ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද (18) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළා.
37 හැවිරිදි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 25ක්, එක්දින තරග 32ක් සහ එක් විස්සයි විස්ස තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළා.
තවත් ක්‍රිකට් පුවත්:
- Kings XI Punjab නාමය වෙනස් වෙයි
- සුපිරි තරු එක්වන ක්‍රිකට් සටනට ශ්‍රී ලංකාවෙන් තවත් තරු තුනක්
- Shakib නවසීලන්ත සංචාරයෙන් ඉවත් වෙයි
- සියවසකට වැඩි වාර්තාවක් Ashwin අලුත් කරයි
- පැතුම්, භානුක සහ ගුණතිලක යන්න කලින්ම වැඩ පෙන්වයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ 2015 වසරේ පැවති ටෙස්ට් සංචාරයේ දී අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු එම වසරේ දී ටෙස්ට් තරග 9ක් තුල කඩුලු 41ක් දවා ගනිමින් එම වසරේ ලොව වැඩිම කඩුලු ලාභි පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වීමට වාසනාවන්ත වුනා.
කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ ආදී සිසුවෙක් වන ඔහු 2001 වසරේ දී ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග බිමට පිවිසි අතර ඔහු අවසානයට නියෝජනය කළේ එස්. එස්. සී කණ්ඩායමයි.
2006 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් ධම්මික එදා සිට අද දක්වා එක්දින තරග 24ක් සඳහා ක්‍රීඩා කරමින් කඩුලු 32ක් දවා ගෙන තිබෙනවා. 2008 වසරේ ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් ඔහු ටෙස්ට් තරග 25ක් සඳහා ක්‍රීඩා කරමින් කඩුලු 75ක් දවා ගැනීම සමත්ව තිබෙනවා.
පසුකාලීනව ඔහුගේ දකුණු උරහිසේ ඇතිවූ ආබාධයක් නිසා ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව නොලැබුණු අතර ඔහු ලබන මාසයේ දී ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා Legends කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<