කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
සචින්තගෙන් ශතකයක්
පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් උරෙනුර ගැටෙන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග 3ක් ඊයේ (21) දිනයේ ක්‍රියාත්මක විය. ඉන් තරග දෙකක් ඊයේ නියමිත පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ අතර අනෙක් තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල විය.
ඊයේ දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක යෙදුණු දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක කවිශ්ක සේනාධීරයි.
ඩී.එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 34.4): අයන්ත ද සිල්වා 43, කවිශ්ක සේනාධීර 6/32.
ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 130 (පන්දුවාර 34): හසින්ත ජයසූරිය 63, ට්‍රෙවෝන් පර්සිවිල් 26*, සඳුන් වික්‍රමරත්න 2/24.
සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 65.2): සචින්ත මහින්දසිංහ 58*, ජෙහාන් ඩැනියෙල් 54, එරාන් ගුණරත්න 29, නදීර බාලසූරිය 2/26, හුශිඳු නිස්සංක 2/42.
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – කඩුලු 5ක් දැවී ලකුණු 72 (පන්දුවාර 28): මන්ජිත් රාජපක්ෂ 39, අවිඳු හේරත් 27*, ලක්ෂාන් ගමගේ 4/08.
සම්පූර්ණ වාර්තාව: ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක සේනාධීරගෙන් සුපිරි පන්දු යැවීමක්!
ජෙෆ්රිගෙන් කඩුලු 4ක්
සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිමෝ හා ටීජේ ලංකා අතර තරගය ඊයේ (21) උදෑසන කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ, ටීජේ ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.
ඩිමෝ – 78/10 (24.4): ප්‍රමුද් හෙට්ටිවත්ත 24*, රමේශ් මෙන්ඩිස් 21, සචිත්‍ර සේනානායක 4/10, ජෙෆ්රි වැන්ඩර්සේ 3/25, ලසිත් මාලිංග 2/10.
ටීජේ ලංකා – 79/3 (14.4): චරිත් අසලංක 31, නිසල තාරක 2/43.
සම්පූර්ණ වාර්තාව: සචිත්‍ර, මාලිංග හා වැන්ඩර්සේ සුපිරි පන්දු යැවීමක