අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයේ තවත් තරග කිහිපයක් අද (25) පැවැත්විය මේ තරගාවලිය නිදහස් කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයට දක්ෂ ක්‍රීඩකයින් පිරිසක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට විශාල සවියක් වනු ඇත.
අද අවසන් වූ තරග අතුරෙන් ටැමිල් යූනියන්, බදුරලිය, යුද හමුදාව, කොළඹ ක්‍රිකට් සමාජය, කෝල්ට්ස්, මුවර්ස්, එන්. සී. සී, රාගම හා සැරසන්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තේය.
විස්සයි විස්සේ පළමු දිනයේ ම නොසිතූ තරග ප්‍රතිඵලයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාජ ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (24)
දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ලකුණු 3ක් තුළ කළුතර නගර සමාජයේ කඩුලු 4ක් දවා ගනිමින් ඔවුන්ගේ ඉනිම ලකුණු 54කට සීමා කළේය. ඊට අමතරව අමිල අපෝන්සු හා කුශාන් වීරක්කොඩි කඩුලු 2ක බැගින් දවාලන ලදි.
එස්. සී. සී කණ්ඩායම හා බදුරලිය අතර පැවැත්වූ තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10කින් ජයග්‍රහණය කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් වූයේ මේ තරගාවලිය තුල ලබාගත් දෙවන පරාජයට එස්. එස්. සී ක්‍රීඩා සමාජය ඇද දමමිනි.
බදුරලිය ක්‍රීඩා සමාජය ලබාගත් ලකුණු 111ට පිළිතුරු ලෙස එස්. එස්. සී (සිංහල ක්‍රීඩා සමාජය) කඩුලු 7ක් දැවී ලකුණු 71ක් ලබාගෙන සිටිය දී තරගයට අයහපත් ආලෝකයෙන් බාධා එල්ල විය. ඒ නිසාවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරග ප්‍රතිඵලය ලබා දෙන ලදි.
එසේම නිරෝශන් දික්වැල්ල හා ලසිත් මාලිංගගේ දස්කම් නිසාවෙන් පොලිස් ක්‍රීඩා සමාජයට එදිරිව ලකුණු 39ක ජයක් ලබා ගැනීමට එන්. සී. සී කණ්ඩායම සමත් විය. ඊට අමතරව දිනේශ් චන්දිමාල්, උපුල් තරංග ද ලකුණු අතරට පිවිසියේය.
ඩී. එස්. පොඩ්ඩෝ 13න් පහළ ශූරතාව දිනයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ ක්‍රික
කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කරන කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 71ක නිසාවෙන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පරාජය විය. එසේම තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වූයේ අයහපත් ආලෝක තත්ත්වය නිසාවෙනි.
ලකුණු සටහන්
ගුවන් හමුදාව හා ටැමිල් යූනියන්
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 129 (19.5): ශසික උදාර 26, සොහාන් රංගික 23, ප්‍රමෝද් මදුශාන් 4/27, බිනුර ප්‍රනාන්දු 2/17.
ටැමිල් යූනියන් – 133/8 (20): බිනුර ප්‍රනාන්දු 36, ජීවන් මෙන්ඩිස් 27*, මිලාන් රත්නායක 3/24.
හලාවත හා බී. ආර්. සී
හලාවත ක්‍රිකට් සමාජය – 144 (19.5): රුක්ශාන් ශෙහාන් 25, දසුන් සෙනෙවිරත්න 25, චාමිකර එදිරිසිංහ 4/16, ටී. එම්.සම්පත් 4/19
බදුරලිය හා සිංහල ක්‍රීඩා සමාජය
බදුරලිය ක්‍රිකට් සමාජය – 111 (19.1): සංජය චතුරංග 27, නදීර නාවල 25, අකාශ් සේනාරත්න 3/11, ජෙෆ්රි වැන්ඩසේ 2/31.
සිංහල ක්‍රීඩා සමාජය – 71/7 (13): දිමුත් කරුණාරත්න 21, දිලේශ් ගුණරත්න 2/12.
