira
Sri Sumangala D.S Senanayake
Royal Vidyartha
Dharmaraja Kingswood

වොලිබෝල්

එළඹෙන අගෝස්තු මස 16 වැනිදා ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරග ද මෙම ක්‍රීඩා උළෙලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කණ්ඩායම් 1500කට අධික ප්‍රමාණයක් මෙම ‍රන් කුසලාන තරගාවලියේ මූලික වටයේ දී තරග වැදුණු අතර, එහි කාන්තා සහ පිරිමි අවසන් තරග එදින ක්‍රියාත්මක වනු ඇති.

පැසිපන්දු

තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත මෙම පැසිපන්දු තරගාවලිය 3×3 තරග ආකෘතිය යටතේ පැවැත්වෙනු ඇති අතර, මේ සඳහා පිරිමි කණ්ඩායම් 24ක් මෙන්ම කාන්තා කණ්ඩායම් 10ක් ද ඇතුළුව කණ්ඩායම් 34ක් තරග වැදීමට නියමිතයි. පිරිමි තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ ද, කාන්තා තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ ද පැවැත්වෙනු ඇති.

පාපන්දු

තුරඟ තරග පිටියේ දී 5-A-Side තරග ලෙස පාපන්දු තරග පැවැත්වීමට නියමිත අතර, එම තරග පළමු වටය දී ලීග් ආකාරයට ද, දෙවැනි වටය පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට ද පැවැත්වෙනු ඇති.

  • පිරිමි– පළමු පෙළ ක්‍රීඩා සමාජ 12ක්
  • කාන්තා – පළමු පෙළ ක්‍රීඩා සමාජ 6ක් සහ පාසල් 6ක්
  • පාසල්– පිරිමි දේශීය පාසල් 6ක් සහ ජාත්‍යන්තර පාසල් 6ක්

දැල්පන්දු

කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිත මෙම තරගාවලියේ දී කාණ්ඩ 4ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතයි. එම තරගවලින් එක් එක් කාණ්ඩයේ පෙරමුණ ලබාගන්නා කණ්ඩායම් 2 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

හොකී

අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ බාලක, අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ බාලිකා, අන්තර් සමාජ පිරිමි සහ කාන්තා යන කාණ්ඩ හතර යටතේ කණ්ඩායම් 65ක සහභාගීත්වය යටතේ මෙම තරග පැවැත්වීමට නියමිතයි.

20න් පහළ බාලක 20න් පහළ බාලිකා
St. Aloysius’ College, Galle Southlands College, Galle
St. Thomas College Matale Visakha Vidyalaya, Colombo
St. Thomas College Matara Sri Sangamiththa Girls School, Matale
Ananda College, Colombo Holy Family Convent, Wennappuwa
Nalanda College, Colombo Seethadevi College, Kandy
Maris Stella College, Negombo Swarnamali Balika Vidyalaya, Kandy
Royal College, Colombo Janathipathi Balika Vidyalaya, Nawala
St. Joseph’s College, Colombo Dharmapala College, Pannipitiya
St. Joseph Vaz College Rangiri Dambulla School, Dambulla
Vijaya College, Matale Panadura Balika Vidyalaya
Vidyartha College, Kandy Ladies College, Colombo
Jaffna College, Jaffna Musaeus College, Colombo
Royal College, Panadura Yasodara Vidyalaya, Borella
Kingswood College, Kandy St. Anthony’s Convent, Kandy
Dharmadutha College, Badulla Christ Church National School, Matale
S. Thomas’ College, Mount Lavinia Dimbu Madagama MV, Polonnaruwa

අන්තර් සමාජ – පිරිමි අන්තර් සමාජ – කාන්තා
Sri Lanka Army Sri Lanka Army
Sri Lanka Air Force Sri Lanka Air Force
Sri Lanka Navy Sri Lanka Navy
Sri Lanka Police Sri Lanka Police
CR & FC CR & FC
Wennappuwa Hockey Club Wennappuwa Hockey Club
Yari Stars Sports Club, Jaffna Yari Stars Sports Club, Jaffna
CH & FC Kotalawela Defence University
Negombo Hockey Club Old Visakians
Old Nalandian Hockey Club BRC
BRC Kandy Ladies Hockey Club
Old Duthians Sports Club Women’s Hockey Club Galle
Kandy Hockey Club Young Ladies Hockey Club
Matale Club Panadura Balika Sports Club
Matale Hockey Club University of Colombo
University of Peradeniya
Galle Sports Club

2024 Sri Lanka Sports Fiesta අද්විතීය අත්දැකීම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<