ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ඊයේ (23) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.
මීට පෙර නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කල අවස්ථාවේ පැවැත්වුණු එක්දින තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් වන සදීර සමරවික්‍රම, කුසල් පෙරේරා සහ ඩිල්ශාන් මදුශංක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ එශාන් මාලිංග මෙම සංචිතයට කැඳවීමට තීරණය කර තිබීම විශේෂත්වයක්.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, ජෙෆ්‍රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ලහිරු කුමාර, එශාන් මාලිංග
දෙරට අතර එක්දින තරගාවලිය එළඹෙන ජනවාරි 05, 08 සහ 11 යන දින වල දී ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<