ලෝඩ්ස් ගැටුමට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Sri Lanka Tour of England 2024

3
Sri Lanka Playing xi named for england lord's

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වන කණ්ඩායමෙන් කුසල් මෙන්ඩිස් ඉවත් කර තිබීම විශේෂත්වයක්. කුසල් වෙනුවට පැතුම් නිස්සංක හෙට (29) තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

එමෙන්ම පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ විශ්ව ප්‍රනාන්දු වෙනුවට ලහිරු කුමාර සංචිතයට කැඳවා ඇති අතර, ඔහු සතු අමතර වේගයෙන් යම් සහයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම; 

දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක  

දෙරට අතර ටෙස්ට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<