ඩුබායි හිදි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩකයින් පදක්කම් 06ක් දිනයි!

World Para Athletics Dubai Grand Prix 2025

1
World Para Athletics Dubai Grand Prix 2025

ලෝක පැරා මලල ක්‍රීඩා Grand Prix 2025 ඩුබායි අදියර අද (13) දිනයෙන් නිමාවට පත් වුනේ ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක් ද ඇතුළුව සමස්ත පදක්කම් හයක් හිමි කර දෙමිනුයි.

මෙහි දී F64 පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ සමිත දුලාන් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, F44 පිරිමි යගුලිය විසිකිරීම සහ කවපෙත්ත විසිකිරීම ඉසව් ද්විත්වයේම රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට පාලිත බණ්ඩාර විසින් සමත් වුනා.

මේ අතර T44 කාණ්ඩය නියෝජනය කරන නුවන් ඉන්දික විසින් දුර පැනීම සහ මීටර් 100 ඉසව් ද්විත්වයෙන්ම රිදී පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර T46 පිරිමි මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි විසින් එම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තුළ රන් පදක්කම් සහ රිදී පදක්කම් ත්‍රිත්වය බැගින් සමස්ත පදක්කම් 06ක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<