එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Sri Lanka Tour of England 2024

1
Sri lanka playing xi named for 1st test against england

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

හෙට (21) එංගලන්තයේ Old Trafford හිදි ආරම්භ වීමට නියමිත තරගය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක හෙට දිනයේ දී ටෙස්ට් වරම් ලබා ගැනීමට නියමිතයි.

තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම; 

දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක  

තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට සවස 3.30ට ආරම්භ වනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<