2022 වසරේ දී පැවැත්වීමට නියමිත IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ් සඳහා ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් 590ක් සුදුසුකම් ලබා සිටිනවා.
15 වැනි වරටත් පැවැත්වීමට නියමිත මෙවර IPL තරගාවලිය සඳහා ඉන්දියාව මෙන්ම ලොව පුරා සිටි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවනවා.
- නැවත දුන් නායකත්වය Mehidy Hasan ප්රතික්ෂේප කරයි
- ඉන්දු-පාකිස්තාන ද්වන්ද සටනකට PCBයෙන් නව යෝජනාවක්
- ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකුට කොරෝනා!
- Jason Holder ඉතිහාසය අලුත් කරද්දී කොදෙව්වන් තරගාවලිය ජය ගනී
- වෙල්ලාලගේ ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ අවසන් තරගයට
මෙම ක්‍රීඩකයින් 590 දෙනා අතරින් ක්‍රීඩකයින් 228ක් සිය රටේ ජාතික කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 355 දෙනා මේ වන තෙක් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට වරම් දිනා නොමැති ක්‍රීඩකයින්. මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 23 දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දීය ක්‍රීඩකයින් 370කට අමතරව විදෙස් ක්‍රීඩකයින් 220ක් වෙන්දේසියේ දී අලෙවි වීමට නියමිතයි.
වෙන්දේසිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්.
ක්‍රීඩකයා | අවම වටිනාකම (ඉන්දීය රුපියල් Lakh) |
Wanindu Hasaranga | 100 |
Dushmantha Chameera | 50 |
Maheesh Theekshana | 50 |
Charith Asalanka | 50 |
Niroshan Dickwella | 50 |
Kusal Mendis | 50 |
Kusal Perera | 50 |
Akila Dhananjaya | 50 |
Bhanuka Rajapaksa | 50 |
Matheesha Pathirana | 20 |
Avishka Fernando | 50 |
Pathum Nissanka | 50 |
Chamika Karunaratne | 50 |
Dasun Shanaka | 50 |
Kevin Koththigoda | 20 |
Thisara Perera | 50 |
Lahiru Kumara | 50 |
Isuru Udana | 50 |
Nuwan Thushara | 50 |
Danushka Gunathilaka | 50 |
Dhananjaya Lakshan | 50 |
Seekkuge Prasanna | 50 |
Dunith Wellalage | 20 |
>> සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව සඳහා පිවිසෙන්න.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<