2023 චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට සමත්ව ඇත.
Here are the 2️⃣2️⃣ sides who will be participating in #ACQ2023 🤩👏
Meanwhile, 4️⃣ teams will compete in a play-off to secure the 2️⃣ remaining slots for the 24-team tournament! 💪#AsianQualifiers pic.twitter.com/qc7TiHzfLL
— #AsianCup2023 (@afcasiancup) June 16, 2021
තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් වටය සඳහා කණ්ඩායම් 24ක් සහභාගී වීමට නියමිතව ඇති අතර එයින් කණ්ඩායම් 22ක් මේ වන විට නම් කර ඇත. අනෙකුත් ස්ථාන දෙක සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ වටයකින් තෝරා ගැනීමට නියමිතයි.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය මෙම වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව ඇති නමුත් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩගත කිරීමේ කටයුතු තවමත් සිදු කර නොමැත.
එමෙන්ම මෙම තරගාවලියේ ප්‍රධාන වටය සඳහා සත්කාරක චීන කණ්ඩායම ඇතුළුව ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගවල දී ඉහළ දස්කම් දැක්වූ කණ්ඩායම් 13ක් මේ වන විට තෝරාගෙන ඇත.
- Ronaldo ඉතිහාසගත වෙයි; ජර්මනියෙන් ප්‍රංශයට ගෝලයක්
- මංගල ජාත්‍යන්තර ශූරතාවය දිනා ගන්නට මාන බලන බෙල්ජියම
- තෙවැනි දිනයේ ජයග්‍රහණය එංගලන්තයට, ඔස්ට්‍රියාවට සහ නෙදර්ලන්තයට
මෙම තරගාවලියට කණ්ඩායම් 24ක් සහභාගී වීමට නියමිතව ඇති අතර දැනට තේරීපත්ව ඇති කණ්ඩායම්වලට අමතරව සුදුසුකම් ලබාගැනීමේ වටයෙන් කණ්ඩායම් 11ක් තෝරාගැනීමට නියමිතයි.
2023 ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම්,
මෙම කණ්ඩායම් වලට අමතරව පහත කණ්ඩයම් හතර සුදුසුකම් ලැබීමේ තරග වටයකට ක්‍රීඩා කර එයින් කණ්ඩායම් ද්විත්වයකට සුදුසුකම් ලබාගැනීමේ අවසන් වටයට එක්වීමට වරම් හිමි වේ.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<