යුද හමුදාව හා පානදුර
යුද හමුදා ක්‍රිකට් සමාජය – 211/8 (20) : කසුන් ද සිල්වා 70, හිමාශ ලියනගේ 51, සීකුගේ ප්‍රසන්න 31, විනෝද් පෙරේරා 4/37.
පානදුර ක්‍රීඩා සමාජය – 94/5 (13): විනෝද් පෙරේරා 47*, දුශාන් විමුක්ති 2/14.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ලන්කන් ක්‍රිකට් සමාජය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය – 172/9 (20): හශාන් විමර්ශන 29, ගයාන් මනීශාන් 31*, යශෝද ලංකා 22, නවීන් කවිකාර 3/34, රජීව වීරසිංහ 2/25, චානක රුවන්සිරි 2/39.
ලන්කන් ක්‍රිකට් සමාජය – 16/1 (2):
කොළඹ ක්‍රිකට් සමාජය හා බ්ලූම්ෆීල්ඩ්
කොළඹ ක්‍රිකට් සමාජය – 200 (20): කුසල් මෙන්ඩිස් 71, ඩිල්ශාන් මුණවීර 43, සචිත් පතිරණ 35, ලසිත් අබේරත්න 25, ඉම්රාන් කාන් 4/35.
බ්ලූම්ෆීල්ඩ් – 177/9 (20): අදීශ නානායක්කාර 48 රමේශ් මෙන්ඩිස් 45, ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ලක්ෂාන් සඳකැන් 4/18, ලහිරු ගමගේ 2/27.
කෝල්ට්ස් හා ගාලු ක්‍රිකට් සමාජය
කෝල්ට්ස් – 197/5 (20): සහන් ආරච්චිගේ 66*, දිල්රුවන් පෙරේරා 62, රාජිත් ප්‍රියාන් 2/38
ගාලු ක්‍රිකට් සමාජය – 60 (12.4): ප්‍රභාත් ජයසූරිය 4/08, කවිශ්ක අංජුල 3/22.
කුරුණෑගල හා මුවර්ස්
කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 127 (19.4): චරිත් මෙන්ඩිස් 26, මලිත් කුරේ 24, නිලංක සඳකැන් 2/19, කෝසල කුලසේකර 2/19.
මුවර්ස් ක්‍රීඩා සමාජය – 128/7 (18.3): තිලක්ෂ සුමණසිරි 36, ඉරෝෂ් සමරසූරිය 21, චාමර සිල්වා 21, කල්හාන් සිනෙත් 3/25.
එන්. සී. සී හා පොලිස් ක්‍රීඩා සමාජය
එන්. සී. සී – 206/6 (20): නිරෝශන් දික්වැල්ල 60, දිනේශ් චන්දිමාල් 44, උපුල් තරංග 28, භානුක රාජපක්ෂ 24, බුද්ධික සංජීව 2/45.
පොලිස් ක්‍රීඩා සමාජය – 167/7 (20): මහේෂ් ප්‍රියදර්ශන 61, සමිත් දුශ්ශන්ත 50, ලසිත් මාලිංග 3/31, චතුරංග ද සිල්වා 2/38.
කළුතර නගර ක්‍රිකට් සමාජය හා රාගම
කළුතර නගර ක්‍රිකට් සමාජය – 54 (19.4) : නිශාන් පීරිස් 4/03, අමිල අපොන්සු 2/06, කුශාන් වීරක්කොඩි 2/09.
රාගම ක්‍රිකට් සමාජය – 58/3 (10.1): ශෙහාන් ප්‍රනාන්දු 22.
මීගමුව හා සැරසන්ස්
මීගමුව ක්‍රිකට් සමාජය – 143 (19.5): ඩිලාසිරි ලොකුබණ්ඩාර 30, ලසිත් කෘෘස්පුල්ලේ 34, සචින් දල්පදාතු 23, ඇන්ඩි සොලමන්ස් 3/23, චතුර රන්දුනු 3/21
සැරසන්ස් ක්‍රීඩා සමාජය – 148/2 (18.2): ඇන්ඩි සොලමන්ස් 60, රුවිඳු ගුණසේකර 54*.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<