ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2022

375

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ “Sri Lanka Super 7s” සත් සාමාජික රග්බි තරගාවලිය සෙනසුරාදා (08) සහ ඉරිදා (10) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුනා.

අදියර 2ක් යටතේ පැවති එම තරගාවලියේ ක්‍රීඩා සමාජ කාණ්ඩයේ පිරිමි ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩා සමාජය විසින් සහ කාන්තා ශූරතාවය යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගනිද්දී, පළාත් කාණ්ඩයේ පිරිමි ශූරතාවය බස්නාහිර පළාත එහි සහ කාන්තා ශූරතාවය සබරගමු ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

පළමු දිනය – ඔක්තෝබර් 08

  • ක්‍රීඩා සමාජ කාණ්ඩය – පිරිමි

සෙනසුරාදා (08) පැවති මූලික වටයේ තරගවලින් A කාණ්ඩයේ සියලු තරග ජයග්‍රහණය කරමින් ඉදිරි වටයට පිවිසීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වෙද්දී, B කාණ්ඩයේ ආධිපත්‍ය පැතිර වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් එම කාණ්ඩයේ පෙරමුණ දිනා ගන්නට සමත් වුනා.

මූලික වටයේ දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් CR&FC ක්‍රීඩකයින් ලකුණු 28-10ක් ලෙස සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 21-14ක් ලෙස පරාජය කිරීම කැපී පෙනුණා.

මූලික වටයේ තරග ප්‍රතිඵල

Team Segment Scores Team Segment
Police SC A1 12 24 Navy Blues A4
Army SC A2 28 10 CR & FC A3
Havelocks SC B1 36 07 West Barbarians B4
Air Force SC B2 14 07 Navy SC B3
Police SC A1 19 21 CR & FC A3
Army SC A2 14 10 Navy Blues A4
Havelocks SC B1 26 21 Navy SC B3
Air Force SC B2 54 00 West Barbarians B4
Police SC A1 07 19 Army SC A2
CR & FC A3 36 00 Navy Blues A4
Havelocks SC B1 14 21 Air Force SC B2
Navy SC B3 21 00 West Barbarians B4
  • ක්‍රීඩා සමාජ – කාන්තා

තරගාවලියේ කාන්තා අංශයේ ආධිපත්‍ය රඳවා ගනිමින් මූලික වටය අවසන් කිරීමට යුද හමුදා සහ නාවික හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

Team Segment Scores Team Segment
Navy SC E1 56 05 CR & FC E4
Army SC E2 41 00 Air Force SC E3
Navy SC E1 41 00 Air Force SC E3
Army SC E2 34 00 CR & FC E4
  • පළාත් කාණ්ඩය – පිරිමි

තරගාවලියට අලුතින් එක් වූ මෙම කාණ්ඩය නිසා තරගාවලියේ උණුසුම තවත් වැඩි වූ අතර පළමු වටය අවසානයේ සිය අපරාජිකත්වය රැක ගැනීමට සමත් වුනා.

Team Segment Scores Team Segment
Southern Pro C1 22 26 Sabaragamuwa C4
NCP C2 07 12 Western Pro C3
Up C. Planters D1 10 12 Blue Whales- EP D4
Wayamba – NW D2 43 05 Uva D3
Southern Pro C1 05 34 Western Pro C3
NCP C2 00 05 Sabaragamuwa C4
Up C. Planters D1 31 12 Uva D3
Wayamba – NW D2 07 05 Blue Whales- EP D4
Southern Pro C1 22 12 NCP C2
Western Pro C3 27 05 Sabaragamuwa C4
Up C. Planters D1 19 15 Wayamba – NW D2
Uva D3 05 19 Blue Whales- EP D4
  • පළාත් කාණ්ඩය – කාන්තා

පළාත් තරගාවලියේ සහභාගී වූ තරග දෙකම ජයග්‍රහණය කිරීමට ඌව කණ්ඩායමට හැකි වූ අතර සබරගමු ක්‍රීඩිකාවන් සිය කාණ්ඩයේ පෙරමුණ ගත්තා.

