පවන් රත්නායක මහානාමයට ජය ගෙනේ

376

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති තරගයක දී කොළඹ මහානාම විද්‍යාලයේ පවන් රත්නායක ශතකයක් ලබා ගනිමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ය. මීට අමතර පන්දු යැවීමේ දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ හසිත පෙරේරා ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය.

රන්දුල දසුන් ශතයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර්……

කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය (Group C)

කොළඹ ජෝසප් වාස් පිටියේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා න්‍යාය මත ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහානාම විද්‍යාලය වෙනුවෙන් දකුණත් පිතිකරු පවන් රත්නායක පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේය.  ඔහුගේ ඉනිම සමගින් මහානාම විද්‍යාලය ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 8ක් දැවී ලකුණු 194කි.

ඊට පිළිතුරු ඉනිමේ දී පන්දුවාර 9ක් වෙද්දී පැවති වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 38කට සීමා විය. ඒ අනුව සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ ලකුණු 183කි. සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් පමණි.

මහානාම විද්‍යාලය; කඩුලු 8ක් දැවී 194 (43) පවන් රත්නායක 113, අචින්ත සුපුන් 18, විනුක රූබසිංහ 15, ජොයෙල් ගුණතිලක 2/27, දුනිත් වේල්ලාලගේ 2/37

සාන්ත ජෝසප් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 127 (38) ඩිනාල් අනුරාධ 34, ශෙවෝන් ඩැනියෙල් 34, ශෙනුක ද සිල්වා 27, චමිත් චමුපති 2/15, පවන් රත්නායක 2/21


කොළඹ ආනන්ද විද්‍යාලය සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය (Group B)

දෙහිවල දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ආනන්ද ක්‍රීඩකයෝ සත්කාරකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කරමින් ඔවුන් ලකුණු 77කට සීමා කළහ. එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ආනන්ද ක්‍රීඩකයෝ සමත් වූහ.

එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 77 (30.3) නිතුල් දුල්නත් 22, සසිරු බණ්ඩාර 3/17, මහෝෂධ ප්‍රනාන්දු 2/01, දුලෙන් එදිරිමාන්න 2/06

ආනන්ද විද්‍යාලය; කඩුලු 3ක් දැවී 78 (11.4) නෙත්ම කරුණාරත්න නොදැවී 29, නුශාල් ධර්මරත්න 23, ආර්. එම්. පුනිල 3/18

ලෝක කුසලාන ඉතිහාස පොතේ වාසිය ශ්‍රී ලංකාව අතට ගනී ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 5කට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකා….


කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ අසෝක විද්‍යාලය අතර තරගය (Group E)

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී  පැරබෝලා න්‍යාය මත ලකුණු 120ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ අසෝක ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 233ක් ලබා ගත්හ. නමුත් වර්ෂාව හේතුවෙන් තරගයේ ඉලක්කය පන්දුවාර 41කට ලකුණු 224ක් විය. එම ඉලක්කය කරා යෑමේ දී අසෝක ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.

රාජකීය විද්‍යාලය; කඩුලු 9ක් දැවී 233 (45) සදීෂ රාජපක්ෂ 58, ඉසිවර දිසානායක 47, සොහාන් හේරත් 45, ගසිෂ් මංචනායක 24, දිනෙත් ජයතිලක 3/48, සහන් විමුක්ති 2/34

අසෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 104 (35.3) ලහිරු විතානගේ 38, දසිස් මංචනායක 3/08, නිශාන් බාලසූරිය 3/14, කවිඳු කපුරත්න 2/39


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරගය  (Group B)

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී පැවති මෙම තරගයෙන් පැරබෝලා න්‍යාය මත ලකුණු 114ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ලුම්බිණි ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 242ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් යසිරු රොද්‍රිගෝ සහ අනීශ් කමල්චන්ද්‍ර අර්ධ ශතක වාර්තා කළහ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 9කට පමණි. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 45ක් ලබා සිටිය හ. අනතුරුව තරගය ආරම්භ වූයේ පන්දුවාර 45කට ලකුණු 233ක ඉලක්කයකි. එහෙත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් පමණි.

සාන්ත තෝමස් විද්‍යාලය; කඩුලු 8ක් දැවී 242 (50) යසිරු රොද්‍රිගෝ 87, අනීශ් කමල්චන්ද්‍ර 54, චාමර තෝරදෙණිය 22, නෙතුල් රාජපක්ෂ 3/40, දනුජ පෙරේරා 2/45

ලුම්බිණි විද්‍යාලය; සියලුම දෙනා දැවී 119 (29.1) ශෂික නිර්මාල් 29, යසිරු රොද්‍රිගෝ 3/22, ජී. කැනිස්ටන් 2/18, රවිඳු ගුණසේකර 2/22, මනිත් පෙරේරා 2/23


ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අතර තරගය එ(Group F)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් මහින්ද විද්‍යාලය ලකුණු 102ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ මහින්ද විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 256ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් නවෝද් පරණවිතාන සහ රශ්මික මධුශංක අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ.

පිළිතුරු ඉනිමේ දී රිශාන් චාමික ලකුණු 77ක් ලබා ගත්ත ද එය තරගය ජයග්‍රහණය තරම් ප්‍රමාණවත් නොවුණි. විද්‍යාලෝක ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 157ක් පමණි.

මහින්ද විද්‍යාලය; කඩුලු 6ක් දැවී 256 (50) නවෝද් පරණවිතාන 53, රශ්මික මධුශංක 50, කෝසල උදයංග 45, කවිඳු ලක්ෂාන් නොදැවී 30, සදෙව් ඉඳුවර 30, සිතාර හේලිත නොදැවී 23, රිශාන් චාමික 2/37

විද්‍යාලෝක විද්‍යාලය; සියලුම දෙනා දැවී 157 (47) රිශාන් චාමික 77, හංසජ සේරසිංහ නොදැවී 37, නවෝද් පරණවිතාන 3/24, සචින් තිලකරත්න 2/29

ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ප්‍රජාවගෙන් ඉල්ලා සිටි……


මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය (Group N)

මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතර මග නතර කර දැමීමට තීරණය කෙරුණි. තරගය නිමා කරද්දී කාසියේ වාසිය දිනූ විද්‍යාර්ථ ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 36ක් ලබා සිටිය හ. ඒ පන්දුවාර 9 පන්දු 2ක් අවසන් වෙද්දීය.


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය (Group C)

පන්නිපිටියේ දී පැවති මෙම තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණි.

පන්දුවාර 41ක තරගයක් ලෙසින් ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මපාල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 146ක් ලබා ගත් අතර වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දමන විට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාthjලයීය ක්‍රීඩකයෝ පන්දුවාර 2 පන්දු 5ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියහ.

ධර්මපාල විද්‍යාලය; කඩුලු 8ක් දැවී 146 (41) තීක්ෂණ රාමසිංහ 46, බවිඳු චමෝද් 24, රශ්මික ජයකොඩි නොදැවී 22, හසිත පෙරේරා 5/27, චනුප පෙරේරා 2/39

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය; කඩුල්ලක් දැවී 11 (2.5)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<