ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව Sunday Times විසින් වාර්තා කරනවා.
ලබන මස 2 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කලකට පසුව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත් වී තිබෙනවා. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද මෙම සංචිතයට එක් කිරීම මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බළඇණිය තවත් ශක්තිමත් කිරීම අරමුණ වී ඇති බව අනුමාන කළ හැකි.
මේ අතර කලක පටන් ම ආබාධයකින් පීඩා විඳිමින් සිටි දුශ්මන්ත චමීර සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබමින් නැවත කණ්ඩායමත් සමඟ එක් වී තිබෙනවා. නමුත් තවමත් සිය ආබාධවලින් සම්පූර්ණ සුවය ලබා නොමැති කුසල් ජනිත් පෙරේරා හට සංචිතයේ ඉඩක් හිමි වී නැහැ.
එමෙන්ම මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ වනිඳු හසරංගගේ නම ද මෙම සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස ඇතුළත් කර තිබෙනවා. ඔහු සිය ආබාධය සුව වීමෙන් පසු තරගාවලියේ තරග එකක් හෝ දෙකක් ක්‍රීඩා කරනු ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.
මේ අතර වසර 4කට පෙර අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ සදීර සමරවික්‍රමගේ නම ද මෙම සංචිතයට ඇතුළත් වී ඇති අතර, මෙවර IPL තරගාවලියේ දී Chennai Super Kings නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් පෙන්වීමට සමත් වූ මතීෂ පතිරණගේ නම ද සංචිතයට එක් කර තිබෙනවා.
- මල්ෂ, තරංග, විනුෂ්ක සහ සොනාල්ගෙන් වැඩි දස්කම්
- ආසියානු කුසලානය ගැන තීරණය මැයි 28 වැනිදා
- තරග පවා දීමේ චෝදනාව ලැබූ කොදෙව් ක්‍රීඩකයාට තහනමක්
- දසුන්ට වැඩ වැරදෙද්දී ගිල්ගේ ශතකය බැංගලෝරය ගෙදර යවයි!
- ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ කාලසටහන නිකුත් කරයි
නමුත් නිමා වූ තරගාවලිවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාධනීය දස්කම් පාමින් නැගීඑන ක්‍රීඩකයින් ලෙස කැපී පෙනුණු නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ශාන් මදුශංක සහ අශේන් බණ්ඩාර යන අයගේ නම් මෙම සංචිතයට ඇතුළත් වී නැහැ.
තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශාන් හේමන්ත, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර, කසුන් රාජිත
තරගාවලියට සහභාගී වීමට නියමිත ඇෆ්ගනිස්තානය සංචිතය;
Hashmatullah Shahidi (නායක), Rahmat Shah (උප නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhail, Azmatullah Omarzai, Rashid Khan, Mujib ur Rahman, Noor Ahmad, Abdul Rahman, Fazal Haq Farooqi, Farid Ahmad Malik
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ සියලු තරග (ජුනි 2, 4 සහ 7 යන දිනවල) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම නම් කළ ශ්‍රී ලංකා සංචිතය හෙට (29) හම්බන්තොට බලා පිටත් ව යාමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<