Team Segment Scores Team Segment
Uva F1 10 00 Central F3
NW – Wayamba G1 05 05 CR Blues- WP G3
Uva F1 10 07 Southern F2
NW – Wayamba G1 00 05 Sabaragamuwa G2

දෙවැනි දිනය – ඔක්තෝබර් 09

  • පළාත් කාණ්ඩය – පිරිමි

පළමු දිනයේ ලබා ගත් ආධිපත්‍ය එලෙසම රඳවා ගත් බස්නාහිර පළාත් ක්‍රීඩකයින් විසින් සබරගමු පළාත් ක්‍රීඩකයින් ලකුණු 20-0ක් ලෙස පරදවා පළාත් ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

Quarterfinals
Team  Scores Team 
Western Pro 45 05 Uva
Sabaragamuwa 19 00 Up C. Planters
Southern Pro 19 12 Blue Whales- EP
NCP 10 33 Wayamba – NW
Semi-Finals
Western Pro 38 00 Southern Pro
Sabaragamuwa 31 07 Wayamba – NW
Final
Western Pro 20 00 Sabaragamuwa
  • පළාත් කාණ්ඩය – කාන්තා

තරමක් උණුසුම් වූ තරග කිහිපයකින් පසුව ඌව කණ්ඩායම ලකුණු 10-00ක් ලෙස පරදවා පළාත් ශූරතාවය දිනා ගැනීමට සබරගමු ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Semi-Finals
Uva 15 05 CR Blues
Sabaragamuwa 22 00 Southern Pro
5th Place Playoff
Central 00 25 Wayamba
3rd Place Playoff
CR Blues 25 15 Southern Pro
Final
Uva 00 10 Sabaragamuwa
  • ක්‍රීඩා සමාජ – කාන්‍තා

නාවික හමුදා ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් ලබා දුන් යුද හමුදා ක්‍රීඩිකාවන් කාන්තා කුසලානය ජයග්‍රහණය කරද්දී, එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට CR&FC ක්‍රීඩිකාවන් සමත් වුනා.

Semi-Finals
Navy SC 42 00 Air Force SC
Army SC 22 10 CR & FC
3rd Place Playoff
CR & FC 19 15 Air Force SC
Final
Navy SC 10 21 Army SC

ක්‍රීඩා සමාජ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ චමෝද්‍යා මධුමාලිට හැකි වුනා.

  • ක්‍රීඩා සමාජ -පිරිමි

තරගාවලියේ දෙවැනි දිනයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ දී CR&FC තියුණු තරගයකින් පසුව 15-12ක් ලෙස පරාජය කිරීමට නාවික හමුදා ක්‍රීඩා සමාජයට හැකි වූ අතර එම නිසාවෙන් බලාපොරොත්තු සහගත කණ්ඩායමක් වූ CR&FC ක්‍රීඩකයින්ට කුසලාන අවසන් පූර්ව වටය අහිමි වුනා.

අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල,

Team  Scores Team 
Army SC 40 00 West Barbarians
CR & FC 12 15 Navy SC
Navy Blues 07 19 Havelocks SC
Police SC 00 29 Air Force SC

පසුව පැවති Bowl අවසන් පූර්ව වටයෙ තරගයෙන් CR&FC සහ Navy Blues යන කණ්ඩායම් ජයග්‍රහණය ලැබූ අතර අවසන් තරගයේ ජය හිමි වුනේ CR&FC ක්‍රීඩකයින්ටයි.

Bowl Semi-Finals
CR & FC 12 05 Police SC
Navy Blues 24 05 West Barbarians
Bowl Final
CR & FC 34 00 Navy Blues
  • කුසලාන අවසන් පූර්ව තරග – පිරිමි

කුසලාන අවසන් පූර්ව වටයේ දී නාවික හමුදා ක්‍රීඩකයින් ලකුණු 12-19ක් ලෙස තියුණු සටනකින් පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි වෙද්දී හැව්ලොක් ක්‍රීඩකයින් හමුවේ යුද හමුදා ක්‍රීඩකයින්ට පරාජය වීමට සිදු වුනා.

Cup Semi-Finals
Army SC 07 33 Havelocks SC
Air Force SC 19 12 Navy SC
  • කුසලාන අවසන් මහා තරගය – පිරිමි

තරගාවලියේ මෙතෙක් දැක්වූ දස්කම් මත මෙම තරගය ගුවන් හමුදා ක්‍රීඩකයින් ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩ කඩක් තිබුනත්, ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කළ හැව්ලොක් ක්‍රීඩක නිපුන් හපුගොඩ පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

නමුත් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වූ ගුවන් හමුදා ක්‍රීඩක ශෂික ප්‍රනාන්දු සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ගුවන් හමුදාව පෙරමුණට ගෙන එමින් පළමු අර්ධයේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ අවිශ්ක ලී විසිනුයි.

පළමු අර්ධය: ගුවන් හමුදාව 12 – 05 හැව්ලොක්

දෙවැනි අර්ධයේ දී ගුවන් හමුදාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ නුවන් පෙරේරා සහ ගයන්ත ඉද්දමල්ගොඩ තවත් උත්සාහක දිනුම් දෙකක් සිය කණ්ඩායමට ලබා දෙමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් වුනා.

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී හැව්ලොක් වෙනුවෙන් රමේෂ් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් වාර්තා කළත් තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදාව 24 – 10 හැව්ලොක්

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – දර්ශන දාබරේ (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<