කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
නාවිකයින්ට යුධ හමුදාවෙන් ප්‍රහාරයක්
ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ තවත් තරඟයක් ආරම්භ කරමින් ඊයේ (09), යුධ හමුදා ක්‍රීඩා සමාජයත්, යුධ හමුදා ක්‍රීඩා සමාජයත් කැලණිය පාපන්දු ක්‍රීඩාංගනයේදී තරඟබිමට පිවිසි අතර එහිදී ගෝල 3-2ක් වශයෙන් ජයගන්නට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.
- පළමු අර්ධය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 2-1 නාවික හමුදා ක්‍රීඩා සමාජය.
- සම්පුර්ණ කාලය – යුධ හමුදා ක්‍රීඩා සමාජය 3-2 නාවික හමුදා ක්‍රීඩා සමාජය.
ThePapare.com තරඟයේ වීරයා – මොහොමඩ් ඉසඩීන්
ගෝල රැස්කළ ක්‍රීඩකයන්.
- යුධ හමුදාව: මොහොමඩ් ඉසඩීන් 21′, 32′, මධුශාන් ද සිල්වා 58′
- නාවික හමුදාව: ක්‍රිස්ටීන් ප්‍රනාන්දු 24′, මේනක ප්‍රනාන්දු 87′
සම්පූර්ණ තරඟ වාර්තාව: දෙපසටම ඇදුණු තරඟයේ ජය යුධ හමුදාවට
මාලිංගගේ ආගමනය තවත් පස්සට
මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරය සඳහා ප්‍රවීන වේඟපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී කරවා නොගන්නට තීරණය කර ඇත.
33 හැවිරිදි ලසිත් මාලිංග මේ සතියේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතව තිබුනේ 20-20 තරඟ ත්‍රිත්වය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙනි. කෙසේනමුත් කොළඹදී පැවති පුහුුණු තරඟ අතරතුරදී සිය දණහිස් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වය පිළිබඳව ඔහු දැනුම් දීමෙන් පසුව ඔහුව තරඟ සංචාරය සඳහා සහභාගී කරවා නොගන්නට බලදාරීන් තීරණය කර ඇත.
සම්පූර්ණ ලිපිය: මාලිංගට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි
සඳරුවන් ශතකය පෙනි පෙනි දැවී යයි
පාසල් වයසේදීම ක්‍රිකට් පිටියේ සුවිශේෂී දස්කම් දක්වන ක්‍රීඩා තරු හඳුනා ගැනීමේ හොඳම අවස්ථාවක් වන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක් අද (09) ආරම්භ විය. එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ශතකයක් වාර්තා කරමින් තම පාසලේ නාමය දිදුලවන්නට රවිඳු රෂාන්ත සමත් විය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 310 (පන්දුවාර 56.5): රවිඳු රෂාන්ත 116, උශාන් ඉමන්ත 65*, සිතුම් නිලුමින්ද 5/95, මධුරංග චන්ද්‍රරත්න 2/75.
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 184 (පන්දුවාර 35): ධනංජය තම්මිට 70*, නිමේෂ් මෙන්ඩිස් 2/44, හර්ෂජිත් රොෂාන් 2/22.
කොළඹ ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී 281 (පන්දුවාර 91.3): සංජුල අබේවික්‍රම 88, අයන සිරිවර්ධන 56, හර්ෂ රත්නායක 39, කළණ පෙරේරා 35, මනීෂ රූපසිංහ 20, තානුක දාබරේ 5/56, විමුක්ති කුලතුංග 3/88.
මහින්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 9ක් දැවී ලකුණු 226 (පන්දුවාර 97): විනුර හිරන්ජිත් 58, කවිදු එදිවීර 42, රිශාන් කාවින්ද 28, ප්‍රමිත් හංසික 27*, මහේෂ තීක්ෂණ 3/54
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 50): ශලක බණ්ඩාර 37, රිෆාස් මහරූෆ් 33, සචිත ලියනගේ 27, සංජීවන් ප්‍රියදර්ශන 6/21
කුරුණෑගල මලියදේව විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 197 (පන්දුවාර 43): දුලාජ් රණතුංග 84*, දමිත සිල්වා 56*, තනුල චමෝද් 2/28.
සම්පූර්ණ වාර්තාව: රවිඳුගේ ශතකය නිසා ධර්මාශෝකය පෙරමුණ ගනියි